කර්නල් සැමුවෙල් ට්රවුට්මන්:
"මේ පිස්සු යකා.... රැම්බෝ.... "
"රැම්බෝ... ඒක කරන්න එපා..මං කියන දේ අහපන්. උඹට කිසිම අවස්ථාවක් නෑ. ඔය තුවක්කුව බිම දාපන්. හෙලිකොප්ටරයක් එනව උඹව බ්රාග් වලට අරන් යන්න. "
"රැම්බෝ... ඒක කරන්න එපා..මං කියන දේ අහපන්. උඹට කිසිම අවස්ථාවක් නෑ. ඔය තුවක්කුව බිම දාපන්. හෙලිකොප්ටරයක් එනව උඹව බ්රාග් වලට අරන් යන්න. "
"ඒයි...වෙඩි තැබීම නවත්වන්නවා...."
"හිතල බලපන් මොනවද උඹ කරන්නෙ කියලා. ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම වටළල. එලියට යන්ඩ කිසිම විදිහක් නෑ. එලියෙ මිනිස්සු ඉන්නව M16 රයිෆල් එක්ක."
"මේ පුද්ගලික යුද්ධෙ පටන්ගන්ඩ උඹයි උල්පන්දම් දුන්නෙ.
"මේ පුද්ගලික යුද්ධෙ පටන්ගන්ඩ උඹයි උල්පන්දම් දුන්නෙ.
උඹ ඇතිවෙන්ඩ හානි සිදුකරල තියනව. "
"මිෂන් එක ඉවරයි. තේරුනාද ? මිෂන් එක ඉවරයි."
"එලියෙ ඉන්න එවුන් දිහා බලපන්... බලපන් ඉතින්..."
"මේක ඉවර කරපන්. නැත්නම් උන් උඹව මරයි. උඹට කෝකද වෙන්ඩ ඕනෙ?"
"ඒක ඉවරයි ජොනී...... ඒක ඉවරයි....."
රැම්බෝ:
"කිසිම දෙයක් ඉවර නෑ....... කිසිම දෙයක්....."
"ඔබට ඒව නිකම්ම ස්විච් එකක් වගේ ඕෆ් කරල දාන්ඩ බෑ.........."
"ඒක මගේ යුද්ධයක් නෙවෙයි.... ඔබයි මට කිව්වෙ.... මං ඔබෙන් ඉල්ලුවෙ නෑ......!!!! "
"කිසිම දෙයක් ඉවර නෑ....... කිසිම දෙයක්....."
"ඔබට ඒව නිකම්ම ස්විච් එකක් වගේ ඕෆ් කරල දාන්ඩ බෑ.........."
"ඒක මගේ යුද්ධයක් නෙවෙයි.... ඔබයි මට කිව්වෙ.... මං ඔබෙන් ඉල්ලුවෙ නෑ......!!!! "
"මං ජයග්රහණයට අවශ්‍ය හැම දේම කලා..... නමුත් කවුරුහරි අපිට දිනන්ඩ ඉඩ දුන්නෙ නෑ........."
"ඒ මදිවට මේ සමහර ඉහඳ පනුවො ගුවන්තොටුපොලෙයි, තමන්ගෙ නගර වලයි, තැන් තැන් වල උද්ඝෝෂණ කරනව. "
"උන් මට කෙල ගැහුවා. "
"මට 'ළමයින්
මරන්නා' වගේ දහජරා දේවල් කිව්වා."
"ඇයි මට විරුද්ධව උද්ඝොෂණ කරන්නෙ? ඔවුන් ඒක අත්දකින්ඩ එතන හිටියෙ නෑනෙ."
කර්නල් සැමුවෙල් ට්රවුට්මන්:
"ඒක හරිම අමාරුයි තමයි....... නමුත් ඒ අතීතයයි.........."
"ඒක හරිම අමාරුයි තමයි....... නමුත් ඒ අතීතයයි.........."
රැම්බෝ:
"ඒ ඔබට..."
" සිවිල් මිනිසුන්ගේ ජීවිත වලින් මට වැඩක් නෑ....... "
"එහෙදි අපිට තිබුනා ගෞරවනීයත්වයට රීති........... ඔබ මාව රැකගත්ත............ මං ඔබව රැකගත්ත.........."
" මෙහෙ ඒ මොනවත්ම නෑ...."
කර්නල් සැමුවෙල් ට්රවුට්මන්:
"ඉතාම විශිෂ්ඨ බලකායක ඉතුරු එකම කෙනා ඔබ...."
" මේ විදිහට ඉවර වෙන්න දෙන්න එපා...."
රැම්බෝ:
රැම්බෝ:
"එහෙදි මං හෙලිකොප්ටර් පැදෙව්වා..… යුධ ටැංකි පැදෙව්වා.… මිලියන ගණන් වටින උපකරණ පාවිච්චි කරා..........."
" මට මෙහෙ වාහනයක් නැවතුමකට දාගන්ඩ බෑ......"
රැම්බෝ හඬා
වැටෙමින්:
"කෝ අනික් කට්ටිය.......?? "
"මට හිටියා අපි වෙනුවෙන් හිටපු යාළුවෙක්… ඔවුන් ඔක්කොම ඒ වගේ කොල්ලො… ඔවුන් ඔක්කොම නියම කොල්ලො... මගෙ යාළුවෝ....."
"මෙහෙ මුකුත්ම නෑ. "
"ඔබට මතකද ඩෑන් ෆොරස්ට් ? "
"ඔහු කළු පටියක් ඔළුවෙ බැන්දා.... විසිතුරු භාණ්ඩයක් හම්බවෙලා ඔහු ඒක ලාස් වේගාස් වලට යැව්වා.... "
"මොකද, ඔහු නිතරම කථා කලේ ඒ ගැන.… ටයර් පුපුරනකන් පදවන්ඩ ඔහු ආසා කල ෂෙවි කන්වර්ටබල් (ChevyConvertible) කාර් එක ගැන."
" එක ගොවිපොලකදි සපත්තු පොලිෂ් කරන පෙට්ටියක් අරන් ආපු කොල්ලෙක් අපෙන් ඇහුවා සපත්තු පොලිෂ් කරමුද කියලා."
"ඔහු දිගින් දිගටම ඉල්ලා සිටිය නිසා, ජෝ කිව්ව ' හා ' කියලා..."
"මං බියර් කීපයක් ගේන්න පිටත් වුනා.…"
" ඒ පෙට්ටියේ බෝම්බයක්.... ඔහු ඒක විවෘත කරා....."
.................................................................................................…
"සිරුරු කොටස් හැම තැනම වීසිවෙලා ගියා. ඔහු වැටිලා ඉඳන් කෑගැහුවා...."
"ඔහුගෙ කෑලි මගේ ඇඟ පුරාම විසිරිලා..… මං ඒව අයින් කරන්න දැඟළුවා...... "
"මගේ යාළුවා....… මං ඔහුගේ කෑලි වලින් වැහිල හිටියෙ....… ලේ හැමතැනම...… "
"මං ඔහුව තියාගන්ඩ උත්සහ කරා..… ඒත් බඩවැල් දිගටම එලියට ආවා..... "
" කවුරුත් උදවු කරේ නෑ.… "
"ඔහු කිව්වා 'මට ගෙදර යන්ඩ ඕන' කියල. මගෙ නමත් කියලම කිව්ව,"
"මට ගෙදර යන්ඩ ඕන ජොනී, මට මගේ කාර් එක පදින්ඩ ඕනෙ........"
"ඒත් මට ඔහුගෙ කකුල් හොයාගන්ඩ බැරි වුනා.........."
"මට උඹේ කකුල් හොයාගන්ඩ බෑ..................."

"මට ඒක මගේ ඔළුවෙන් අයින්කර ගන්ඩ බෑ..."
" ඒ අවුරුදු 7කට කලින්. ඒත් මට ඒක හැමදාම පේනවා........"
"සමහර වෙලාවට නින්දේ ඇහැරුනාම මං දන්නෙ නෑ මං කොහෙද ඉන්නෙ කියලා...."
"මං කාටවත් කතා කරන්නෑ.... සමහර විට මුළු දවස පුරාවටම...... සමහර විට සතියක්ම..... "
"මට ඒක මගේ ඔළුවෙන් අයින් කරගන්ඩ බෑ........."
"මට ඒක මගේ ඔළුවෙන් අයින් කරගන්ඩ බෑ....................."
"මං කාටවත් කතා කරන්නෑ.... සමහර විට මුළු දවස පුරාවටම...... සමහර විට සතියක්ම..... "
"මට ඒක මගේ ඔළුවෙන් අයින් කරගන්ඩ බෑ........."
"මට ඒක මගේ ඔළුවෙන් අයින් කරගන්ඩ බෑ....................."
පරිවර්ථනය : අදහස් අවකාශය
ඇමෙරිකානු හමුදා වියට්නාම් යුද්ධයට සම්භන්ද වීම : 1962-1973
යුද්ධයෙන් පසු සෙබළුන් ඉවත්කර ගැනීම : 1973-1975
යුද්ධයෙන් පසු සෙබළුන් ඉවත්කර ගැනීම : 1973-1975
Image from with Thanks:
http://rambo.wikia.com/wiki/File:408px-First_blood_poster.jpg
දීර්ඝ කාලයක් සංග්‍රාමික කටයුතුවල යේදී සිටින හමුදා සාමාජිකයන් තුලත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් තුලත්, යුද්ධයට මැදිවී සිටි මහජනතාව තුලත්, යම් මනෝ විකෘති ස්වභාවයක් ඇතිවෙනවා. මෙය වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වන්නේ, Post Traumatic Stress Disorder=PTSD යනුවෙන්.
ReplyDeleteඅපේ රටේ මේ තත්වය අළලා ඉතා සාර්ථක කෘතියක් සම්පාදනය කර තිබෙනවා ට්‍රාන්සිල්වේනියා බ්ලොග් අඩවිය ලියන වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින්.
ඒ කෘතිය ගැන කලකට ඉහතදී මා ලියන ලද ලිපිය;
මෙතනින් බලන්න පුළුවන්
බොහෝම ස්තූති විචාරකතුමා...... රුවන් වෛද්‍යතුමගෙ ලිපියනම් මම කියවල තිබුනා. ඔබතුමාගේ ලිපිය අද තමයි කියෙව්වෙ. යුරෝපීයයන් 1982 තරම් ඈතදි මේ ගැන සාකච්ඡා කරල තියෙන්නෙ. මගේ දැනුමෙ හැටියට අපේ රටේ යුද්ධෙ පටන්ගන්ඩත් කලින්. ඒත් මෙතරම් පැරණි දැනුමක් අපේ සෙබලුන්ගෙ සුභසිද්ධිය වෙනුවෙන් උපයෝගීකර නොගැනීම ඉතාම කණගාටුවට කරුණක්. තමන්ගේ වැඩේ වෙනකන් සෙබලා විරුවෙක්. එපමණයි....!!!!
Deleteරට බේරා ගැනීමට ක්‍රියාකල වීර සෙබලුන් ගැන සිතීමට හෝ කිසිවෙක් මේ පොළොවේ ඉතිරි වී සිටීම පිළිබඳව මගේ සතුට ප්‍රකාශ කරමි.
ReplyDelete