Friday, August 19, 2016

දියුණුවේ රන් දොරටු

ව්‍යග්ගපජ්ජ සුත්‍රය තමයි අද විස්තර කරල දෙන්න හිතුවෙ.නිතරම පොත්පත් පවා ලියවී ඇති මේ දියුණුවේ රන් දොරටු කියන මාතෘකාව ගැන පෝස්ට් එකක් දාන්න හිතුනෙ,ඒ ගැන කියවපු හැම පොතක්ම වගේ,ලිපියක්ම වගේ සූත්‍ර පිටකයේ, අට්ඨක නිපාතයේ, ගෝතමී වග්ගයේ සඳහන් වෙන මේ සුත්‍රය ඇසුරෙන් සකස්කර තිබුනු බව පෙනුනත් සූත්‍ර දේශණාවෙ කරුණු ඒ විදිහටම පැහැදිලි කිරීම වටිනව කියන අදහසින්.මොකද අපේ වචන වල ඇති වැදගත්කමක් නෑනෙ ධර්මය පැත්තෙන් ගත්තම.බුදුපියාණන් වහන්සේගේ වචන වල තමයි සැබෑම වටිනාකම තියෙන්නෙ.අපේ සුභසිද්ධිය උදෙසාම ඒ වචන පෙළගස්වලා තියන නිසා.
දීඝජාණු කියන කෝලිය පුත්‍රයා බුදුපියාණන් වහන්සේගේන්,
’’ස්වාමීනී,ගිහිව පංච ඉන්ද්‍රියයන් පිනවමින් සතුටු වන අපි,දූ දරුවන්,නෑදෑ හිතමිතුරන්ගේ සමාගමයෙන් වාසය කරමු.වටිනා ඇඳුම් පැළඳුම් භාවිතා කරන්නෙමු.රන්,රිදී ආදියද මුදල්ද පරිහරනය කරනෙමු.එසේ වූ අපට මෙලොව යහපත පිණිසත්, පරලොව සැප පිණිසත් වන්න වූ ධර්මයක් දේශණා කරන සේක්වා.’’
කියල කරපු ඉල්ලීමට තමයි උන්වහන්සේ මේ දේශණාව සිදුකලේ.



මේ දේශණාවෙ ප්‍රධාන වශයෙන් කොටස් 2ක් සඳහන් වෙනව.ඒ තමයි මෙලොව ලෞකික දියුණුව සහ පරලොව දියුණුව.
මෙලොව ගැන සඳහන් කිරීමේදී දියුණුවට උදව් වන කලයුතු කරුණු 4ක් සහ නොකලයුතු කරුණු 4ක් සඳහන් වෙනව.

මෙලොව දියුණුව
කලයුතු එහෙමත් නැතන්ම් පුහුණු විය යුතු දේවල්.

1. උට්ඨානසම්පදා
- උත්සාහ සම්පත්තිය

තමන් කරන රැකියාව හෝ කර්මාන්තය හෝ සියළුම දේවල් පිලිබඳව උත්සාහය තියෙන්න ඕන.කොහොමද උත්සාහවත් වෙන්නෙ?.ඒකත් කරුණු 4කින් විස්තර වෙනව
  • දක්ඛො හොති - කරන කර්මාන්තයෙහි හෝ රැකියාවෙහි දක්ෂ වෙන්න ඕන.තමන් කරන දේ පිළිබඳව හොඳම දක්ෂයෙක් වෙන්න ඕන.ඒ පිළිබඳව ඉගෙනගන,පුහුණු වෙලා හොඳ දක්ෂතාවයක් ඇතිකර ගන්න ඕන.
  • අනලසො - අලස නොවෙන්න ඕන කොයි මොහොතකවත්,මොනම හේතුවකටවත්.නිතරම ජව සම්පන්නව,ක්‍රියාශීලී ප්‍රබෝධමත් මනසකින් යුතුව,කායික ක්‍රියාශීලීත්වයකින් ඉන්න ඕන හැම මොහොතකම.
  • තත්‍රුපායාය වීමංසාය සමන්නාගතො - උපායශීලී විමර්ශණ නුවණ තියෙන්න ඕන. ඒ කියන්නෙ නිර්මාණශීලී බවත් එක්ක එකතු වුනු අවස්ථානුකූලව විමසීමේ නුවණ සහ හැකියාව තියෙන්න ඕන.වැඩ කටයුතු කිරීමේදී ගැටළු සඳහා හොඳ විසඳුම් සොයන්න ඕන.නිර්මාණශීලීත්වය තුලින් දැකලා අලුත් දේවල් පිළිබඳ අත්හදා බලන්න ඕන.
  • අලං කාතුං අලං සංවිධාතුං - යමක් කරන්නෙද එය සංවිධානාත්මකව කරන්න ඕන.ඒ කියන්නෙ මනා කළමණාකාරීත්වයක් තියෙන්න ඕන.
2.ආරක්ඛසම්පදා - ආරක්ෂක සම්පත්තිය
උත්සහයෙන් හරිහම්බ කරගත් දේ ආරක්ෂා කරන්න ඕන.සොර සතුරන්ගෙන්,ස්වාභාවික විපත් වලින් ආරක්ෂා කරගන්න ඕන.ඒ වගේම නාස්ති නොකර,විනාශ නොකර සැලකිලිමත්ව රැකගන්ඩ ඕන.තමන් හරිහම්බ කරගත් දෙය විනාශයට යා හැකි දේවල් වලින් වැළකෙන්න ඕන.

3.කල්‍යාණමිත්තතා - කල්‍යාණ මිත්‍රතාවය
කල්‍යාණ මිත්‍රයන් සහිත වෙන්න ඕන.ඔවුන් සමග ආශ්‍රය කරන්න ඕන.කථාබහ කරන්න ඕන.සාකච්ඡාවන්ට යොමුවෙන්න ඕන.කල්‍යාණ මිත්‍රයා කියන්නෙ සසර භය ඇතිකරල දෙන කෙනානෙ.එයාගෙ ලක්ෂණ 4ක් තියනව.ඒ තමයි,
  1. සද්ධා සම්පන්නා - ශ්‍රද්ධාවෙන් යුක්තයි.
  2. සීල සම්පන්නා - මනා ශිලයෙන් යුක්තයි.
  3. චාග සම්පන්නා - දානය දීමෙහි යෙදුනෙක් විය යුතුයි.
  4. පඤ්ඤා සම්පන්නා - සද්ධර්මය පිලිබඳ මනා අවබෝධයෙන් ප්‍රඥා සම්පත්තියෙන් කටයුතු කරන්නෙක් වෙන්න ඕන.
 4.සමජීවිතා - සමබර ජීවිතය.
තමන්ගෙ ආදායම දැනගෙන වියදම් කරන්න ඕන.ඉතාම අඩුවෙන් වියදම් කරන්නෙත් නැතුව,ඉතාම අධිකව වියදම් කරන්නෙත් නැතුව,අවශ්‍ය වියදම් හඳුනාගෙන,ඒවා අවශ්‍යතාවයන් අනුව පෙළගස්වලා,මනාව කල්පනාවෙන් යුක්තව වියදම් කරන්න ඕන.

ඊලඟට කරුණු 4ක් තියනවා අනිවාර්යයෙන්ම වැලකිය යුතු.
  1. ඉත්ථිධුත්තො - ස්ත්‍රීන් ආශ්‍රයට ලොල් නොවෙන්න ඕන.ආශා නොකරන්න ඕන.
  2. සුරාධුත්තො - සුරාවට ආශ්‍රයට ලොල් නොවෙන්න ඕන.ආශා නොකරන්න ඕන.
  3. අක්ඛධුත්තො - සූදුවට ආශ්‍රයට ලොල් නොවෙන්න ඕන.ආශා නොකරන්න ඕන.
  4. පාපමිත්තො,පාපසහායො පාපසම්පවඞ්කො - පවට සහය දෙන,පවටම නැමී ඇති, පවට ලැජ්ජාව,භය නැති මිත්‍රපවට ලැජ්ජාව,භය නැති ආශ්‍රයට ලොල් නොවෙන්න ඕන.ආශා නොකරන්න ඕන.
මොකද මේ 4 තමයි භව භෝග විනාශ මුඛයට යන කරුණු 4.භෝග විනාශයට විතරක් නෙවෙයි,පරලොව විනාශයටත් හේතු වන කරුණු.

පරලොව සුගතිය පිණිස හේතු වන කරුණු 4කි.
  • සද්ධා සම්පදා - ශ්‍රද්ධාවෙන් යුක්තයි. ඒ කියන්නෙ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය ගැන මනා අවබෝධයකින් යුක්තව ගුණ හඳුනාගෙනම පැහැදිල ඉන්නෙ.ශ්‍රී සද්ධර්මය ගැනත් මනා අවබෝධයකින් යුක්තව ගුණ හඳුනාගෙනම පැහැදිල ඉන්නෙ.ආර්ය මහා සංඝරත්නය ගැනත් මනා අවබෝධයකින් යුක්තව ගුණ හඳුනාගෙනම පැහැදිල ඉන්නෙ.
  • සීල සම්පදා- මනා ශිලයෙන් යුක්තයි.ඉතාම කුඩා වරදෙහිත් භය දකිමින්,ඉතාම උවමනාවෙන් ශීලය පුරුදු කරන කෙනෙක් වෙන්න ඕන.
  • චාග සම්පදා - දානය දීමෙහි යෙදුනෙක් විය යුතුයි.දානයට කැමති,දන් දීමෙහි ඇළුණු,දන් දීමෙහි අනුහස් දන්නා කෙනෙක් විය යුතුයි.
  • පඤ්ඤා සම්පදා - සද්ධර්මය පිලිබඳ මනා අවබෝධයෙන් ප්‍රඥා සම්පත්තියෙන් කටයුතු කරන්නෙක් වෙන්න ඕන.
ඒ කියන්නෙ තමනුත් තමන්ගෙ කල්‍යාණ මිත්‍රයා වගේම, ඒ ගුණධර්ම පුරුදු පුහුණු වෙන්න ඕනෙ.ඉතින් මේ විදිහට ජීවිතය පුරුදු කරගෙන, දියුණු ජීවිතයක්  ගතකරන අතරම තමන්ගෙ දරු පරම්පරාවටත් පුරුදු පුහුණු කිරීම තමයි ලෞකික ජීවිතයක කල හැකි වැදගත්ම දේ.

මුළු සූත්‍ර දේශණයම මෙතනින් බලාගන්නත් පුළුවන්.
විශේෂ ස්තූතිය : www.pitaka.lk

Image from:http://lisalarter.com/the-path-to-success-is-paved-with-mistakes/

2 comments:

  1. කියෙව්වා. ඔබට බොහොම ස්තූතියි. යමක් ඉගෙනගත්තා. මගේ අනාගත පෝස්ට් එකක් මෙම පෝස්ට් එක ලින්ක් කරනවා. ව්‍යාපාරයක් කරන කෙනෙකුට දියුණුවීමට අවශ්‍ය දේ සියල්ල මේ සූත්‍රයේ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ව්‍යාපාරයක් විතරක් නෙවෙයි, රැකියාවක් කරන කෙනෙකුටත් මේ ක්‍රමවේදයමයි තියෙන්නෙ දියුණුවට. ඒ ගැනත් ලියමු නේද ඉයන් වෙලාවක?

      Delete

You May Also Like

  • පෞරුෂත්වය විනිශ්චයට කරුණු 9ක්
    රැකියාවකදී වන වෘත්තීය හමවක් වේවා, සමාජීයව සිදු වන හමුවීමක් හෝ වේවා දෙදෙනෙක් ප්‍රථම වරට හමුවූ…
  • පින සහ කුසලය
    නිතර නිතර මතු වන ප්‍රශ්ණයක් නිසාම මෙ ගැන පෝස්ට් එකක් ලියන්ඩ හිතුවෙ.මොකක්ද පින කියන්නෙ? ඒක…
  • පාපිස්සක් වගේ ......
    “මහණෙනි, ශාරීපුත්‍ර මොග්ගල්ලායනයන් සේවනය කරව්. මහණෙනි, ශාරීපුත්‍ර මොග්ගල්ලානයන් භජනය කරව්.…
  • ත්‍රිපිටකය නොමිලේ සිංහලෙන් කියවමු
    "මාගේ මේ ශ්‍රි සද්ධර්මය බබළන්නේ විවෘත වූ විටය. ආවරණය වූ විට නොවේ"ශ්‍රී ගෞතම සම්මා…
  • නුදුරේදීම මහාමාර්ගයට එකවන රියදුරන් රහිත රථ
    ගූගල් ආයතනය (Google Inc) 2009 වසරේ ආරම්භ කළ රියදුරෙක් නොමැතිව නො එසේනම් තනියම ගමන්කල හැකි වාහනයක්…
  • පොතක් කෙටියෙන් - The Alchemist
    Book Cover "The Alchemist" එහෙමත් නැත්නම් "රසායනඥයා" ලෙස නම් කල මේ කෘතිය ලෝකයේ වැඩිම පිටපත්…
  • කාලි
    කාලි යන නම ඇසූ පමණින්ම සිහියට නැගෙන කාලි දෙවඟන සහ කලියුගය පිළිබඳව බොහෝ දෙනා දන්නා බැවින් මේ…
  • නැකත
    ’’මහණෙනි, යම් සත්ත්‍ව කෙනෙක් පෙරවරු කාලයෙහි කයින් සුචරිතයෙහි හැසිරෙද්ද, වචනයෙන් සුචරිතයෙහි…
  • නෑම සහ එහි සෞඛ්‍ය ප්‍රයෝජන
    මේ විස්තරයද දේශීය වෛද්‍යාචාර්ය ඇල්ලියද්දේ දයාරත්න වෙදමහතාගෙන් දැනගත් තොරතුරු සහ තවත් අන්තර්ජාල…
  • නොමිලේ ඉංජිනියරින් ඉගෙන ගනිමුද?
    ඉන්දියාව තාක්ෂණය අතින් කෙතරම් ඉදිරියෙන් සිටින්නේදැයි අමුතුවෙන් කිව යුතු නොවේ. අපේ අසල්වාසියා…
  • ගීතය සහ සංගීතය
    සංගීත විෂය පිළිබඳ ගැඹුරු අවබෝධයක් හෝ දැනුමක් නොමැති සාමාන්‍ය රසිකයන් වන අප හට ගීතය, සංගීතයට වඩා…
  • වර්ථමාන වෙළඳ සමාජය සහ ආහාර
    ඕනෑම සමාජයක ඊටම ආවේණික වූ මූලික අවශ්‍යතා ඇත.නමුත් ආහාර,නිවාස සහ ඖෂධ ඒ අතරින් ප්‍රධානය.අතීතයේ සිට…
  • සම මතින් දත්ත සම්ප්‍රෙෂණය
    රැහැන් රහිතව වාතය හරහා ඉලෙක්ට්‍රොනික රහස් පද හෙවත් පාස්වර්ඩ් යවා අගුළු හැරීම නවීන මෝටර් රථ වල…
  • දහම්පාසල්  අධ්‍යාපනයේ ගුරුවරයාගේ භූමිකාව
    ගුරුවරයෙකු ප්‍රධාන වශයෙන් දක්ෂතා 2 කින් සමන්විය යුතුය යන්න මගේ හැඟීමයි. 1. තමන් උගන්වන විෂය…
  • Blizz
    Blizz or Bliss or Supreme Happinessකාලෙකින් පොස්ට් එකක් දාන්න බැරි වුණු නිසා කවියකින්ම පටන්ගන්න…

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...