Friday, November 4, 2016

කාලි

කාලි යන නම ඇසූ පමණින්ම සිහියට නැගෙන කාලි දෙවඟන සහ කලියුගය පිළිබඳව බොහෝ දෙනා දන්නා බැවින් මේ උත්සාහය ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නොවේ. පරිගණක සහ පරිගණක ජාල ලෝකයෙහි මහත් පෙරැළියක් සිදුකරමින් යන කාලි පිළිබඳවයි මේ සටහන.

කාලි ලිනක්ස් ( Kali Linux ) නම් වු මෙම පරිගණක මෙහෙයුම් පද්ධතිය, ලිනක්ස්  (UNIX / Linux ) පදනම් වූ විශේෂිත මෙහෙයුම් පද්ධතියකි. සාමාන්‍යයෙන් අප දන්නා වින්ඩෝස්, ඇපල් හෝ උබුන්ටු ආදී මෙහෙයුම් පද්ධති (General purpose OS) සැලසුම් කර නිර්මාණය කරනුයේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා කටයුතු සහ නිතිපතා කෙරෙන කාර්යාලීය කටයුතු වෙනුවෙනි. මෙවැනි මෙහෙයුම් පද්ධති වලට අමතරව කිසියම් සුවිශේෂී කටයුත්තක් උදෙසා, විශේෂිත පුද්ගලයන් සහ වෘත්තිකයන් අරමුණු කරගනිමින් නිර්මාණය කරනු ලබන මෙහෙයුම් පද්ධතිද (Special Purpose OS) ලොව ඇත. කාලි අයත් වනුයේ ඒ ගණයටයි.

පසුගිය දින වල ශ්‍රී ලංකාවේද, ජනාධිපති නිළ වෙබ් අඩවිය නිසා පරිගණක ජාල සහ අඩවි වලට අනවසරයෙන් ඇතුල්වීම හෙවත් හැමෝම දන්නා පරිදි හැකින් (Hacking) පිළිබඳව විවිධ කතාබහ සහ ප්‍රවෘත්ති පැනනැගී, මෙම මාතෘකාවට රට පුරාම මහත් ජනප්‍රියතාවයක් ලැබුණි. ඒ හැකින් වලින් සහ තවත් ආරක්ෂක අඩුපාඩු වලින් පර්ගණක පද්ධතියක් බේරාගැනීමටනම් එම පද්ධතියේ පවතින අඩුපාඩු මොනවාදැයි හඳුනාගත යුතු වෙයි. එම අඩුපාඩු දෘඩාංග මට්ටමේ (Hardware) හෝ මෘදුකාංග මට්ටමේ (Software) විය හැක. මෘදුකාංගද මෙහෙයුම් පද්ධති වල (Operating Systems) හෝ භාවිතා කරනු ලබන අනෙකුත් මූලික සහ ද්වීතික මෙවලම් (Primary / secondary  tools and softwares) වල විය හැක.

පරිගණක සහ පරිගණක ජාල වල ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා එවායේ ආරක්ෂක දුර්වලතාවයන් පරීක්ෂා කිරීමටසහ අඩුපාඩු හඳුනාගැනීම සඳහා සිදුකරනු ලබන පරීක්ෂණ  ( Penetration Testing ) වලදී ජාල පද්ධති පරීක්ෂක ඉංජිනේරුවන් (Penetration Testing Engineers) සහ ජාල ආරක්ෂක ඉංජිනේරුවන් (Network Security Engineers) හට උපයෝගී කරගත හැකිවන පරිදි මෙම කාලි ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කර ඇත.

මෙවැනි මෙහෙයුම් පද්ධති සහ මෙවලම් බොහෝ ප්‍රමාණයක් තම තමන්ගේ පහසුව සහ පළපුරුද්ද අනුව ලොව විවිධ රටවල් වල විවිධ කණ්ඩායම් අතර භාවිතා කරයි. නමුත් මෑත කාලයේ එනම් 2013 වර්ෂයේ මුල් කාර්තුවේ සිය ප්‍රථම එලිදැක්වීම සිදුකල කාලි, මේ වන විට ලොව එම කාණ්ඩයේ හොඳම මෙහෙයුම් පද්ධතිය ලෙස නමක් දිනාගෙන සිටී.

කාලි ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ අනෙක් විශේෂත්වය නම් එය පරිගණකයක ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවීමයි. අංකිත බහුකාර්ය තැටියක් (Digital Versatile Disk - DVD) මගින් තැටි ධාවකය හරහා පණගැන්වීමෙන් (Boot from CD/DVD ROM),එනම් සජීවී භාවිත ක්‍රමය (Live CD) යටතේ මෙම මෙහෙයුම් පද්ධතියෙන් ප්‍රයෝජන ගත හැකි වනසේ සකසා ඇති අතරම පරිශීලකයාට (User) පහසුව පිණිස විවිධ ඩෙස්ක්ටොප් මුහුණත් (Desktop Environment) මාදිලි වලින්ද නිකුත්කොට ඇත.

නමුත් සජීවී භාවිත ක්‍රමය (Live CD) කාලි ලිනක්ස් වලින් ලෝකයට හඳුන්වාදුන් ක්‍රමයක් නොවේ. මූලික ලිනක්ස් මෙහෙයුම් පද්ධති 1993 තරම් ඈත අතීතයේදී මුලින්ම භාවිතා කල මෙම ක්‍රමය පසුව සියලුම ලිනක්ස් මෙහෙයුම් පද්ධති මගින් භාවිතා කලහ. නමුත් ආරක්ෂක පද්ධති සඳහා හඳුන්වාදෙනු ලැබූයේ 2006 වර්ෂයේ එලිදැක්වුනු බැක් ට්‍රැක් (Back Track) නම් වූ මෙහෙයුම් පද්ධතියයි. බැක්ට්‍රැක් කණ්ඩායම 1,2,3,4,5 ලෙස සංස්කරණ 5ක් 2011 දක්වා ඉදිරිපත් කල අතර, 2013දී එම සංස්කරණ නාමය අතහැර මෙම කාලි ලිනක්ස් පද්ධතිය හඳුන්වා දුන්නේය. කාලි නවත්ම සංස්කරණය පසුගිය අගෝස්තු 31 වනදා කලි ලිනක්ස් 2016.2 ලෙසින් එලිදැක්වීය.

Image from with Thanks :https://twitter.com/kalilinux

3 comments:

  1. අපේ රටේ තිබෙන, සීමිත ඩේටා පැකේජ අන්තර්ජාල සබඳතා යටතේ, මෙවැනි මෙහෙයුම් පද්ධතියක් වෙත යන්නට, කී දෙනෙක් පෙළඹෙයිද යන්න ගැටළුවක්.

    ReplyDelete
    Replies
    1. මේ මෙහෙයුම් පද්ධතිය විශේෂිත කාර්යයක් සඳහා සැලසුම් කරන එකක්නෙ. ඉතින් ජාල ආරක්ෂක ඉංජිනේරුවන් (Network security Engineers) වැනි අය තමයි පාවිච්චි කරන්නෙ. පොදු භාවිතයට පහසුකම් ඉතාම අඩුයි.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete

You May Also Like

  • පුණ්‍ය ක්‍රියා -2 (සීලය)
    දස පුණ්‍ය ක්‍රියා පිළිබඳ ළිපි මාලාවේ පළමු ළිපිය මෙතනින්. මේ ළිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු…
  • සෞඛ්‍යාරක්ෂිත දිනචර්යාව
    පෙර ලිපියකින් විස්තර කල පරිදි නිවැරදි ස්නානය සෞඛ්‍යයට කරනු ලබන බලපෑම වැනිම තවත් බොහෝ වැදගත්…
  • නුදුරේදීම මහාමාර්ගයට එකවන රියදුරන් රහිත රථ
    ගූගල් ආයතනය (Google Inc) 2009 වසරේ ආරම්භ කළ රියදුරෙක් නොමැතිව නො එසේනම් තනියම ගමන්කල හැකි වාහනයක්…
  • ජංගම දුරකතනයෙන් Hi-Fi සිංදු අහමුද?
    YAMAHA Multicast Hi Fi Music System ජංගම දුරකතනයෙන් සිංදු අහන එක අළුත් දෙයක් නෙවෙයි. අපි හැමෝම…
  • දහම්පාසල්  අධ්‍යාපනයේ ගුරුවරයාගේ භූමිකාව
    ගුරුවරයෙකු ප්‍රධාන වශයෙන් දක්ෂතා 2 කින් සමන්විය යුතුය යන්න මගේ හැඟීමයි. 1. තමන් උගන්වන විෂය…
  • ජීවිතේ.......
    ජීවිතය පිළිබඳව බුදුපියාණන් වහන්සේ දේශණා කරනු ලැබුවේ කුමක්ද? බොහෝ දෙනාගේ පිළිතුර වනුයේ දුකයි…
  • කලියුග කාලෙක
    කලියුගය යනු ඉන්දියානු හින්දු සංකල්පයකි. එයට අනුව ගුණ ධර්ම පිරිහුනු, අඳුරු යුගයක් වන අතර…
  • දිලිසෙන දේවල් එකතු කිරීම.
    පොල්කිච්චන් සහ කවුඩු පනික්කියන් යනු දිලිසෙන දේවල් එකතු කිරීමට ඉතාම කැමති කුරුල්ලන් දෙදෙනෙකි.…
  • පාපිස්සක් වගේ ......
    “මහණෙනි, ශාරීපුත්‍ර මොග්ගල්ලායනයන් සේවනය කරව්. මහණෙනි, ශාරීපුත්‍ර මොග්ගල්ලානයන් භජනය කරව්.…
  • පොතක් කෙටියෙන් - The Alchemist
    Book Cover "The Alchemist" එහෙමත් නැත්නම් "රසායනඥයා" ලෙස නම් කල මේ කෘතිය ලෝකයේ වැඩිම පිටපත්…
  • නැකත
    ’’මහණෙනි, යම් සත්ත්‍ව කෙනෙක් පෙරවරු කාලයෙහි කයින් සුචරිතයෙහි හැසිරෙද්ද, වචනයෙන් සුචරිතයෙහි…
  • NASA එකේ RAMA ව්‍යාපෘතිය
    NASA ආයතනයේ අරමුදලින් Made In Space නම් වූ ආයතනය මඟින් ආරම්භ කරන ලද නවතම අහ්‍යාවකාශ ව්‍යාපෘතිය…
  • ගීතය සහ සංගීතය
    සංගීත විෂය පිළිබඳ ගැඹුරු අවබෝධයක් හෝ දැනුමක් නොමැති සාමාන්‍ය රසිකයන් වන අප හට ගීතය, සංගීතයට වඩා…
  • පෙනහළු පිළිකා හඳුනාගැනීමට ඉතාම ලාභදායී ක්‍රමවේදයක්
    පෙනහළු පිළිකා යනු අප රටට ආගන්තුක මාතෘකාවක් නොවෙයි. මේ පිලිබඳව විවිධ සාකච්ඡා මෙන්ම දැනුවත්කිරීමේ…
  • ත්‍රිපිටකය නොමිලේ සිංහලෙන් කියවමු
    "මාගේ මේ ශ්‍රි සද්ධර්මය බබළන්නේ විවෘත වූ විටය. ආවරණය වූ විට නොවේ"ශ්‍රී ගෞතම සම්මා…

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...