Monday, October 24, 2016

පරිගණකයේ නවතම මුහුණුවර

Ockel Sirius A
සාක්කු පරිගණක (Pocket PC) ඉතාම පැරණි සංකලපයක් වුවද, තාක්ෂණික ගැටළු නිසාම, සාමාන්‍ය පරිගණකයක් ලෙසින්ම භාවිතාකල හැකි සාක්කු පරිගණකයක් නිපදවීම තරමක් ප්‍රමාද වී පැමිණි සිහින සැබෑවීමකි. මේ නිසා PDA හෙවත් පෞද්ගලික අංකිත සහයක උපකරණ වෙළදපොලට හඳුන්වා දෙමින් එම අඩුව පිරවීමට නිෂ්පාදකයන් උත්සාහ ගනුලැබුවේ 2000 වර්ෂය කාලයේදී පමණය. මේ සඳහා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ ජංගම සංස්කරණයක් (Windows Mobile Version) විශේෂයෙන් හඳුන්වාදෙනු ලැබීය.
ඉන්පසු විවිධ නිෂපාදකයන් විවිධ උපකරණ හඳුන්වාදෙමින් වෙළඳපොල සිසාරා බොහෝ PDA මාදිලියේ උපකරණ පුරවා දැමීය. මෑත භාගය වන විට එම ස්ථානය ස්මාර්ට් දුරකථන (Smart Phone ) මගින් පුරවාදමනු ලැබ ඇත. ෆැබ්ලට් (Phablet) සහ ටැබ්ලට් (Tablet) උපාංගද නොමදව එම අඩුව පිරවීමට යොදාගත්තද, පරිගණකයක් මගින් සම්පූර්ණ කරගත හැකි කාර්යයන් මෙම උපකරණ මගින් සිදුකර ගැනීමේදී බොහෝ ගැටළු මතුවෙයි.

වින්ඩෝස් සමාගමේ මැදිහත් වීම මත ඕකල් (Ockel) සමාගම විසින් මෙම අභියෝගය ජයගෙන ඇත්තේ 2015 වසරේ අග භාගයේදීය. එනම් 2015 ඔක්තෝබර් 28 වැනිදා Sirius B නමින් පළමු සාක්කු පරිගණකයක් එලිදක්වමිනි. මෙහි නවතම Sirius A එහි මීලඟ සංස්කරණයයි. වින්ඩොස් 10 (Windows 10) මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන මෙහි අඟල් 6ක ස්ඵර්ශ සංවේදී තිරයකින් සහ තවත් විශාල තිරයකට සම්බන්ධ කල හැකි පහසුකම්ද සහිතයි.

අතරමගදී හෝ යන එන ගමන් ස්ඵර්ශ සංවේදී තිරය හරහා මෙන්ම අවශ්‍යතාවය පරිදි බාහිරින් USB හරහා මූසිකයක් (Mouse)  සහ HDMI හෝ DisplayPort තාක්ෂණය හරහා තිරයක් (Screen) සම්බන්ධ කරගැනීමෙන් සාමාන්‍ය පරිගණකයකින් සම්පූර්ණ කරගතහැකි සියළුම කාර්යයන් වෙනුවෙන් යොදාගතහැකි සෙ.මී.8.5 X සෙ.මී 15 ප්‍රමාණයෙන් (85mm X 15mm) සහ සෙ.මී.2ක (20mm) ඝණකමකින් යුතු මෙම සාක්කු පරිගණකය ලැප්ටොප් පර්ගණකයක ඇති සියළුම පහසුකම් වලින් යුක්තය. HDMI පහසුකම නිසා එම පහසුකම සහිත රූපවාහිනී යන්ත්‍රයකට වුවද සම්බන්ධකර භාවිතාකල හැකි වීමද මෙහි විශේෂත්වයකි.

2017 මැයි වන විට වෙළඳපොලටහඳුන්වාදෙන Sirius A මෙම සාක්කු පරිගණකයේ තාක්ෂණික විස්තර මෙසේය.



ඇමෙරිකානු ඩොලර් 599ක ($599) මිළකට වෙළඳපොලට පැමිණීමට නියමිත මෙම සාක්කු පරිගණකය නිසා ලැප්ටොප් බරට බරේ රැගෙනගිය යුගය අවසන්වනු ඇතයි එහි නිෂ්පාදක කණ්ඩායමේ බලාපොරොත්තුව.


Image from with Thanks : https://www.indiegogo.com/projects/ockel-sirius-a-the-world-s-most-versatile-mini-pc-mobile-design--2#/

4 comments:

  1. අනේ මන්දා, පරිගණකය අනාගතයේදී අපේ ඇඟේම කොටසක් වගේ තියෙයි කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනාගේ අපේක්ෂාවත් ඒකම තමයි. :)

      Delete

You May Also Like

  • නොමිලේ ඉංජිනියරින් ඉගෙන ගනිමුද?
    ඉන්දියාව තාක්ෂණය අතින් කෙතරම් ඉදිරියෙන් සිටින්නේදැයි අමුතුවෙන් කිව යුතු නොවේ. අපේ අසල්වාසියා…
  • කලියුග කාලෙක
    කලියුගය යනු ඉන්දියානු හින්දු සංකල්පයකි. එයට අනුව ගුණ ධර්ම පිරිහුනු, අඳුරු යුගයක් වන අතර…
  • වැසි සළු පූජාව
    කඨින චීවර පූජාව නමින් කවුරුත් දන්නා  වැසි සළු පූජාව අතීත ශ්‍රී ලංකාවේ සිදුකරන ලද අයුරු…
  •  ගුරුවරයා සහ දහම්පාසල් ගුරුවරයා 01
    අද ගුරුවරයාගේ භූමිකාව, සංකීර්ණ සහ තරඟකාරී සමාජීය වටපිටාවත් සමඟ වෙනස් වී තිබීම නැවත නැවතත්…
  • NASA එකේ RAMA ව්‍යාපෘතිය
    NASA ආයතනයේ අරමුදලින් Made In Space නම් වූ ආයතනය මඟින් ආරම්භ කරන ලද නවතම අහ්‍යාවකාශ ව්‍යාපෘතිය…
  • දිලිසෙන දේවල් එකතු කිරීම.
    පොල්කිච්චන් සහ කවුඩු පනික්කියන් යනු දිලිසෙන දේවල් එකතු කිරීමට ඉතාම කැමති කුරුල්ලන් දෙදෙනෙකි.…
  • පාසල සහ දහම් පාසල ( නොහොත් පාසලක් සහ තවත් පාසලක් )
    මෙරට අධ්‍යපනය පිලිබඳ සාකච්ඡා බොහොමයකි. විවිධ සංනිවේදන මාධ්‍ය හරහා විවිධ විද්වතුන් නොයෙක් අයුරින්…
  • වර්ථමාන වෙළඳ සමාජය සහ ආහාර
    ඕනෑම සමාජයක ඊටම ආවේණික වූ මූලික අවශ්‍යතා ඇත.නමුත් ආහාර,නිවාස සහ ඖෂධ ඒ අතරින් ප්‍රධානය.අතීතයේ සිට…
  • පෙනහළු පිළිකා හඳුනාගැනීමට ඉතාම ලාභදායී ක්‍රමවේදයක්
    පෙනහළු පිළිකා යනු අප රටට ආගන්තුක මාතෘකාවක් නොවෙයි. මේ පිලිබඳව විවිධ සාකච්ඡා මෙන්ම දැනුවත්කිරීමේ…
  • දහම්පාසල්  අධ්‍යාපනයේ ගුරුවරයාගේ භූමිකාව
    ගුරුවරයෙකු ප්‍රධාන වශයෙන් දක්ෂතා 2 කින් සමන්විය යුතුය යන්න මගේ හැඟීමයි. 1. තමන් උගන්වන විෂය…
  • බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මනුෂ්‍යයෙක්ද ?
    "බුදුරජාණන් වහන්සේද සාමාන්‍ය මනුෂ්‍යයෙකි" යන්න නිතර සමාජයේ අසන්නට ලැබෙන දෙයකි. නමුත් එය…
  • කාලි
    කාලි යන නම ඇසූ පමණින්ම සිහියට නැගෙන කාලි දෙවඟන සහ කලියුගය පිළිබඳව බොහෝ දෙනා දන්නා බැවින් මේ…
  • ශ්‍රී සද්ධර්මය
    බොහෝ දෙනා බුදුදහම දර්ශණයක් ලෙසත්, තවත් අය එය ආගමක් ලෙසත් සලකති. නමුත් බුදුරජාණන් වහන්සේ…
  • පෞරුෂත්වය විනිශ්චයට කරුණු 9ක්
    රැකියාවකදී වන වෘත්තීය හමවක් වේවා, සමාජීයව සිදු වන හමුවීමක් හෝ වේවා දෙදෙනෙක් ප්‍රථම වරට හමුවූ…
  • හැමෝම කතා වෙන කාලාම සූත්‍රය කුමක්ද?
    රුවන් වෛද්‍යතුමා ලියන ට්‍රාන්සිල්වේනියා බ්ලොග් අඩවියේ පුනරුප්පත්තිය/ පුනර්භවය සත්‍යද ලිපියට…

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...