Thursday, October 27, 2016

පෙනහළු පිළිකා හඳුනාගැනීමට ඉතාම ලාභදායී ක්‍රමවේදයක්

පෙනහළු පිළිකා යනු අප රටට ආගන්තුක මාතෘකාවක් නොවෙයි. මේ පිලිබඳව විවිධ සාකච්ඡා මෙන්ම දැනුවත්කිරීමේ වැඩසටහන්ද නිතර සිදු වෙයි. පෙනහළු පිළිකා ඇතුළු අනෙක් සියළුම පිළිකා වර්ගයන්, මූලික අවදියේදීම හඳුනාගැනීම, ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රමවේද මගින් සුවකිරීමට විශාල වාසියක් සපයයි.

ගූගල් විද්‍යා ප්‍රදර්ශණයේ ජයග්‍රහණයක්ද ලබමින් 16 හැවිරිදි මැලේසියානු ශිෂ්‍යයෙක් මෙම පෙනහළු පිළිකා හඳුනාගැනීමට ඉතාම ලාභදායී ක්‍රමවේදයක් සොයාගෙන ඇත.


පෙනහළු පිළිකා රෝගීන්ගේ ප්‍රශ්වාස වාතයෙහි ඇති ඇල්කේන් (Alkane) නම් වූ කාබනික සංයෝග ප්‍රතිශතය ඉතා වැඩි බවයි පැවසෙන්නේ. මෙම ශිෂ්‍යයා නිපදවා ඇති නවතම සංවේදකයට (Sensor) මෙම ඇල්කේන් බහුල බව සංවේදනය කල හැකිය. ඇමෙරිකානු ඩොලර් ශත 15කට පමණ නිපදවියහැකි මෙම සංවේදකය ඇතුලත්කර ඇමෙරිකානු ඩොලර් 15ක් පමණ වන පෙනහළු පිළිකා මූලික අවධියේදීම හඳුනාගත හැකි උපකරණයක් නිපදවිය හැකි බවයි මෙහි නිර්මාපක Zසෙන්ග් ක්සින්ග් ‍යොන්ග් (Zheng Xin Yong)  තම පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කරමින් සඳහන් කරනුයේ.

මෙම පර්යේෂණය පිළිබඳව IEEE Spectrum සඟරාවට සටහනක් ලියමින් එහි තාක්ෂණික ලේඛිකා ටෙල්කා පෙරී (Telka Perry) සඳහන් කරනුයේ යොන්ග් නම් වූ මෙම යොවුන් පර්යේෂකයා,මැලේෂියාවේ ක්වාලාලාම්පූර් නුවර මෙතෝදිස්ත උසස් විද්‍යාලයේ (Methodist College Kuala Lumpur) තම උසස්පෙළ විෂය ධාරාව හදාරන අතරතුරම, රෝගීන් 37ක් යොදාගනිමින් සාර්ථකව අත්හදා බලා ඇති බවයි.

දැනට සී ටී ස්කෑන් ක්‍රමය යොදාගන්නා, පෙනහළු පිළිකා හඳුනාගන්නා ක්‍රමය මෙමගින් බොහෝ දුරට අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන තරුණ යොන්ග් තම සංවේදකය, ප්‍රාශ්වාස වාතයේ ඇති ඇල්කේන් මට්ටම නිවැරදී ප්‍රතිශතාත්මකව පෙන්වියහැකි ආකාරයට දියුණු කිරීමට පලාපොරොත්තු වෙයි.

තොරතුරු: IEEE Spectrum සඟරාව ඇසුරෙන්

Image from with Thanks: http://spectrum.ieee.org/view-from-the-valley/biomedical/diagnostics/are-xrays-really-the-best-lung-cancer-screening-test-asks-google-science-fair-finalist

3 comments:

  1. ගොඩක් දෙනෙක් සී ටී ස්කෑන් වලට යන්නේ ස්ටේජ් 3-4 වල ඉන්දෙද්දි නෙ. මේවගේ එකකින් හැමෝම ටෙස්ට් වෙනවනම් ස්ටේජ් 1 අඳුන ගන්න පුළුවන් වෙයි නේද?

    ReplyDelete
    Replies
    1. ඒ අදහසින් තමයි මේ පරීක්ෂණය කරන්නෙ. පරක්කු වී හඳුනාගැනීම නිසා වෙන හානිය ගොඩක් වැඩියිනෙ.

      Delete
  2. අද කාලයට බොහොම වටින අපූරු සොයාගැනීමක්.

    ReplyDelete

You May Also Like

  • දියුණුවේ රන් දොරටු
    ව්‍යග්ගපජ්ජ සුත්‍රය තමයි අද විස්තර කරල දෙන්න හිතුවෙ.නිතරම පොත්පත් පවා ලියවී ඇති මේ දියුණුවේ රන්…
  • කාලය
    නිතර සාකච්ඡාවට භාජනය වන කාලය වැනි මාතෘකාවක කිසිම නැවුම් බවක් නැහැ තමයි. ඒත් කාලය ගැන බුදු දහමෙන්…
  • පරිගණකයේ නවතම මුහුණුවර
    Ockel Sirius A සාක්කු පරිගණක (Pocket PC) ඉතාම පැරණි සංකලපයක් වුවද, තාක්ෂණික ගැටළු නිසාම,…
  • පුණ්‍ය ක්‍රියා -1  (දානය)
    පෙර ලිපියෙන් පින සහ කුසලය පිළිබඳව හැදින්වීමක් සිදුකරන ලද අතර දස පුණ්‍ය ක්‍රියා වලට අයත් දානය…
  • නොමිලේ ඉංජිනියරින් ඉගෙන ගනිමුද?
    ඉන්දියාව තාක්ෂණය අතින් කෙතරම් ඉදිරියෙන් සිටින්නේදැයි අමුතුවෙන් කිව යුතු නොවේ. අපේ අසල්වාසියා…
  • ජංගම දුරකතනයෙන් Hi-Fi සිංදු අහමුද?
    YAMAHA Multicast Hi Fi Music System ජංගම දුරකතනයෙන් සිංදු අහන එක අළුත් දෙයක් නෙවෙයි. අපි හැමෝම…
  • ජීවිතේ.......
    ජීවිතය පිළිබඳව බුදුපියාණන් වහන්සේ දේශණා කරනු ලැබුවේ කුමක්ද? බොහෝ දෙනාගේ පිළිතුර වනුයේ දුකයි…
  • ඉන්ධන කෝෂ විද්‍යුත් රථ (හයිබ්‍රිඩ් කාර්, විද්‍යුත් කාර් සහ ඉන්පසු...)
     කාල් බෙන්ස් විසින් 1886 ප්‍රථම අභ්‍යන්තර දහන එන්ජින් ( Internal Combustion Engine) සහිත…
  • කළගුණ සැලකීම
    දිනක් බුදුරජාණන් වහන්සේ හමුවීමට සීයා කෙනෙක් වන ඉතාම වයසක උපාසකතුමෙක් පැමිණියේය. උන්වහන්සේ හමු වී…
  • රැම්බෝ
    p { margin-bottom: 0.1in; line-height: 120%; }a:link { } කර්නල් සැමුවෙල් ට්‍රවුට්මන්: "මේ…
  • පොල් සහ අපේ ආහාර රටාව
    මේ මාතෘකාව අලුත් දෙයක් නෙවෙයි තමයි.මේ කියන්ඩ යන කරුණුත් අලුත් දේවල් නෙවෙයි.ඒත් මේ පාරම්පරික…
  • පෞරුෂත්වය විනිශ්චයට කරුණු 9ක්
    රැකියාවකදී වන වෘත්තීය හමවක් වේවා, සමාජීයව සිදු වන හමුවීමක් හෝ වේවා දෙදෙනෙක් ප්‍රථම වරට හමුවූ…
  • නෑම සහ එහි සෞඛ්‍ය ප්‍රයෝජන
    මේ විස්තරයද දේශීය වෛද්‍යාචාර්ය ඇල්ලියද්දේ දයාරත්න වෙදමහතාගෙන් දැනගත් තොරතුරු සහ තවත් අන්තර්ජාල…
  • කාලි
    කාලි යන නම ඇසූ පමණින්ම සිහියට නැගෙන කාලි දෙවඟන සහ කලියුගය පිළිබඳව බොහෝ දෙනා දන්නා බැවින් මේ…
  • නුදුරේදීම මහාමාර්ගයට එකවන රියදුරන් රහිත රථ
    ගූගල් ආයතනය (Google Inc) 2009 වසරේ ආරම්භ කළ රියදුරෙක් නොමැතිව නො එසේනම් තනියම ගමන්කල හැකි වාහනයක්…

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...