Wednesday, August 10, 2016

නවතම ජංගම දුරකතන තිර අඟුළු ( screen lock ) ක්‍රමය

ජංගම දුරකතන ගැන කිවුවම තිර අඟුළු ( screen lock ) කියන්නෙ බොහෝ දෙනා දන්නා කරුණක්. විවිධ අඟුළු ක්‍රම දැනටමත් ලොකය පුරා සෑම ජංගම දුරකතන නිපැයුම් සමාගමක්ම භාවිතා කරන අතරම ඇඟිලි සලකුණු ක්‍රමය සහ මුහුණු හඳුනාගැනීමේ ක්‍රමය නවතම ක්‍රම ලෙස සැලකෙනව.

නමුත් මේ අවුරුද්දෙ ජනවාරි මාසෙ මැලේෂියාවේ ක්වාලාලම්පූර් නගරයේ  පැවති  'සන්නිවේදනය පිළිබඳව IEEE ජාත්‍යන්තර සමුළුවෙදි' ජංගම දුරකතන සඳහා වන නවතම ආරක්ෂක අගුළු ක්‍රමයක් හඳුන්වාදීල තියනව.බ්‍රසීලයේ ෆෙඩරල් ඩි මිනාස් ගෙරයිස් (Universidade Federal de Minas Gerais in Brazil) විශ්ව විද්‍යාලයේ ආතර් ලුවිස් ඩි zසූසා (Artur Luis de Souza) ප්‍රධාන ශිෂ්‍ය කණ්ඩායමක් තමයි එයාලගෙ පර්යේෂණයක ප්‍රතිඵලයක් වුනු මේ NomadiKey කියන නවතම ක්‍රමය ඉදිරිපත් කලේ. ව්‍යාපෘතියේ උපදේශක වුනේ ලියනඩෝ ඔලිවේරා (Leonardo Oliveira).



NomadiKey ක්‍රමය පැරණි අංකිත අඟුළු ක්‍රමයෙම වැඩිදියුණුවක්. මේකෙදි 0 ඉඳන් 9ට තියන අංක සාමාන්‍ය විදිහට පිලිවෙළින් පෙන්නන්නෑ. ඒ වෙනුවට ස්ක්‍රීන් එක පුරා විසිරී ගිය කුඩා ප්‍රමාණයේ ඉලක්කම් තමයි පෙන්වන්නෙ. ඒ පෙන්වන රටාවත් වරින් වර වෙනස් වෙනව. ඒ කියන්නෙ පින්තූරෙ තියන්ව වගෙ අහඹු ලෙස තිරය පුරා විසිරුණු කුඩා අංක තමයි පෙන්නන්නෙ. ඒ රටාවත් එක වරකට එක රටාව බැගින් වරින් වර වෙනස් වෙනව.

මේ ක්‍රමයේ විශේෂත්වය තමයි මුහුණු හඳුනාගැනීමේ ක්‍රම වගේ සංකීර්ණ නෑ. ඒ නිසාම වේගවත්. ඒ වගෙම ස්මග් (smudge)  කියන හැකිං ක්‍රමයට හා පිටින් බලා සිට පාස්වර්ඩ් එක අනුමාන කරන ක්‍රමයට ප්‍රතිරෝධී වීම. ස්මග් හැකිං කියන්නෙ ස්ඵර්ශ සංවේදී තිර වල ස්පර්ශක ස්ථාන වල වීදුරුව මත ඇතිවන සලකුණු ඇසුරෙන් පාස්වර්ඩ් එක අනුමාන කිරීම.

දැනට පර්යේෂණ මට්ටමේ තියන NomadiKey ක්‍රමය ලඟදීම ජංගම දුරකතන සඳහා හඳුන්වාදෙනව කියල තමයි පර්යේෂණ කණ්ඩායමනම් කියන්නෙ.

මේ ගැන වැඩි විස්තර සහිත පර්යේෂණ පත්‍රිකාව පහත ලින්ක් එකෙන් භාගත කරගන බලන්න පුළුවන්.

http://homepages.dcc.ufmg.br/~cunha/papers/cotta16icc-nomadikey.pdf

මේ ලින්ක් එකෙ තවත් විස්තර තියනව. IEEE ආයතනයෙ වෙබ් පිටුවෙ.

http://spectrum.ieee.org/tech-talk/telecom/security/this-mobile-security-feature-will-annoy-you-but-it-will-also-protect-your-phone

Picture from with thanks : http://spectrum.ieee.org/tech-talk/telecom/security/this-mobile-security-feature-will-annoy-you-but-it-will-also-protect-your-phone

No comments:

Post a Comment

You May Also Like

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...