කාලි යන නම ඇසූ පමණින්ම සිහියට නැගෙන කාලි දෙවඟන සහ කලියුගය පිළිබඳව බොහෝ දෙනා දන්නා බැවින් මේ උත්සාහය ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නොවේ. පරිගණක සහ පරිගණක ජාල ලෝකයෙහි මහත් පෙරැළියක් සිදුකරමින් යන කාලි පිළිබඳවයි මේ සටහන.
කාලි ලිනක්ස් ( Kali Linux ) නම් වු මෙම පරිගණක මෙහෙයුම් පද්ධතිය, ලිනක්ස් (UNIX / Linux ) පදනම් වූ විශේෂිත මෙහෙයුම් පද්ධතියකි. සාමාන්‍යයෙන් අප දන්නා වින්ඩෝස්, ඇපල් හෝ උබුන්ටු ආදී මෙහෙයුම් පද්ධති (General purpose OS) සැලසුම් කර නිර්මාණය කරනුයේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා කටයුතු සහ නිතිපතා කෙරෙන කාර්යාලීය කටයුතු වෙනුවෙනි. මෙවැනි මෙහෙයුම් පද්ධති වලට අමතරව කිසියම් සුවිශේෂී කටයුත්තක් උදෙසා, විශේෂිත පුද්ගලයන් සහ වෘත්තිකයන් අරමුණු කරගනිමින් නිර්මාණය කරනු ලබන මෙහෙයුම් පද්ධතිද (Special Purpose OS) ලොව ඇත. කාලි අයත් වනුයේ ඒ ගණයටයි.
පසුගිය දින වල ශ්‍රී ලංකාවේද, ජනාධිපති නිළ වෙබ් අඩවිය නිසා පරිගණක ජාල සහ අඩවි වලට අනවසරයෙන් ඇතුල්වීම හෙවත් හැමෝම දන්නා පරිදි හැකින් (Hacking) පිළිබඳව විවිධ කතාබහ සහ ප්‍රවෘත්ති පැනනැගී, මෙම මාතෘකාවට රට පුරාම මහත් ජනප්‍රියතාවයක් ලැබුණි. ඒ හැකින් වලින් සහ තවත් ආරක්ෂක අඩුපාඩු වලින් පර්ගණක පද්ධතියක් බේරාගැනීමටනම් එම පද්ධතියේ පවතින අඩුපාඩු මොනවාදැයි හඳුනාගත යුතු වෙයි. එම අඩුපාඩු දෘඩාංග මට්ටමේ (Hardware) හෝ මෘදුකාංග මට්ටමේ (Software) විය හැක. මෘදුකාංගද මෙහෙයුම් පද්ධති වල (Operating Systems) හෝ භාවිතා කරනු ලබන අනෙකුත් මූලික සහ ද්වීතික මෙවලම් (Primary / secondary tools and softwares) වල විය හැක.
පරිගණක සහ පරිගණක ජාල වල ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා එවායේ ආරක්ෂක දුර්වලතාවයන් පරීක්ෂා කිරීමටසහ අඩුපාඩු හඳුනාගැනීම සඳහා සිදුකරනු ලබන පරීක්ෂණ ( Penetration Testing ) වලදී ජාල පද්ධති පරීක්ෂක ඉංජිනේරුවන් (Penetration Testing Engineers) සහ ජාල ආරක්ෂක ඉංජිනේරුවන් (Network Security Engineers) හට උපයෝගී කරගත හැකිවන පරිදි මෙම කාලි ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කර ඇත.
මෙවැනි මෙහෙයුම් පද්ධති සහ මෙවලම් බොහෝ ප්‍රමාණයක් තම තමන්ගේ පහසුව සහ පළපුරුද්ද අනුව ලොව විවිධ රටවල් වල විවිධ කණ්ඩායම් අතර භාවිතා කරයි. නමුත් මෑත කාලයේ එනම් 2013 වර්ෂයේ මුල් කාර්තුවේ සිය ප්‍රථම එලිදැක්වීම සිදුකල කාලි, මේ වන විට ලොව එම කාණ්ඩයේ හොඳම මෙහෙයුම් පද්ධතිය ලෙස නමක් දිනාගෙන සිටී.
කාලි ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ අනෙක් විශේෂත්වය නම් එය පරිගණකයක ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවීමයි. අංකිත බහුකාර්ය තැටියක් (Digital Versatile Disk - DVD) මගින් තැටි ධාවකය හරහා පණගැන්වීමෙන් (Boot from CD/DVD ROM),එනම් සජීවී භාවිත ක්‍රමය (Live CD) යටතේ මෙම මෙහෙයුම් පද්ධතියෙන් ප්‍රයෝජන ගත හැකි වනසේ සකසා ඇති අතරම පරිශීලකයාට (User) පහසුව පිණිස විවිධ ඩෙස්ක්ටොප් මුහුණත් (Desktop Environment) මාදිලි වලින්ද නිකුත්කොට ඇත.
නමුත් සජීවී භාවිත ක්‍රමය (Live CD) කාලි ලිනක්ස් වලින් ලෝකයට හඳුන්වාදුන් ක්‍රමයක් නොවේ. මූලික ලිනක්ස් මෙහෙයුම් පද්ධති 1993 තරම් ඈත අතීතයේදී මුලින්ම භාවිතා කල මෙම ක්‍රමය පසුව සියලුම ලිනක්ස් මෙහෙයුම් පද්ධති මගින් භාවිතා කලහ. නමුත් ආරක්ෂක පද්ධති සඳහා හඳුන්වාදෙනු ලැබූයේ 2006 වර්ෂයේ එලිදැක්වුනු බැක් ට්‍රැක් (Back Track) නම් වූ මෙහෙයුම් පද්ධතියයි. බැක්ට්‍රැක් කණ්ඩායම 1,2,3,4,5 ලෙස සංස්කරණ 5ක් 2011 දක්වා ඉදිරිපත් කල අතර, 2013දී එම සංස්කරණ නාමය අතහැර මෙම කාලි ලිනක්ස් පද්ධතිය හඳුන්වා දුන්නේය. කාලි නවත්ම සංස්කරණය පසුගිය අගෝස්තු 31 වනදා කලි ලිනක්ස් 2016.2 ලෙසින් එලිදැක්වීය.
Image from with Thanks :https://twitter.com/kalilinux

අපේ රටේ තිබෙන, සීමිත ඩේටා පැකේජ අන්තර්ජාල සබඳතා යටතේ, මෙවැනි මෙහෙයුම් පද්ධතියක් වෙත යන්නට, කී දෙනෙක් පෙළඹෙයිද යන්න ගැටළුවක්.
ReplyDeleteමේ මෙහෙයුම් පද්ධතිය විශේෂිත කාර්යයක් සඳහා සැලසුම් කරන එකක්නෙ. ඉතින් ජාල ආරක්ෂක ඉංජිනේරුවන් (Network security Engineers) වැනි අය තමයි පාවිච්චි කරන්නෙ. පොදු භාවිතයට පහසුකම් ඉතාම අඩුයි.
DeleteThis comment has been removed by the author.
ReplyDelete