Thursday, August 18, 2016

පොල් සහ අපේ ආහාර රටාව

මේ මාතෘකාව අලුත් දෙයක් නෙවෙයි තමයි.මේ කියන්ඩ යන කරුණුත් අලුත් දේවල් නෙවෙයි.ඒත් මේ පාරම්පරික දැනුම සමාජයෙන් ගිලිහිලා තියන බව පේන නිසා ලියන්න හිතුවා.මේ විස්තර ටික අපිටත් කියල දුන්නෙ ඇල්ලියද්දේ දයාරත්න වෙදමහත්තයා.දැනට මහනුවර - වලල ප්‍රදේශයේ තමයි මෙතුමා පදිංචිව සිටින්නෙ.

පොල් කියන්නෙ කප් රුක කියලනෙ කියන්නෙ.මේ කුලයෙ වර්ග ගොඩක් එහෙමත් තියනව.පොල් වලට අමතරව,තැඹිලි,කුන්දිරා,නවසි වගේ වර්ග.තැඹිලි ගත්තමත් සාමාන්‍ය තැඹිලි වලට අමතරව රන් තැඹිලි සහ ගොන් තැඹිලි කියලත් වර්ග 2ක් තියනව. මීටත් අමතරව පොදුවේ භාවිතා නොවන වර්ග ගොඩක් තියනව.මෙතනින් වැඩි විස්තර බලාගන්න පුළුවන්.



ඒත් මට විශේෂයෙන් ඕන වුනේ සාමාන්‍ය පොල් ගැන කියන්න.මොකද ගෙදර දොර වැඩි භාවිතය මේ පොල්නෙ.පොල් ගෙඩියකට අවස්ථා 3ක් තියනව උපතේ සිට විපත දක්වා.විපත කියල කිව්වෙ ස්වාභාවික ජීවන රටාවෙන් අවසන් වෙලා නැවත පොල් පැලයක් ඒ පොල් ගෙඩියෙන් හැදෙන අවස්ථාව.ඒක පොල් ගෙඩියේ විපත.පොල් ගසේ උපත.

ඉතින් මේ අවස්ථා 3 තමයි,
1.මල් අවස්ථාව
2.ළපටි අවස්ථාව
3.පොල් අවස්ථාව

මේ අවස්ථාවන් නැවත අවස්ථා 3 බැගින් බෙදෙනවා.ඒ,
1-1 ළපටි පොල් මල
1-2 මෝරපු පොල් මල
1-3 විසිරුණු පොල් මල

2-1 ඇට්ටි
2-2 කලටි
2-3 කුරුම්බා

3-1 තුන් ඉරි පොල්
3-2 පැහුණු පොල්
3-3 වියළි පොල්


ඉතින් මේ අවස්ථා 9න්ම විවිධ ප්‍රයෝජන තමයි තියෙන්නෙ.ඒකට හේතුව විවිධ අවස්ථාවන්ට ආවේණික ගුණ තිබීම.

උදාහරණයකට, ළපටි පොල් හෝ තැඹිලි මල් සීනිත් එක්ක කොටල කන දෙනව යාපල වගේ දෙයක් කැවිලා අසීමිත ලෙස බඩ බුරුලෙන් මළපහ වෙනවනම්.ඒකට මෝරපු පොල් මලක් ගන්ඩ බෑ.මෝරපු මල් තමා රා මදින්න ගන්නෙ. ඇට්ටි,කලටි එහෙමත් බෙහෙත් වලට ගන්නව.
මෝරපු පොල් මල,විසිරුණු පොල් මල,ඇට්ටි,කලටි
ඉතින් අපි කථාකරන්නෙ ආහාර ගැන නිසා 3 වන අවස්ථාව ගැන තමා වැඩි අවධානයක් යොමු කරන්නෙ.ඒ කියන්නෙ පොල් අවස්ථාව.මං කිව්වා වගේ පොල් ගෙඩියෙ අවස්ථා 3නෙ.මේකෙන් එදිනෙදා ආහාරයට සුදුසු මුල් අවස්ථාව විතරයි.ඒකට හේතුව තමයි වියළි පොල් වල තෙල් ගතිය අධික වීම සහ හොඳින් පැහුණු පොල් වල තෙල් ඉපැද්දවීමේ හැකියාව.මෙතෙන්දි මං විශේෂයෙන් කියන්න ඕන පොල් වලින් හැදෙන තෙල් නරක දෙයක් නෙවෙයි කියන එක.නමුත් තෙල් සමඟ ඒකාබද්ධව තියන බෝ නොවන රෝග,ඒ කියන්නෙ,හදවත් රෝග,කොලස්ටරෝල්,අම්ල පිත්තය වගේ රෝග පොල් තෙල් හෝ ඕනෑම තෙල් වර්ගයක් නිසා වර්ධනය වීමේ අවදානම.

ඒත් ඉස්සර අපේ රටේ පොල් තෙල් කෑවනෙ.නේද? ඔව්.නමුත් ඉස්සර මිනිස්සු අපට වඩා ගොඩාක් ඇඟ මහන්සි කරා.මුළු දවස පුරාම ස්ත්‍රී,පුරුෂ දෙපක්ෂයම.ඒ නිසා මේ තෙල් භාවිතය ගැටලුවක් වුනේ නෑ.අද වුනත් ශරීරය ක්‍රියාශීලීනම්,මත්පැන් භාවිතයෙන් තොරයි නම් මේ බෝ නොවන රෝග වැළදුනොත් ඒ බොහෝම කලාතුරකින් කෙනෙකුට.
හොඳයි, මන් ඊට කලින් කියල ඉන්නම්කො ඉස්සර ගෙවල්වල කොහොමද පොල් තෙල් හදාගත්තෙ කියල.හැම ගෙදරකම සෙක්කුවක් නෑනෙ පොල් තෙල් හිඳින්න.

ඒ කාලෙ කරේ හොදට පැහුණු පොල් අරන් ගාල,කිරි මිරිකල,ලිපේ තියල හැඳි ගගා නටවනව.එතකොට මන්ඩියක් යටට මිදිල තෙල් උඩට මතු වෙනව.මේකට පැහුණු පොල් පාවිච්චි කලොත් පිරිසිදු සුදු පැහැති තෙලක් තමයි ලැබෙන්නෙ.අද ඒ පොල් තෙල virgin coconut oil කියල තමයි හඳුන්වන්නෙ.වියළි පොල් ගත්තොත් තද කහපාට තෙලක් තමයි ලැබෙන්නෙ.මේක ටිකක් බරපතලයි.මේදයේ සංතෘප්ත ගතිය වැඩියි.ඉතින් අද වෛද්‍යවරු කියන්නෙත් මෙ virgin coconut oil පාවිච්චි කරන්න කියල.ඒත් ශරීරය මහන්සි වෙනව අඩුයිනම් ඒක වුනත් වැඩිපුර භාවිතය හොඳ නෑ.
 ඉතින් අපි හොඳට පැහුණු පොල් ගාල,කිරි මිරිකල හොද්දකට දාල හැඳිගෑවම මොකද වෙන්නෙ.හොද්දට තෙල් නොදාම හොද්දෙම තෙල් හැදෙනව.වියළි පොල් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.

ඒක නිසා තමයි ඉස්සර තෙල් අගුණ අයට තුන් ඉරි පොල් කියන එක කෑමට යොදාගන කෑම හැදුවෙ.ඒකට හේතුව, මේ තුන් ඉරි පොල් වලට බෑ තෙල් උපද්දවන්න.ඒ හැකියව එන්න තරම් මේ පොල් ගෙඩිය මෝරල නෑ.

කොහොමද මේ තුන් ඉරි පොල් තෝරගන්නෙ? නමින්ම කියවෙනව වගේ පොල් ගෙඩියෙ දාර 3 හොඳ තියුණුවට අතට අහුවෙනව මේ පොල් වල.අනික් එක තමයි වතුර හෙල්ලුනත් ගොඩාක් හෙල්ලෙන්නෙ නෑ පැහුණු පොල් වල වගේ.පොල් ගෙඩියෙ ඇතුලෙ වතුර ප්‍රමාණය වැඩී හිස් ඉඩ ප්‍රමාණෙට වඩා. (වතුර හෙලවෙන්නෙ හිස් ඉඩකුත් තියන නිසානෙ.හිස් ඉඩක් නැත්නම් වතුර හෙලවෙන සද්දෙ එන්නෙ නෑ. කුරුම්බා වල වගේ. කුරුම්බ වල ඇතුලෙ හිස් ඉඩක් නෑ.සම්පූර්ණයෙන්ම වතුරෙන් පිරිල තියෙන්නෙ)



ඒ වගේම පොඩ්ඩක් ලපටි ගතියකුත් පේනව.ඉතින් බොහෝ අය මේ පොල් කන්ඩ කැමති නෑ, කිරි ගතියත් ටිකක් අඩු නිසා.ඒත් ඉතින් සෞඛ්‍යාරක්ෂාව ගැන හිතනවනම් වතුර හෙල්ලෙන්නෙ කොහොමද බලල, දාර අහුවෙනවද බලල මේ තුන් ඉරි පොල් තෝරලම කෑමට ගන්න එක තමයි වඩාත්ම හොඳ.

Images from with thanks: http://pngimg.com/img/fruits/coconut, http://bahiaaxebahia.blogspot.com

3 comments:

  1. නියම ලිපියක්. බඩගිනි නොවුණත් පුරුද්දට වගේ එක තැන වාඩිවෙලා දවල්ට තඩි බත් ගෙඩියක් ගිලින කාර්යාල සේවකයන්ට පොල් කිරි එක්ක් ගනුදෙනු කරන විදිහ මේකෙන් හොඳට දැනගන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි රන්දුලා ..............!!!

    ReplyDelete
  3. good ideas plz kurummba atti wala benifit danaganna kematie

    ReplyDelete

You May Also Like

  • ඉන්ධන කෝෂ විද්‍යුත් රථ (හයිබ්‍රිඩ් කාර්, විද්‍යුත් කාර් සහ ඉන්පසු...)
     කාල් බෙන්ස් විසින් 1886 ප්‍රථම අභ්‍යන්තර දහන එන්ජින් ( Internal Combustion Engine) සහිත…
  • ත්‍රිපිටකය නොමිලේ සිංහලෙන් කියවමු
    "මාගේ මේ ශ්‍රි සද්ධර්මය බබළන්නේ විවෘත වූ විටය. ආවරණය වූ විට නොවේ"ශ්‍රී ගෞතම සම්මා…
  • පොතක් කෙටියෙන් - The Alchemist
    Book Cover "The Alchemist" එහෙමත් නැත්නම් "රසායනඥයා" ලෙස නම් කල මේ කෘතිය ලෝකයේ වැඩිම පිටපත්…
  • දිලිසෙන දේවල් එකතු කිරීම.
    පොල්කිච්චන් සහ කවුඩු පනික්කියන් යනු දිලිසෙන දේවල් එකතු කිරීමට ඉතාම කැමති කුරුල්ලන් දෙදෙනෙකි.…
  • නෑම සහ එහි සෞඛ්‍ය ප්‍රයෝජන
    මේ විස්තරයද දේශීය වෛද්‍යාචාර්ය ඇල්ලියද්දේ දයාරත්න වෙදමහතාගෙන් දැනගත් තොරතුරු සහ තවත් අන්තර්ජාල…
  • ජංගම දුරකතනයෙන් Hi-Fi සිංදු අහමුද?
    YAMAHA Multicast Hi Fi Music System ජංගම දුරකතනයෙන් සිංදු අහන එක අළුත් දෙයක් නෙවෙයි. අපි හැමෝම…
  • පාපිස්සක් වගේ ......
    “මහණෙනි, ශාරීපුත්‍ර මොග්ගල්ලායනයන් සේවනය කරව්. මහණෙනි, ශාරීපුත්‍ර මොග්ගල්ලානයන් භජනය කරව්.…
  • පෙනහළු පිළිකා හඳුනාගැනීමට ඉතාම ලාභදායී ක්‍රමවේදයක්
    පෙනහළු පිළිකා යනු අප රටට ආගන්තුක මාතෘකාවක් නොවෙයි. මේ පිලිබඳව විවිධ සාකච්ඡා මෙන්ම දැනුවත්කිරීමේ…
  • NASA එකේ RAMA ව්‍යාපෘතිය
    NASA ආයතනයේ අරමුදලින් Made In Space නම් වූ ආයතනය මඟින් ආරම්භ කරන ලද නවතම අහ්‍යාවකාශ ව්‍යාපෘතිය…
  • පෞරුෂත්වය විනිශ්චයට කරුණු 9ක්
    රැකියාවකදී වන වෘත්තීය හමවක් වේවා, සමාජීයව සිදු වන හමුවීමක් හෝ වේවා දෙදෙනෙක් ප්‍රථම වරට හමුවූ…
  • පින සහ කුසලය
    නිතර නිතර මතු වන ප්‍රශ්ණයක් නිසාම මෙ ගැන පෝස්ට් එකක් ලියන්ඩ හිතුවෙ.මොකක්ද පින කියන්නෙ? ඒක…
  • නුදුරේදීම මහාමාර්ගයට එකවන රියදුරන් රහිත රථ
    ගූගල් ආයතනය (Google Inc) 2009 වසරේ ආරම්භ කළ රියදුරෙක් නොමැතිව නො එසේනම් තනියම ගමන්කල හැකි වාහනයක්…
  • පුණ්‍ය ක්‍රියා -1  (දානය)
    පෙර ලිපියෙන් පින සහ කුසලය පිළිබඳව හැදින්වීමක් සිදුකරන ලද අතර දස පුණ්‍ය ක්‍රියා වලට අයත් දානය…
  • වර්ථමාන වෙළඳ සමාජය සහ ආහාර
    ඕනෑම සමාජයක ඊටම ආවේණික වූ මූලික අවශ්‍යතා ඇත.නමුත් ආහාර,නිවාස සහ ඖෂධ ඒ අතරින් ප්‍රධානය.අතීතයේ සිට…
  • රැම්බෝ
    p { margin-bottom: 0.1in; line-height: 120%; }a:link { } කර්නල් සැමුවෙල් ට්‍රවුට්මන්: "මේ…

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...