Tuesday, August 9, 2016

කාලය

නිතර සාකච්ඡාවට භාජනය වන කාලය වැනි මාතෘකාවක කිසිම නැවුම් බවක් නැහැ තමයි. ඒත් කාලය ගැන බුදු දහමෙන් කියල දෙන කරුණු කීපයක් හම්බවුනු නිසා ඒ ටික සටහන් කරන්ඩ හිතුනා.

බුදුරජාණන් වහන්සේ කාලය ගැන දේශනා කරපු ප්‍රධානම කරුණ අපි හැමෝම දන්න දේශනා පාඨයක්. ඒ තමා "අප්පමදෝ අමතපදං" කියන ධම්මපද ගාථාව. තවත් තැනක බුදුරජානන්වහන්සේ දෙශණා කලා "මේ මුළු සද්ධර්මයම එකම වචනයකට ගොනු කරන්න පුලුවන්. ඒ තමයි අප්‍රමාදය" කියලා. ඒ කියන්නෙ, මේ දැන්, මේ මොහොතෙම කියන එක.



ඒ කියන්නෙ මේ මොහොතෙම ධර්මය පුරුද්දු කරන්ඩ ඕන කියන එක. නැත්නම් කාලයක් නෑ කියන එක.

ඊළඟට උන්වහන්සේ පංච උපාදානස්කන්ධ ගැන කියල දෙන කොට ස්කන්ධ කියන්නෙ මොකක්ද කියල මෙහෙම පැහැදිලි කරනව.

"අතීතයේ පැවතුනා වූ හෝ වර්ථමානයේ පවතින්නා වූ හෝ අනාගතයේ පවතින (තවම හට නොගත්), ළඟ හෝ දුර, සියුම් හෝ ගොරෝසු, ප්‍රණීත හෝ නීරස, තමාගේ යයි සලකන හෝ තමාගේ යයි නොසලකන" කියන සියල්ලම ස්කන්ධ වලට අයිතියි.

එතකොට පැහැදිලි වෙනව උන්වහන්සේගේ ආකල්පය කාලය ගැන. ඒ කියන්නෙ,

1. අතීතය කියල යමක් කතා කරනවද ඒ සියල්ල සිද්ධ වෙලා අවසානයි.
2.අනාගතය කියල යමක් කතා කරනවද ඒ සියල්ල සිද්ධ වෙලා නෑ තවම.

ඒ නිසා,

1. අතීතය ගැන පසුතැවීම ප්‍රයෝජනයක් නෑ. සිද්ධ වෙලා අවසාන නිසා.
2. අනාගතය ගැන අපේක්ෂා තබාගැනීමත් ප්‍රයෝජනයක් නෑ. සිද්ධ වෙලා නැති නිසා.

ඒ නිසා වඩා වැදගත් අපි ජීවත්වෙන මේ මොහොතයි.මේ මොහොත තමයි ජීවිතේ කියන්නෙ. අනික් සියලුම දේවල් හිතේ හැදුනු දේවල්.අතීත මතක සහ අනාගත බලපොරොත්තු හැමදේම.ඒ නිසයි අප්‍රමාදය කියලා කියන්නෙ. මේ මොහොතේ නිවැරදිම දේ කරන්න කියන්නෙ.
නිවැරදිම දේ කියන්නෙ ඉතින් කුශලයනෙ. පින් සහ කුසල් ගැන වෙනම මාතෘකාවකින් කතකරන්ඩ ඕන.

එතකොට ධර්මයේ හැටියටනම් කාලය විවිධ ආකාරයෙන් කථා කලත්, වැදගත්ම කාලය තමයි මේ මොහොත.

මේ විදිහට මොහොතින් මොහොත ගෙවිල යන කාලය, විවිධ ඒකක වලින් මනින්ඩ පුළුවන්. ඒ විදිහට වර්ෂ වලින් කාලය ගැන කියද්දි ලොකෙන් ලොකෙට කාලය සාපේක්ෂව වෙනස් කියලත් කියල දීල තියනව, දුතිය විශාකා උපෝසත සූත්‍රයේදි. අංගුත්තර නිකායෙ අට්ඨක නිපාතයෙ උපෝසථ වග්ගයෙ සදහන් වන සුත්‍ර දේශණාවක්.

ඒ ගැනත් වෙනම පොස්ට් එකක් ලියන්ඩ වෙනව. නැත්නම් ගොඩක් දීර්ඝ වෙනව මේ පොස්ට් එක.

වැඩි විස්තර මේ වෙබ් අඩවියෙන් බලගන්නත් පුලුවන්.

www.pitaka.lk

Image From : http://www.vox.com/2015/11/1/9640018/daylight-saving-time-year-round

No comments:

Post a Comment

You May Also Like

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...