Monday, August 15, 2016

අලුත්ම අන්තර්ජාලය (Internet of Things)

අන්තර්ජාලය කියන්නෙ මොකක්ද කියල හැමෝම දන්නවනෙ.මේ කියන්න යන්නෙ ඒ අපි දන්න අන්තර්ජාලයේ තවත් පැතිකඩක් පිලිබඳව. පරිඝණක අතර ජාලයක් තමයි මේ අපි පාවිච්චි කරන අන්තර්ජාලය.ඒකෙ දිගුවක් විදිහට තමයි, එහෙමත් නැත්නම් තවත් පියවරක් තමයි එහෙමත් නැත්නම් තවත් නව කොටසක් තමයි දේවල් වල අන්තර්ජාලය (Internet of Things).කෙටියෙන් IoTකියන්නෙ.

ඒ කියන්නෙ මයික්‍රො ප්‍රොසෙසරයක් ඇති ඕනෑම උපකරණයක් අන්තර්ජාලයට සම්බන්ධ කිරීම.නවීන ඉලෙක්ට්‍රොනික් උපකරණ බොහොමයක මේ පහසුකම තියනව.නවීන කාර් ඇතුළු රථ වාහන,ශීතකරණ,රෙදි සෝදන යන්ත්‍ර,රූපවාහිනී යන්ත්‍ර,කෝපි යන්ත්‍ර,විදුලි ලාම්පු වල පවා මේ පහසුකම තියනව.මේ සියල්ල අන්තර්ජාලයට සම්බන්ධ කලාම ලැබෙන ජාලයට තමයි දේවල් වල අන්තර්ජාලය කියල කියන්නෙ.



මේ සංකල්පයෙන් තමයි ජංගම දුරකථන, ටැබ්ලෙට් ආදී සියල්ල පරිඝණක ජාල තාක්ෂණය උපයෝගී කරගෙන අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නෙ.Wi-Fi තාක්ෂණය මේවට ලැබෙන්නෙ IoT ක්‍රමවේදයෙන්.

මේ තාක්ෂණය 2013 වර්ෂයේ තමයි ජාත්‍යන්තර ප්‍රමිතිකරණය කරනු ලැබුවෙ.නමුත් සංකල්පයක් විදිහටම 1994 තරම් ඈතට දිවයන සංකල්පයක්.කොහොම උනත් මේ පැරණි සංකල්පය ගැන කතාකරන්න හිතුනෙ මේ වසර වනවිට මතු වෙලා තියන අලුත්ම ප්‍රශ්ණයක් නිසා.ඒ තමයි ආරක්ෂාව.

අද වන විට බුද්ධි උපාංග (Smart Devices) සහ පද්ධති (Smart Systems) බොහොමයක් IoT හා සම්බන්ධයි.හේතුව බුද්ධි උපාංග සහ පද්ධති බොහොමයක් අද වන විට සාමාන්‍ය ජනතාව විසින් භාවිතා කිරීම.විශේෂයෙන් ප්‍රවාහනය,නිවාස සහ සෞඛ්‍ය කියන ක්ෂෙත්‍ර අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙලා අවසන්.බුද්ධිමත් කාර්(Smart Car), නිවාස(Smart Home) සහ සෞඛ්‍ය උපකරණ භාවිතය අද බොහෝ සාමාන්‍යකරණය වෙමින් පවතිනව.

2016 වර්ෂයේ අග වන විට උපාංග බිලියන 6.5ක් (6,500,000,000) IoT වෙත සම්බන්ධ වෙයි කියල ගණන් බලල තියනව. 2020 වර්ෂයේ අග වන විට බිලියන 20ක් (20,800,000,000) පමණ අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙයි කියල බලාපොරොත්තු වෙනව. එතකොට පේනවා නේද මේක කොච්චර ලොකු ජාලයක්ද කියල.උපකරණ අති විශාල සංඛ්‍යාවක්.

ලෝකයේ ඉතාම ආරක්ෂිත යැයි සැලකෙන NASA,CIA,FBI,MI6,MI5,SIS ආදී ආයතනයන් වල පරිඝණක පද්ධති පවා හැකර් ප්‍රහාර වලට ලක්ව අනාරක්ෂිත වන වටපිටාවක, කාර් එකක, එහෙමත් නැත්නම් නිවසක පාලන පද්ධතියක ආරක්ෂක ක්‍රම මඟහැර හැකර් පාලනයකට හෝ හැකර් වරයෙකුට මුදල් ගෙවන්නෙකුගේ පාලනයට නතුවීම විය නොහැක්කක් නෙවෙයිනෙ.

ඉතින් ආරක්ෂාව ගැන සැලකිලිමත් විය යුතුමයිනෙ.අන්තර්ජාතික තාක්ෂණික ආයතන බොහොමයක් මේ සම්බන්ධයෙන් බොහොම වෙහෙස මහන්සි වෙලා කටයුතු කරනව.

IBM,Microsoft,Bitcoin Foundation,Amazon ඇතුළු තවත් බොහෝ ආයතන එක්ව IoT ආරක්ෂාව පිළිබඳ සමුළුවක් පවා පවත්වනව.මේ වසරේ එය පැවැත්වෙන්නෙ ඔක්තෝබර් 17-19 දින වල ඇමෙරිකාවෙ බොස්ටන් නගරයේ.වැඩි විස්තර මෙතැනින් බලන්නත් පුළුවන්. 

ඉතින් මේ ආරක්ෂාව පිළිබඳව කරන පර්යේෂණ අතරතුරෙදි අපට උපදෙස් දෙන්නෙ විශේෂයෙන්ම උපදෙස් 2ක් පිළිපදින්න කියල.

ජංගම දුරකථන ඇතුළු උපකරණ වල,

1.නිෂ්පාදනයේදී ඇතුලත් කර ඇති කිසිම ආරක්ෂක ආරක්ෂක සැකසුමක් (Security Settings) හෝ විකල්පයක්(Options) අක්‍රීය කරන්න හෝ වෙනස් කරන්න එපා.

2.ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය (Operating System) සහ අනෙක් මෘදුකාංග (Softwares & Apps) නිතරම යාවත්කාලීනව තියාගන්න.

අපි බලමු මෙවර සමුළුවෙදි මොනවද වෙන්නෙ කියල.

Image From with Thanks: http://www.huffingtonpost.com/sam-cohen/internet-of-things-as-the_b_10937956.html

No comments:

Post a Comment

You May Also Like

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...