Saturday, November 19, 2016

දහම්පාසල් අධ්‍යාපනයේ ගුරුවරයාගේ භූමිකාව

ගුරුවරයෙකු ප්‍රධාන වශයෙන් දක්ෂතා 2 කින් සමන්විය යුතුය යන්න මගේ හැඟීමයි.

1. තමන් උගන්වන විෂය පිළිබඳ න්‍යායාත්මක දැනුම හා ප්‍රායෝගික ප්‍රගුණභාවය..

2. න්‍යායාත්මක ඉගැන්වීමේ සහ ප්‍රායෝගික පුහුණු කිරීමේ හැකියාව.

පාසල් අධ්‍යාපනය ප්‍රමුඛ ප්‍රධාන ධාරාවේ ගුරුවරු මේ දක්ෂතා වලින් යුක්ත බව අවිවාදිතය. 

දහම්පාසල් තුල මෙම තත්වය කෙසේද ?

එය තීරණය වන්නේ දහම් පාසල් පද්ධතිය තුලින්ඉ ගැන්වීමට බලාපොරොත්තු වන දේ අනුවය. දැනුම ලබා දීම අතින් දහම්පාසල් වල තත්වයේ එතරම් වෙනසක් නැත.

නමුත් දහම්පාසල් අධ්‍යාපනයේ බලාපොරොත්තුව දැනුම පමණක් නොවේ. ගුණගරුක සහ ධාර්මික, යහපත් දරු පිරිසක් බිහි කිරීමයි. 

එනම් දහම් දැනුම මෙන්ම ප්‍රායෝගික බෞද්ධ දරු පිරිසක් බිහි කිරීමයි. එතුළින් යහපත් සමාජයක් බිහි කිරීමයි.

ඒ සඳහා විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේදය මෙන්ම සහතික, කුසලාන කේන්ද්‍ර කරගත් තරඟ, සාර්ථක ක්‍රමයක් ලෙස නොපෙනෙයි. එබැවින් දහම්පාසලකට එම අධ්‍යාපන ක්‍රමවේදය නොගැළපෙන්නේය යන්න මාගේ හැඟීමයි.

බෞද්ධ දර්ශනයේ  ප්‍රායෝගික භාවිතය දහම්පාසල් ගුරුවරුන් අතර එතරම්ම ප්‍රචලිත නැත. ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට සහභාගී වීමද එසේමය.

බෞද්ධ දර්ශණයේ ගැඹුර මෙන්ම එහි ප්‍රායෝගිකත්වය පිළිබඳව මෙම නොදැනුවත්කම මෙන්ම බෞද්ධ දාර්ශණික අත්දැකීම් මද වීම හේතුවෙන් දහම් පාසල් අධ්‍යාපනය එහි මූලික අරමුණින් බැහරව තරඟකාරී පරිසරයටම වැටී ඇති අතරම ඉන් වන සේවාවද අවම වෙමින් පවතී.

ප්‍රායෝගික සහ න්‍යායතමක දැනුම සහ අත්දැකීම් තුලින්, " අවවාදයට වඩා ආදර්ශය උතුම් " වන බව සනාථ වන, බොදු ගුරුවරුන් විසින් ගුණවත් දරු පිරිසක් බිහිකරවීම දහම් පාසල් පද්ධතිය පිහිටුවීමේ අරමුණ බව පැහැදිලිය.
  

4 comments:

  1. //" අවවාදයට වඩා ආදර්ශය උතුම් " වන බව සනාථ වන, බොදු ගුරුවරුන් විසින් ගුණවත් දරු පිරිසක් බිහිකරවීම දහම් පාසල් පද්ධතිය පිහිටුවීමේ අරමුණ බව පැහැදිලිය.//

    එය නම් ලෙහෙසි දෙයක් නෙමේ ....

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම. නමුත් එය තමා විය යුත්තේ දහම් පාසලකින්. තවත් පාසලක් පමණක් වීම තේරුමක් නෑ නේද?

      Delete
  2. අද සමහර දහම් පාසල් නිකම් ඩ්‍රිල් එකක් කරනවා කියලයි මටනම් හිතෙන්නේ. දරුවන්ගේ චර්යා වර්ධනයක් සිදුවන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. චර්යා වර්ධනයක් වගේම ගුණධර්ම වර්ධනයත් සිදුවෙන්නේ නෑ.

      Delete

You May Also Like

  • පුණ්‍ය ක්‍රියා -1  (දානය)
    පෙර ලිපියෙන් පින සහ කුසලය පිළිබඳව හැදින්වීමක් සිදුකරන ලද අතර දස පුණ්‍ය ක්‍රියා වලට අයත් දානය…
  • පින සහ කුසලය
    නිතර නිතර මතු වන ප්‍රශ්ණයක් නිසාම මෙ ගැන පෝස්ට් එකක් ලියන්ඩ හිතුවෙ.මොකක්ද පින කියන්නෙ? ඒක…
  • ගීතය සහ සංගීතය
    සංගීත විෂය පිළිබඳ ගැඹුරු අවබෝධයක් හෝ දැනුමක් නොමැති සාමාන්‍ය රසිකයන් වන අප හට ගීතය, සංගීතයට වඩා…
  • පාපිස්සක් වගේ ......
    “මහණෙනි, ශාරීපුත්‍ර මොග්ගල්ලායනයන් සේවනය කරව්. මහණෙනි, ශාරීපුත්‍ර මොග්ගල්ලානයන් භජනය කරව්.…
  • ශ්‍රී සද්ධර්මය
    බොහෝ දෙනා බුදුදහම දර්ශණයක් ලෙසත්, තවත් අය එය ආගමක් ලෙසත් සලකති. නමුත් බුදුරජාණන් වහන්සේ…
  • නැකත
    ’’මහණෙනි, යම් සත්ත්‍ව කෙනෙක් පෙරවරු කාලයෙහි කයින් සුචරිතයෙහි හැසිරෙද්ද, වචනයෙන් සුචරිතයෙහි…
  • NASA එකේ RAMA ව්‍යාපෘතිය
    NASA ආයතනයේ අරමුදලින් Made In Space නම් වූ ආයතනය මඟින් ආරම්භ කරන ලද නවතම අහ්‍යාවකාශ ව්‍යාපෘතිය…
  • කලියුග කාලෙක
    කලියුගය යනු ඉන්දියානු හින්දු සංකල්පයකි. එයට අනුව ගුණ ධර්ම පිරිහුනු, අඳුරු යුගයක් වන අතර…
  • පොතක් කෙටියෙන් - The Alchemist
    Book Cover "The Alchemist" එහෙමත් නැත්නම් "රසායනඥයා" ලෙස නම් කල මේ කෘතිය ලෝකයේ වැඩිම පිටපත්…
  • නොමිලේ ඉංජිනියරින් ඉගෙන ගනිමුද?
    ඉන්දියාව තාක්ෂණය අතින් කෙතරම් ඉදිරියෙන් සිටින්නේදැයි අමුතුවෙන් කිව යුතු නොවේ. අපේ අසල්වාසියා…
  • සම මතින් දත්ත සම්ප්‍රෙෂණය
    රැහැන් රහිතව වාතය හරහා ඉලෙක්ට්‍රොනික රහස් පද හෙවත් පාස්වර්ඩ් යවා අගුළු හැරීම නවීන මෝටර් රථ වල…
  • දහම්පාසල්  අධ්‍යාපනයේ ගුරුවරයාගේ භූමිකාව
    ගුරුවරයෙකු ප්‍රධාන වශයෙන් දක්ෂතා 2 කින් සමන්විය යුතුය යන්න මගේ හැඟීමයි. 1. තමන් උගන්වන විෂය…
  • කාලය
    නිතර සාකච්ඡාවට භාජනය වන කාලය වැනි මාතෘකාවක කිසිම නැවුම් බවක් නැහැ තමයි. ඒත් කාලය ගැන බුදු දහමෙන්…
  • පොල් සහ අපේ ආහාර රටාව
    මේ මාතෘකාව අලුත් දෙයක් නෙවෙයි තමයි.මේ කියන්ඩ යන කරුණුත් අලුත් දේවල් නෙවෙයි.ඒත් මේ පාරම්පරික…
  • වැසි සළු පූජාව
    කඨින චීවර පූජාව නමින් කවුරුත් දන්නා  වැසි සළු පූජාව අතීත ශ්‍රී ලංකාවේ සිදුකරන ලද අයුරු…

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...