Friday, August 12, 2016

පින සහ කුසලය


නිතර නිතර මතු වන ප්‍රශ්ණයක් නිසාම මෙ ගැන පෝස්ට් එකක් ලියන්ඩ හිතුවෙ.මොකක්ද පින කියන්නෙ? ඒක කුසලයෙන් වෙනස් වෙන්නෙ කොහොමද? අපි බුද්ධ චරිතයේ බෝසත් කාලෙ සිදුවීමකින්ම පටන් ගනිමුකො.

ආර්ය පර්යේෂණ සූත්‍රයේදි බුදුරජාණන් වහන්සේ දේශණා කරනව උන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කලේ " කිං සච්ච ගවේෂී, කිං කුසල ගවේෂී " කියන අදහසින්. ඒ කියන්නෙ "කුසලය යනු කුමක්ද?, සත්‍ය යනු කුමක්ද? " කියන දේ සෙවීම පිණිසයි උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කලේ. එකෙන් අදහස් වෙනව එකල කුසලය කියන්නෙ මොකක්ද කියල දන්නෙ නෑ කවුරුත්. බුදුරජාණන් වහන්සේ තමයි හොයගත්තෙ කුසලය කියන්නෙ මොකක්ද කියල.



ඊළඟට සිදුහත් බොසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලෙ නේරංජණා ගං තෙර සිහිසුන්ව වැටිල  ඉඳල නැගිටින්ඩ යන මොහොතෙ මාරය ඇවිත් කියනව, "ඔහොම කරල දිනපු කෙනෙක් නෑ.ඔබට ජීවත් වෙන්ඩ තියෙන්නෙ එකයි. 999ක්ම තියෙන්නෙ මිය යන්න.ඒ නිසා ජීවත් වෙන්න බලන්න.ගිහි වෙලා ගිහින් පින් කරන්ඩ" කියලා. ඒ කියන්නෙ පින් ගැන ලොකය දැනගන හිටිය. මාරයගෙන් ඊට බාධාවක් තිබිලත් නෑ. ඒත් මාරය කුසලය සොයන මේ වීර්යවත් ශ්‍රේෂ්ඨ පුරුෂයාට බාධා කරනව.

ඒකෙන් අදහස් වෙන්නෙ මොකක්ද? පින කියන දේ ලොකෙ හැම කාලෙම කතා වෙන, තියන දෙයක්. බුදුරජණන් වහන්සෙලා එ අදහස මනාව ඔපමට්ටම් කරල දෙනව. නිවැරදිම පින ගැන කියල දෙනව.

නමුත් කුසලය කියන්නෙ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් විසින්ම කියා දෙන දෙයක්.හැම කාලෙකම ලෝකෙ නැති දෙයක්. බුද්ධ කාලයකම විතරක් අහන්න ලැබෙන දෙයක්.

එහෙන මොකක්ද මේ පින. බුදුරජාණන් වහන්සේ පින් ගැන දේශණා කලේ දස පුණ්‍ය ක්‍රියා විදිහට. ඒ තමා 1.දානය 2.සීලය 3.භාවනාව 4.පින් දීම 5.පි අනුමෝදන්වීම 6.ගරු කල යුත්තන්ට ගරු කිරීම සහ පිදිය යුත්තන්ට පිදීම 7.වතාවත් කිරීම 8.දහම් දෙසීම 9.දහම් ඇසීම 10.දෘෂ්ඨිය පිරිසිදු කරගැනීම කියන දහය.
මේ කරුණු වල තියන විශේෂත්වය තමයි අවස්ථානුරූපව සිදුකර ගැනීමේ හැකියාව. ඒ කියන්නෙ අපට අවස්ථාව එළඹෙන විදිහට මේ පුණ්‍යක්‍රියා සිද්ධ කරගන්නට පුලුවන්.

එතකොට දස කුසල් මොනවද?

1.සතුන් මැරීමෙන් වැලකීම
2.නොදුන් දේ ගැනීමෙන් වැලකීම
3.කාමය වරදවා හැසිරීමෙන් වැලකීම
4.අසත්‍ය කථාවෙන් වැලකීම
5.දෙපිරිසක් බිඳවන කථාවෙන් වැලකීම
6.අන් අයගේ හිත් රිදවෙන කථාවෙන් වැලකීම
7.නිෂ්ප්‍රයෝජන කථාවෙන් වැලකීම
8.අන් සතු වස්තුව මගේ වේවා යන සිතුවිලි වලින් වැලකීම
9.ක්‍රෝධ සිතින් වැලකීම
10.මිත්‍යා දෘෂ්ඨියෙන් වැලකීම

මේ කරුණු වල විශේෂත්වය තමයි, තමන්ට සිතුනු පමණින් කල නොහැකි වීම. ඒ කියන්නෙ "මං අද ඉඳන් බොරු කියන්නෑ" කියල හිතුව පමණින් එහෙම ඉන්ඩ බෑ හැමදාම. ඒක පුරුදු වෙන්ඩ ඕන. හොඳට පුහුණු වෙන්ඩ ඕන.එතකොට තේරෙනව මෙ කුසල් කියන්නෙ පින් වගෙ හිතුනු ගමන් සම්පුර්ණ්යෙන් කරන්ඩ බෑ, හොඳ වීර්යකින්, පුහුණුවෙලා කරන්ඩ ඕන දෙයක් කියන එක.

යෝනිසෝමනසිකාරයත් සද්ධර්ම ශ්‍රවණයත් තමයි මේ කුසල් වඩන්න අවශ්‍ය මූලික දෙවල් වෙන්නෙ. අපි ඒ ගැන වෙනම වෙලාවක කතා කරමුකෝ.

එතකොට පිනෙයි කුසලයෙයි ක්‍රියාව සම්බන්ධ වෙනස තමයි ඒ. තවත් වෙනස්කමක් තියනව. ඒ තමයි විපාක දීම සම්බන්ධයෙන් තියන වෙනස.

අපි දන්නවනෙ චේතනාත්මකව එහෙම නැත්නම් හිතල කරන සෑම ක්‍රියාවකටම විපාකය තියනව කියල.කර්මයත් කර්ම විපාකත් කියන්නෙ ඒවටනෙ.

"චේතනාහං භික්ඛවේ කම්මං වදාමි,චේතිත්වා කම්මං කරෝති, කායේන වචාය මනසා"
චේතනාව තමයි කර්මය.චේතනාව මුල් කරගන තමයි කර්මය කරන්නෙ.කයෙන් වචනයෙන් මනසින්

එතකොට අපි චේතනාත්මකව කරන පින් වලයි කුසල් වලයි විපාක මොනවද?

බුදුරජාණන් වහන්සේ දේශණා කරනව "සුඛස්සේතං භික්ඛවේ අධිවචනං පුඤ්ඤං" කියල. ඒ කියන්නෙ සැපයට කියන තවත් නමක් තමයි පින කියන්නෙ කියල. එහෙනම් අපට මේ ජීවිතේදි හරි, ඊළඟ ජීවිතේකදි හරි සැප ලැබෙනව නම්, ඒ පින නිසා.කරන ලද පින් වල විපාකයක් විදිහට තමයි එහෙම ලැබෙන්නෙ.

මෙතෙන්දිත් බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා මල් කරුවෙක් මල් මාලයක් අමුනනව වගේ ලොකු කුඩා සියලුම පින් භේදයක් නැතුව පුලුවන් තරම් එකතු කරගන්න කියල.ඇයි එහෙම දේශණා කලේ?උන්වහනේ තුල තියන මහා කරුණාව නිසාම සත්වයාව සුගතියේම රඳවගන්න. අපායකට නොවැටී තියාගන්න.අපායකට වැටුනොත් ධර්මය අහිමි වෙන නිසා.

එතකොට කුසලයේ විපාක මොනවද? මං මුලින් කිව්ව මතක ඇතිනෙ කුසලය බුදුරජාණන් වහන්සේ විසින්ම සොයාගත් දෙයක් කියල.උන්වහන්සෙලා එකම දෙයයි ලෝකයට උගන්වන්නෙ. ඒ තමයි අමා මහ නිවන. ඉතින් මේ කුසලය පුරුදු කිරීමෙන්, මනා ලෙස පුහුණු වීමෙන්,ඉතාම දක්ෂ ලෙස වැඩීමෙන් තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය සම්පූර්ණ වෙලා නිවන කරා යන්නෙ. මාර්ග ඵල අවබෝධ කරන්නෙ. ඒ කියන්නෙ කුසලයෙන් තමයි සත්වයන්ව සසරින් එතෙර කරවන්නෙ.

ඉතින් මේ ජීවිතෙත්, ඊළඟ ජීවිත වලත් සැප ලබන්න කැමති අය පින් කරගන්න ඕන පුලුවන් තරම්. සසරෙන් එතෙර වෙන්න කැමති අය කුසල් පුරුදු කරන්න ඕන මහන්සි වෙලා, වීර්යය අරන්.

Image From with Thanks:
http://kingofwallpapers.com/lotus/image-005.php?pic=/lotus/lotus-005.jpg

2 comments:

  1. බොහොම පිං. තවත් වටිනා අදහස් බලාපොරොත්තුවෙන් සිටිමි.

    ReplyDelete

You May Also Like

  • අන්තර්ජාතික බ්ලොග් ලෝකය
    බ්ලොග් ලියන සහ කියවන හැමෝම වගේ බ්ලොග් ගැන දනිති. ලංකාවේ බ්ලොග් ලෝකය සහ බ්ලොග් සම්මාන ගැන කතාබහත්…
  • දහම්පාසල්  අධ්‍යාපනයේ ගුරුවරයාගේ භූමිකාව
    ගුරුවරයෙකු ප්‍රධාන වශයෙන් දක්ෂතා 2 කින් සමන්විය යුතුය යන්න මගේ හැඟීමයි. 1. තමන් උගන්වන විෂය…
  • සෞඛ්‍යාරක්ෂිත දිනචර්යාව
    පෙර ලිපියකින් විස්තර කල පරිදි නිවැරදි ස්නානය සෞඛ්‍යයට කරනු ලබන බලපෑම වැනිම තවත් බොහෝ වැදගත්…
  • ගීතය සහ සංගීතය
    සංගීත විෂය පිළිබඳ ගැඹුරු අවබෝධයක් හෝ දැනුමක් නොමැති සාමාන්‍ය රසිකයන් වන අප හට ගීතය, සංගීතයට වඩා…
  • පාපිස්සක් වගේ ......
    “මහණෙනි, ශාරීපුත්‍ර මොග්ගල්ලායනයන් සේවනය කරව්. මහණෙනි, ශාරීපුත්‍ර මොග්ගල්ලානයන් භජනය කරව්.…
  • රැම්බෝ
    p { margin-bottom: 0.1in; line-height: 120%; }a:link { } කර්නල් සැමුවෙල් ට්‍රවුට්මන්: "මේ…
  • ශ්‍රී සද්ධර්මය
    බොහෝ දෙනා බුදුදහම දර්ශණයක් ලෙසත්, තවත් අය එය ආගමක් ලෙසත් සලකති. නමුත් බුදුරජාණන් වහන්සේ…
  • වැසි සළු පූජාව
    කඨින චීවර පූජාව නමින් කවුරුත් දන්නා  වැසි සළු පූජාව අතීත ශ්‍රී ලංකාවේ සිදුකරන ලද අයුරු…
  • NASA එකේ RAMA ව්‍යාපෘතිය
    NASA ආයතනයේ අරමුදලින් Made In Space නම් වූ ආයතනය මඟින් ආරම්භ කරන ලද නවතම අහ්‍යාවකාශ ව්‍යාපෘතිය…
  • පොල් සහ අපේ ආහාර රටාව
    මේ මාතෘකාව අලුත් දෙයක් නෙවෙයි තමයි.මේ කියන්ඩ යන කරුණුත් අලුත් දේවල් නෙවෙයි.ඒත් මේ පාරම්පරික…
  • ඔටුන්නේ බර
     පොදු ජනයාගේ නව ජනාධිපතිවරයාට හෘදයාංගම සුභ පැතුම් එක් කරන අතරම ජනාධිපතිවරණයේ මෙන් නොව…
  • පුණ්‍ය ක්‍රියා -1  (දානය)
    පෙර ලිපියෙන් පින සහ කුසලය පිළිබඳව හැදින්වීමක් සිදුකරන ලද අතර දස පුණ්‍ය ක්‍රියා වලට අයත් දානය…
  • බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මනුෂ්‍යයෙක්ද ?
    "බුදුරජාණන් වහන්සේද සාමාන්‍ය මනුෂ්‍යයෙකි" යන්න නිතර සමාජයේ අසන්නට ලැබෙන දෙයකි. නමුත් එය…
  • ජීවිතේ.......
    ජීවිතය පිළිබඳව බුදුපියාණන් වහන්සේ දේශණා කරනු ලැබුවේ කුමක්ද? බොහෝ දෙනාගේ පිළිතුර වනුයේ දුකයි…
  • පොතක් කෙටියෙන් - The Alchemist
    Book Cover "The Alchemist" එහෙමත් නැත්නම් "රසායනඥයා" ලෙස නම් කල මේ කෘතිය ලෝකයේ වැඩිම පිටපත්…

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...