බ්ලොග් ලියන සහ කියවන හැමෝම වගේ බ්ලොග් ගැන දනිති. ලංකාවේ බ්ලොග් ලෝකය සහ බ්ලොග් සම්මාන ගැන කතාබහත් දුලභද නොවෙයි. නමුත් මේ බ්ලොග් ලෝකයේ අන්තර්ජාතික පරිච්ඡේදය ගැන බොහෝ දෙනෙක් නොදන්නා දේවල් කීපයක්.
අන්තර්ජාතික පරිච්ඡේදය යැයි පැවසුවද අන්තර්ජාතික බ්ලොග් ලෝකයේ ශ්‍රී ලංකා පරිච්ඡේදයක් තමයි සත්‍ය වශයෙන්ම පවතින්නෙ. එයද ඉතා කුඩා යැයි හැඟෙයි. අප රටේ බ්ලොග් තවම එතරම්ම ජනප්‍රිය මාධ්‍ය නොවන නිසාවෙනි. මෙසේ පැවසීමෙන් අපේ සහෘද බ්ලොග් කරුවන් මා මෙසේ පැවසීමෙන් අමනාප නොවේයැයි සිතමි.
මේ කරුණු වලින් ලෝකයේ බ්ලොග් කියන ක්ෂේත්‍රය කොපමණ දුරක් ගමන්කර ඇත්දැයි වැටහීමක් එන්නෙ ලෝකයේ වඩාත්ම බලවත්ම බ්ලොග් 50 පිළිබඳවද විස්තර හමුවන බැවිනි. එයින් අංක 1 ස්ථානයේ සිටින, ලෝක දේශපාලනය මූලික කරගත් ප්‍රවෘත්ති පලකිරනු ලබන The Huffington Post බ්ලොග් අඩවිය, ලොව ජනප්‍රියම බ්ලොග් අඩවිය මෙන්ම වැඩිම ආදායමක් උපයන අඩවියද වන්නේය.
2010 වර්ෂය වනවිට ලෝකයේ බ්ලොග් මිලියන 8ක් ප්‍රසිද්ධ කර ඇති අතර එය 2013 වර්ෂය වන විට මිලියන 152ක් දක්වා වර්ධනය වී තිබේ. 2016 සංඛ්‍යාලේකන තවම නිකුත්වී නැතත්, බ්ලොග් ප්‍රමාණය මිලියන 600 ඉක්මවා ඇතැයි විශ්වාස කරයි. බ්ලොග් ලෝකයේ සීඝ්‍ර වර්ධනය මෙම දත්ත වලින් මනාව පැහැදිලි වෙයි.
බ්ලොග් ලෝකයේ ප්‍රධාන බ්ලොග් වේදිකා සපයන සමාගම් 3ක් වන අතර එවායේ වෙළඳපොල වටිනාකම සමඟම,
1. www.wordpress.com - බ්ලොග් 74,652,825ක් සමඟ
$ 3,332,500,000 - (Rs: 487,178,175,000.00) - රු:කෝටි 4,872ක් ආසන්න වශයෙන්
2. www.tumblr.com - බ්ලොග් 316,800,000ක් සමඟ
$ 3,295,000,000 - (Rs: 481,696,050,000.00) - රු:කෝටි 4,817ක් ආසන්න වශයෙන්
3.www.blogger.com - බ්ලොග් 44,000,000ක් සමඟ (නිවැරදිම දත්ත නිකුත්කර නොමැත)
$ 2,792,500,000 - (Rs: 408,235,575,000.00) - රු:කෝටි 4,082ක් ආසන්න වශයෙන්
මේ අතරින් ලොව වඩාත්ම ජනප්‍රිය බ්ලොග් 15 අතරින් පළමු 5.
1. Huffington Post - දළ දෛනික අනන්‍ය අමුත්තන් ගණන - 110,000,000
2. TMZ - දළ දෛනික අනන්‍ය අමුත්තන් ගණන - 30,000,000
3. Business Insider - දළ දෛනික අනන්‍ය අමුත්තන් ගණන - 25,500,000
4. Mashable - දළ දෛනික අනන්‍ය අමුත්තන් ගණන - 24,000,000
5. Gizmodo - දළ දෛනික අනන්‍ය අමුත්තන් ගණන - 23,500,000
මේ අතරින් ලොව බලවත්ම බ්ලොග් 50 අතරින් පළමු 10.

1. The Huffington Post
2. Boing Boing
3. Techcrunch
4. Kottke
5. Dooce
6. Perezhilton
7. Talking points memo
8. Icanhascheezburger
9. Beppe Grillo
10. Gawker
ලොව ඉහලම ධනයක් උපයන බ්ලොග් 50 අතරින් මුල් 10.
Blog | Owner | Daily Income | Value | ||
1 | The Huffington Post | Arianna Huffington | $29,896 | $21.82 Million | Pay Per Click |
2 | Mashable | Pete Cashmore | $15,781 | $11.52 Million | Advertising Banners |
3 | Techcrunch | Michael Arrington | $14,816 | $10.82 Million | Advertising Banners |
4 | Engadget | Peter Rojas | $9,861 | $7.2 Million | Advertising Banners |
5 | Smashing Magazine | Vitaly Friedman | $6,382 | $4.66 Million | Advertising Banners |
6 | Tuts+ | Collis Taeed | $5,068 | $3.7 Million | Membership Area |
7 | Life Hacker | Nick Denton | $4,821 | $3.52 Million | Advertising Banners |
8 | Gizmodo | Attila Talos | $3,918 | $2.86 Million | Advertising Banners |
9 | Perez Hilton | Mario Lavandeira | $3,645 | $2.66 Million | Advertising Banners |
10 | Joystiq | AOL | $1,752 | $1.28 Million | CPM Advertising |
ලොව ධනවත්ම බ්ලොග් කරුවන් 10 දෙනා.
1. Michael Arrington / බ්ලොගය : 'TechCrunch' /මාසික ආදායම : $500,000 – $800,000
2. Pete Cashmore / බ්ලොගය :'Mashable' / මාසික ආදායම:$560,000 – $600,000
2. Pete Cashmore / බ්ලොගය :'Mashable' / මාසික ආදායම:$560,000 – $600,000
3. Mario Lavanderia, / බ්ලොගය :‘Powerhouse blogger’ / මාසික ආදායම: $200,000 – $400,000
4. Vitaly Friedman, / බ්ලොගය : 'SmashingMagazine' / මාසික ආදායම: $150,000 – $190,000
5. Timothy Sykes, / බ්ලොගය :'Timothy Sykes’ blog' / මාසික ආදායම: $150,000 – $180,000
6. Jake Dobki, / බ්ලොගය :'Gothamist.com' / මාසික ආදායම:$80,000 – $110,000
7. Collis Ta’eed, / බ්ලොගය :'TutsPlus ' / මාසික ආදායම: $55,000 – $120,000
8. Gina Trapani, / බ්ලොගය :'Lifehacker' / මාසික ආදායම: $110,000
9. Matt Marshall, / බ්ලොගය :'VentureBeat' / මාසික ආදායම: $50,000 – $100,000
10. Ewdison Then, / බ්ලොගය :‘Slash Gear’ / මාසික ආදායම: $60,000 – $80,000

ලොව ඥානවන්තම බ්ලොග් කරුවන් 10 දෙනෙක් පිළිබඳවත් විස්තර මෙතැනින් බලාගන්න පුළුවන්.
මෙම සියළුම බ්ලොග් මුදල් අරමුණු කරගනිමින් ආයතන ලෙස පවත්වාගෙන යනු ලබන අතර, ලංකාවේ වඩාත් ජනප්‍රිය පෞද්ගලික ස්වේච්ඡා බ්ලොග්කරණය පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ සමීක්ෂණ දත්ත එතරම් සොයාගැනීමට නොමැතිවීම කණගාටුවට කරුණක්. මක්නිසාද ඔවුන් නිදහස් මධ්‍ය ලෙස තම බ්ලොග් පවත්වාගෙන යන බැවින් එහි නියම ස්වෙච්ඡා සේවාවේ ගෞරවය ඔවුන් වෙත හිමිවන බැවිනි.
අවාසනාවකට
ශ්‍රී ලංකාවේද බ්ලොග් පිළිබඳව මෙවැනි කිසිදු ආකාරයේ විස්තරයක් සොයාගැනීමට නොමැති අතරම එමඟින්
මෙම ක්ෂේත්‍රය පිළිබඳ රාජ්‍ය හෝ පෞද්ගලික අංශවල මැදිහත්වීම, සොයාබැලීම සහ
උනන්දුව මනාව පිලිබිඹු වෙයි.
මෙවන් වටපිටාවක් තුල ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව ඉතාම දිරියෙන් තම දැනුම, කාලය සහ ශ්‍රමයද කැපකරන ලාංකීය බ්ලොග් කරුවන් සියලුදෙනා මෙන්ම එම බ්ලොග් සැම වෙත ගෙනයන සින්ඩිකේටරයන් සියලුදෙනාගේද ධෛර්යය සහ කැපවීම නිසාම බ්ලොග් ලෝකයේ ශ්‍රී ලංකා පරිච්ඡේදය මෙලෙස විචිත්‍රවත්ව සහ දැනුමින්, කලාවෙන් සහ රසයෙන් පෝෂිත අනගි මාධ්‍ය සේවාවක් බවට පත්වී ඇති බවයි මාගේ හැඟීම.
Image from with Thanks:http://chatterboxchristie.com/blogging-without-a-blog/
බොහොම වැදගත් තොරතුරු එකතුවක්. බොහොම ස්තුතියි ඔබට.
ReplyDeleteවල්පල් නොලියා හරවත් යමක් ලියන්නේ නම් හැමදාමත් බ්ලොග් එකකට පවතින්න පුළුවන්.
බොහොම ස්තූතියි විචාරකතුමා....+++++++
Deleteමරු පෝස්ට් එක .
ReplyDelete+++++++++++++++++++++
Deleteබොහොම ස්තුතියි තොරතුරුවලට.
ReplyDelete++++++++++++++++++
Deleteමම දැන් අවුරුදු දෙකකට කලින් ගොඩක් අයට කිව්වා බ්ලොග් වලින් මුදල් එක් වෙන ක්‍රමයක් හදමු කියල. ඒ කියන්නේ වෙළෙඳ දැන්වීම් හෙම අරගෙන. මම හිතන්නේ සිංහල බ්ලොග් එතනට එයි කියල.
ReplyDeleteමුදල් සම්භන්ද වීමෙන් බ්ලොග් අතර තරඟකාරීත්වයක් ඇතිවෙයි කියලයි මගෙනම් අදහස. මේ ලිපියේ සඳහන් වෙන්නෙත් එහෙම බ්ලොග් කීපයක් ගැන.
ReplyDeleteනියමයි ... ගොඩක් හොද ලිපියක් ...
ReplyDelete++++++++++++++++
Deleteඔය Huffingtonpost කියන බිලොග් එක මට හොදට මතකයි
ReplyDeleteඒ කියන්නේ 2011 අග භාගයේ වෙනකොටත් සුදුපාට සරල ටෙමිප්ලේටි එකක් එක්ක .Blogspot.com සබිඩොමේන් එකෙන් තමයි තිබුනේ. මම හිතන්නෙ ඔක අයිති ලේඩි කෙනෙකුට
අනිත් දේ තමයි මුදල් සමිබන්ධ වුනා කියල තරගකාරීත්වයක් ඇතිවෙයි කියල හිතන්න බැ මටනමි ලංකාවේ
2011 කාලෙ ගොඩක් බ්ලොග් ඒ වගේ නේද? මෙතරම් බ්ලොග් දියුණු වෙලා තිබුණු කාලයක් නෙවෙයිනෙ. ඇය Arianna Huffington. වයස 66යි.
Deleteවටින ලිපියක්.
ReplyDeleteසිංහල බ්ලොග් ලෝකයේ අභිවර්ධනයට මෙවැනි ලිපි මහඟු පිටිවහලක් !
ජය !
බොහෝම ස්තූතියි..............
Delete