Tuesday, November 8, 2016

පෞරුෂත්වය විනිශ්චයට කරුණු 9ක්

රැකියාවකදී වන වෘත්තීය හමවක් වේවා, සමාජීයව සිදු වන හමුවීමක් හෝ වේවා දෙදෙනෙක් ප්‍රථම වරට හමුවූ විට එකිනෙකා පිළිබඳව විමසිලිමත් වීමත්, එකිනෙකාව මැන බැලීමත් අනිවාර්යයෙන්ම සිදුවන්නකි. මෙවැනි හමුවකදී එකිනෙකා මැනගැනීමට නිරායාසයෙන්ම අප මනස යොදාගන්නා කරුණු 9ක් පිළිබඳවයි මෙම සටහන.
බිස්නස් ඉන්සයිඩර් සංගරාවට උපායමාර්ගික ලිපි (Strategic) ලියන ශානා ලෙබොවිටස්z (Shana Lebowitz) නම් ලේඛිකාව මේ පිළිබඳව ලිපියක් සපයමින් මේ පිළිබඳව කරණු 9ක් ඔස්සේ සාකච්ඡා කරයි.

1. අතට අත දීම
 අතට අත දීමේදී ඔබ කෙතරම් ස්ථාවරව සහ ශක්තිමත්ව සිදුකරයිද යන්න මත ඔබ කෙතරම් මානසිකව ශක්තිමත් සහ ආත්ම විශ්වාසය සහිතද යන්න පිළිබිඹු කෙරෙයි.

2. වෙලාවට වැඩ කිරීම
 මෙමඟින් ඔබ කෙතරම් ස්වයං දිරිගැන්වීමක් සහිත, මානසිකව සංවිධානගත සහ කාලයේ වටිනාකම දන්නා පුද්ගලයෙක්ද යන්න පෙන්වයි.

3. අත් අකුරු
ඔබගේ අත් අකුරු වල හැඩය සහ ප්‍රමාණය මත ඔබ පෑන මත සහ කොළය මත යොදන පීඩනය මගින් ආකල්පයන්ගේ ඇති මුරන්ඩු ස්වාභාවය පෙන්වයි. එය විශ්වාසය පෙන්වන සාධකයකි.

4. ප්‍රියතම වර්ණය
වර්ණ තෝරාගැනීම ඔබගේ චරිත ලක්ෂණ පෙන්නුම් කරයි. සුදු වර්ණයට ආශා කිරීම සරල සහ නිදහස් බවට ප්‍රිය කරන, ආත්ම විශ්වාසයෙන් යුතු බව පෙන්වයි. කළු වර්ණය, බලය සහ පාලනයට කැමති බවත් මානසික අනාරක්ෂිත බවක් ඇති බවත් පෙන්වයි. දුඹුරු වර්ණය, ආරක්ෂාව අවශ්‍ය බවත් තම පවුලත් සමඟ නිවීසැනසිල්ලේ සිටීමට කැමති බවත් පෙන්වයි.

වර්ණ පිළිබඳ තවත් විස්තර මෙතැනින්.

5. සංගීත රසවින්දනය
සංකීර්ණ සහ සෞම්‍ය සංගීතයට කැමති පුද්ගලයින් නව අත්දැකීම් ලැබීමටත් නිදහස් දේශපාලන අදහස් ඇත්තන් ලෙසත් සලකනු ලබයි. 

සම්භාව්‍ය සංගීතය ප්‍රිය කරන්නන් නිර්මාණශීලී සහ ආත්ම අභිමානය සහිත එමෙන්ම අවට සමාජීය පරිසරය පිළිබඳ සැහැල්ලුවෙන් සිතන පුද්ගලයන්ය.

තවත් විස්තර මෙතැනින්.

6. ඇස යොමුකිරීම
දෑස මගහැර කථාකිරීම ස්වයං පාලනයේ සහ අනාගත බලාපොරොත්තු වල දුර්වල බව පෙන්වයි.

7. සුරත්ලුන් තෝරාගැනීම
සුරත්ලුන් අනුවද චරිත ලක්ෂණ පිළිබිඹු වෙයි. පූසන්ට අකමැති අයට ස්වයං පාලන ප්‍රශ්ණ ඇති අතර ලොකු බල්ලන් ඇතිකිරීමට කැමති අය දීර්ඝ කාලීන සම්බන්ධතාවයන්ට ප්‍රිය කරයි. 

8. ප්‍රශ්ණ ඇසීම
සාකච්ඡාවකදී ඔබගෙන් ප්‍රශ්ණයක් ඇසීමට ගන්නා කාලය අනුව එම පුද්ගලයා ඔබට කැමතිද නො එසේනම් ඔබෙන් ලැබෙන දේට වඩා කැමත්තක් දක්වන්නේද යන්න පිළිබිඹු වෙයි.

9. නියපොතු සැපීම
බොහෝ දෙනා දන්නා පරිදි සම්පූර්ණයෙන්ම සැහැල්ලු වීමට අපොහොසත් පුද්ගලයින්ය. ඔවුන් නිතර ආත්තියෙන් පෙළෙන ස්වාභාවයක් පෙන්වයි.

මෙම ලිපියට ග්‍රැෆික් නිර්මාණයන් මයික් නුඩෙල්මන් (Mike Nudelman) විසින් සිදුකර ඇත.

විස්තර Business Insider ඇසුරෙන්.

Image from with Thanks: http://so-l.ru/news/show/8_small_things_people_use_to_judge_your_personalit

4 comments:

  1. වැදගත් ලිපියක්. බොහොම ස්තූතියි

    ReplyDelete
  2. වටිනා ලිපියක්

    ReplyDelete

You May Also Like

  • රැම්බෝ
    p { margin-bottom: 0.1in; line-height: 120%; }a:link { } කර්නල් සැමුවෙල් ට්‍රවුට්මන්: "මේ…
  • දියුණුවේ රන් දොරටු
    ව්‍යග්ගපජ්ජ සුත්‍රය තමයි අද විස්තර කරල දෙන්න හිතුවෙ.නිතරම පොත්පත් පවා ලියවී ඇති මේ දියුණුවේ රන්…
  • පෞරුෂත්වය විනිශ්චයට කරුණු 9ක්
    රැකියාවකදී වන වෘත්තීය හමවක් වේවා, සමාජීයව සිදු වන හමුවීමක් හෝ වේවා දෙදෙනෙක් ප්‍රථම වරට හමුවූ…
  • කළගුණ සැලකීම
    දිනක් බුදුරජාණන් වහන්සේ හමුවීමට සීයා කෙනෙක් වන ඉතාම වයසක උපාසකතුමෙක් පැමිණියේය. උන්වහන්සේ හමු වී…
  •  ගුරුවරයා සහ දහම්පාසල් ගුරුවරයා 01
    අද ගුරුවරයාගේ භූමිකාව, සංකීර්ණ සහ තරඟකාරී සමාජීය වටපිටාවත් සමඟ වෙනස් වී තිබීම නැවත නැවතත්…
  • පාපිස්සක් වගේ ......
    “මහණෙනි, ශාරීපුත්‍ර මොග්ගල්ලායනයන් සේවනය කරව්. මහණෙනි, ශාරීපුත්‍ර මොග්ගල්ලානයන් භජනය කරව්.…
  • කලියුග කාලෙක
    කලියුගය යනු ඉන්දියානු හින්දු සංකල්පයකි. එයට අනුව ගුණ ධර්ම පිරිහුනු, අඳුරු යුගයක් වන අතර…
  • අලුත්ම අන්තර්ජාලය (Internet of Things)
    අන්තර්ජාලය කියන්නෙ මොකක්ද කියල හැමෝම දන්නවනෙ.මේ කියන්න යන්නෙ ඒ අපි දන්න අන්තර්ජාලයේ තවත්…
  • ගීතය සහ සංගීතය
    සංගීත විෂය පිළිබඳ ගැඹුරු අවබෝධයක් හෝ දැනුමක් නොමැති සාමාන්‍ය රසිකයන් වන අප හට ගීතය, සංගීතයට වඩා…
  • වැසි සළු පූජාව
    කඨින චීවර පූජාව නමින් කවුරුත් දන්නා  වැසි සළු පූජාව අතීත ශ්‍රී ලංකාවේ සිදුකරන ලද අයුරු…
  • පරිගණකයේ නවතම මුහුණුවර
    Ockel Sirius A සාක්කු පරිගණක (Pocket PC) ඉතාම පැරණි සංකලපයක් වුවද, තාක්ෂණික ගැටළු නිසාම,…
  • දිලිසෙන දේවල් එකතු කිරීම.
    පොල්කිච්චන් සහ කවුඩු පනික්කියන් යනු දිලිසෙන දේවල් එකතු කිරීමට ඉතාම කැමති කුරුල්ලන් දෙදෙනෙකි.…
  • Blizz
    Blizz or Bliss or Supreme Happinessකාලෙකින් පොස්ට් එකක් දාන්න බැරි වුණු නිසා කවියකින්ම පටන්ගන්න…
  • පොතක් කෙටියෙන් - The Alchemist
    Book Cover "The Alchemist" එහෙමත් නැත්නම් "රසායනඥයා" ලෙස නම් කල මේ කෘතිය ලෝකයේ වැඩිම පිටපත්…
  • නැකත
    ’’මහණෙනි, යම් සත්ත්‍ව කෙනෙක් පෙරවරු කාලයෙහි කයින් සුචරිතයෙහි හැසිරෙද්ද, වචනයෙන් සුචරිතයෙහි…

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...