ගුරුවරයෙකු ප්‍රධාන වශයෙන් දක්ෂතා 2 කින් සමන්විය යුතුය යන්න මගේ හැඟීමයි.
1. තමන් උගන්වන විෂය පිළිබඳ න්‍යායාත්මක දැනුම හා ප්‍රායෝගික ප්‍රගුණභාවය..
2. න්‍යායාත්මක ඉගැන්වීමේ සහ ප්‍රායෝගික පුහුණු කිරීමේ හැකියාව.
පාසල් අධ්‍යාපනය ප්‍රමුඛ ප්‍රධාන ධාරාවේ ගුරුවරු මේ දක්ෂතා වලින් යුක්ත බව අවිවාදිතය.
දහම්පාසල් තුල මෙම තත්වය කෙසේද ?
එය තීරණය වන්නේ දහම් පාසල් පද්ධතිය තුලින්ඉ ගැන්වීමට බලාපොරොත්තු වන දේ අනුවය. දැනුම ලබා දීම අතින් දහම්පාසල් වල තත්වයේ එතරම් වෙනසක් නැත.
නමුත් දහම්පාසල් අධ්‍යාපනයේ බලාපොරොත්තුව දැනුම පමණක් නොවේ. ගුණගරුක සහ ධාර්මික, යහපත් දරු පිරිසක් බිහි කිරීමයි.
එනම් දහම් දැනුම මෙන්ම ප්‍රායෝගික බෞද්ධ දරු පිරිසක් බිහි කිරීමයි. එතුළින් යහපත් සමාජයක් බිහි කිරීමයි.
ඒ සඳහා විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේදය මෙන්ම සහතික, කුසලාන කේන්ද්‍ර කරගත් තරඟ, සාර්ථක ක්‍රමයක් ලෙස නොපෙනෙයි. එබැවින් දහම්පාසලකට එම අධ්‍යාපන ක්‍රමවේදය නොගැළපෙන්නේය යන්න මාගේ හැඟීමයි.
බෞද්ධ දර්ශනයේ ප්‍රායෝගික භාවිතය දහම්පාසල් ගුරුවරුන් අතර එතරම්ම ප්‍රචලිත නැත. ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට සහභාගී වීමද එසේමය.
බෞද්ධ දර්ශණයේ ගැඹුර මෙන්ම එහි ප්‍රායෝගිකත්වය පිළිබඳව මෙම නොදැනුවත්කම මෙන්ම බෞද්ධ දාර්ශණික අත්දැකීම් මද වීම හේතුවෙන් දහම් පාසල් අධ්‍යාපනය එහි මූලික අරමුණින් බැහරව තරඟකාරී පරිසරයටම වැටී ඇති අතරම ඉන් වන සේවාවද අවම වෙමින් පවතී.
ප්‍රායෝගික සහ න්‍යායතමක දැනුම සහ අත්දැකීම් තුලින්, " අවවාදයට වඩා ආදර්ශය උතුම් " වන බව සනාථ වන, බොදු ගුරුවරුන් විසින් ගුණවත් දරු පිරිසක් බිහිකරවීම දහම් පාසල් පද්ධතිය පිහිටුවීමේ අරමුණ බව පැහැදිලිය.

//" අවවාදයට වඩා ආදර්ශය උතුම් " වන බව සනාථ වන, බොදු ගුරුවරුන් විසින් ගුණවත් දරු පිරිසක් බිහිකරවීම දහම් පාසල් පද්ධතිය පිහිටුවීමේ අරමුණ බව පැහැදිලිය.//
ReplyDeleteඑය නම් ලෙහෙසි දෙයක් නෙමේ ....
ඇත්තෙන්ම. නමුත් එය තමා විය යුත්තේ දහම් පාසලකින්. තවත් පාසලක් පමණක් වීම තේරුමක් නෑ නේද?
Deleteඅද සමහර දහම් පාසල් නිකම් ඩ්‍රිල් එකක් කරනවා කියලයි මටනම් හිතෙන්නේ. දරුවන්ගේ චර්යා වර්ධනයක් සිදුවන්නේ නැහැ.
ReplyDeleteචර්යා වර්ධනයක් වගේම ගුණධර්ම වර්ධනයත් සිදුවෙන්නේ නෑ.
Delete