Saturday, August 13, 2016

ජංගම දුරකතනයෙන් Hi-Fi සිංදු අහමුද?


YAMAHA Multicast Hi Fi Music System
ජංගම දුරකතනයෙන් සිංදු අහන එක අළුත් දෙයක් නෙවෙයි. අපි හැමෝම ඒක කරනවනෙ.ඒත් මේ කියන්න යන්නෙ ඒ සිංදු අහන එක වෙනස් විදිහකට කිරීමක් ගැන.

අපි සාමාන්‍යයෙන් ජංගම දුරකතනයෙන් අහන්නෙ MP3 වගේ ශබ්දයේ ගුණාත්මක භාවය අඩු සිංදුනෙ. ඒ කියන්නෙ SOUND QUALITY අතින් ගත්තම සංගීතයේ ගුණාත්මක භාවය අඩුයි. Hi-Fi වර්ගයේ සංගීත අහන්ඩ අමාරුයි. ඒකට ඒ වර්ගයේ විශේෂ වාදන යන්ත්‍ර භාවිත කරන්ඩ ඕන.මෙන්න මේ රූපයේ තියනව වගේ....



නමුත් AUDIO QUEST කියන ආයතනය හඳුන්වල දීල තියන ඩ්‍රැගන් ෆ්ලයි (DRAGON FLY) කියන උපකරණයෙන් කරන්නෙ ඕනෑම ජංගම දුරකතනයක් මගින් Hi-Fi ආකාරයේ සින්දු අහන්ඩ පුළුවන් කරන එක.
මේකෙදි වෙන්නෙ DRAGON FLY එක ජංගම දුරකතනයේ USB පොර්ට් එකට සම්බන්ධ කරල ඒ හරහා ඉතාම උසස් ගණයේ HEAD PHONE යුගලයක් භාවිතා කරලා Hi-Fi Music අහන්ඩ පුළුවන් වෙන එක.

Audeze EL8

මේ උපකරණය පරීක්ෂා කරපු විශේෂඥයො නම් ඒ සඳහා භාවිතා කරල තීයෙන්නෙ
Audeze EL8 කියන HEAD PHONE එක. එකෙන් ඉතාම උසස් ගණයේ ගුණාත්මක භාවයකින් යුත් සංගීත රසයක් ලැබුණු බව තමයි මේ පිළිබඳව අදහස් දක්වන GLENN ZORPETTE කියන IEEE සඟරවේ විධායක සංස්කාරවරයා කියන්නෙ.



Image From with Thanks:http://www.theverge.com/circuitbreaker/2016/5/26/11783296/audioquest-dragonfly-dacmagic-xs-usb-dac-review

No comments:

Post a Comment

You May Also Like

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...