Friday, October 7, 2016

රැම්බෝ


කර්නල් සැමුවෙල් ට්රවුට්මන්:
"මේ පිස්සු යකා.... රැම්බෝ.... "
"
රැම්බෝ... ඒක කරන්න එපා..මං කියන දේ අහපන්උඹට කිසිම අවස්ථාවක් නෑඔය තුවක්කුව බිම දාපන්හෙලිකොප්ටරයක් එනව උඹව බ්රාග් වලට අරන් යන්න. "

"ඒයි...වෙඩි තැබීම නවත්වන්නවා...."

"හිතල බලපන් මොනවද උඹ කරන්නෙ කියලාගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම වටළලඑලියට යන්ඩ කිසිම විදිහක් නෑඑලියෙ මිනිස්සු ඉන්නව M16 රයිෆල් එක්ක."
"
මේ පුද්ගලික යුද්ධෙ පටන්ගන්ඩ උඹයි උල්පන්දම් දුන්නෙ.
උඹ ඇතිවෙන්ඩ හානි සිදුකරල තියනව. "
"මිෂන් එක ඉවරයිතේරුනාද මිෂන් එක ඉවරයි."
"එලියෙ ඉන්න එවුන් දිහා බලපන්... බලපන් ඉතින්..."
"මේක ඉවර කරපන්නැත්නම් උන් උඹව මරයිඋඹට කෝකද වෙන්ඩ ඕනෙ?"
"ඒක ඉවරයි ජොනී...... ඒක ඉවරයි....."
රැම්බෝ
"
කිසිම දෙයක් ඉවර නෑ....... කිසිම දෙයක්....."
"
ඔබට ඒව නිකම්ම ස්විච් එකක් වගේ ඕෆ් කරල දාන්ඩ බෑ.........."
"
ඒක මගේ යුද්ධයක් නෙවෙයි.... ඔබයි මට කිව්වෙ.... මං ඔබෙන් ඉල්ලුවෙ නෑ......!!!! "
"මං ජයග්රහණයට අවශ් හැම දේම කලා..... නමුත් කවුරුහරි අපිට දිනන්ඩ ඉඩ දුන්නෙ නෑ........."
" මදිවට මේ සමහර ඉහඳ පනුවො ගුවන්තොටුපොලෙයිතමන්ගෙ නගර වලයිතැන් තැන් වල උද්ඝෝෂණ කරනව. "
"උන් මට කෙල ගැහුවා. "
"මට 'ළමයින් මරන්නාවගේ දහජරා දේවල් කිව්වා."
"ඇයි මට විරුද්ධව උද්ඝොෂණ කරන්නෙඔවුන් ඒක අත්දකින්ඩ එතන හිටියෙ නෑනෙ."
කර්නල් සැමුවෙල් ට්රවුට්මන්
"
ඒක හරිම අමාරුයි තමයි....... නමුත් අතීතයයි.........."
රැම්බෝ:
" ඔබට..."
සිවිල් මිනිසුන්ගේ ජීවිත වලින් මට වැඩක් නෑ....... "
"එහෙදි අපිට තිබුනා ගෞරවනීයත්වයට රීති........... ඔබ මාව රැකගත්ත............ මං ඔබව රැකගත්ත.........."
මෙහෙ මොනවත්ම නෑ...."
කර්නල් සැමුවෙල් ට්රවුට්මන්:
"ඉතාම විශිෂ්ඨ බලකායක ඉතුරු එකම කෙනා ඔබ...."
මේ විදිහට ඉවර වෙන්න දෙන්න එපා...."
රැම්බෝ:
"එහෙදි මං හෙලිකොප්ටර් පැදෙව්වා..… යුධ ටැංකි පැදෙව්වා.… මිලියන ගණන් වටින උපකරණ පාවිච්චි කරා..........."
මට මෙහෙ වාහනයක් නැවතුමකට දාගන්ඩ බෑ......"
රැම්බෝ හඬා වැටෙමින්:
"කෝ අනික් කට්ටිය.......?? "
"මට හිටියා අපි වෙනුවෙන් හිටපු යාළුවෙක් ඔවුන් ඔක්කොම වගේ කොල්ලො ඔවුන් ඔක්කොම නියම කොල්ලො... මගෙ යාළුවෝ....."
"මෙහෙ මුකුත්ම නෑ. "
"ඔබට මතකද ඩෑන් ෆොරස්ට් ? "
"ඔහු කළු පටියක් ඔළුවෙ බැන්දා.... විසිතුරු භාණ්ඩයක් හම්බවෙලා ඔහු ඒක ලාස් වේගාස් වලට යැව්වා.... "
"මොකදඔහු නිතරම කථා කලේ ගැන.… ටයර් පුපුරනකන් පදවන්ඩ ඔහු ආසා කල ෂෙවි කන්වර්ටබල් (ChevyConvertible) කාර් එක ගැන."
එක ගොවිපොලකදි සපත්තු පොලිෂ් කරන පෙට්ටියක් අරන් ආපු කොල්ලෙක් අපෙන් ඇහුවා සපත්තු පොලිෂ් කරමුද කියලා."
"ඔහු දිගින් දිගටම ඉල්ලා සිටිය නිසාජෝ කිව්ව හා කියලා..."
"මං බියර් කීපයක් ගේන්න පිටත් වුනා.…"
පෙට්ටියේ බෝම්බයක්.... ඔහු ඒක විවෘත කරා....."
.................................................................................................…
"සිරුරු කොටස් හැම තැනම වීසිවෙලා ගියාඔහු වැටිලා ඉඳන් කෑගැහුවා...."
"ඔහුගෙ කෑලි මගේ ඇඟ පුරාම විසිරිලා..… මං ඒව අයින් කරන්න දැඟළුවා...... "
"මගේ යාළුවා....… මං ඔහුගේ කෑලි වලින් වැහිල හිටියෙ....… ලේ හැමතැනම...… "
"මං ඔහුව තියාගන්ඩ උත්සහ කරා..… ඒත් බඩවැල් දිගටම එලියට ආවා..... "
කවුරුත් උදවු කරේ නෑ.… "
"
ඔහු කිව්වා 'මට ගෙදර යන්ඩ ඕනකියලමගෙ නමත් කියලම කිව්ව,"
"
මට ගෙදර යන්ඩ ඕන ජොනීමට මගේ කාර් එක පදින්ඩ ඕනෙ........"

"
ඒත් මට ඔහුගෙ කකුල් හොයාගන්ඩ බැරි වුනා.........."

"
මට උඹේ කකුල් හොයාගන්ඩ බෑ..................."

"
මට ඒක මගේ ඔළුවෙන් අයින්කර ගන්ඩ බෑ..."
අවුරුදු 7කට කලින්ඒත් මට ඒක හැමදාම පේනවා........"
"සමහර වෙලාවට නින්දේ ඇහැරුනාම මං දන්නෙ නෑ මං කොහෙද ඉන්නෙ කියලා...."
"
මං කාටවත් කතා කරන්නෑ.... සමහර විට මුළු දවස පුරාවටම...... සමහර විට සතියක්ම..... "
"මට ඒක මගේ ඔළුවෙන් අයින් කරගන්ඩ බෑ........."
"මට ඒක මගේ ඔළුවෙන් අයින් කරගන්ඩ බෑ....................."
පරිවර්ථනය අදහස් අවකාශය

චිත්රපටය : Rambo - First Blood
තිරගත වූ වර්ෂය : 1982
චිත්රපටය සඳහා මූලාශ් First Blood (නවකථාව )
ජවනිකාව අවසාන ජවනිකාව
Image from with Thanks: http://rambo.wikia.com/wiki/File:408px-First_blood_poster.jpg

3 comments:

  1. දීර්ඝ කාලයක් සංග්‍රාමික කටයුතුවල යේදී සිටින හමුදා සාමාජිකයන් තුලත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් තුලත්, යුද්ධයට මැදිවී සිටි මහජනතාව තුලත්, යම් මනෝ විකෘති ස්වභාවයක් ඇතිවෙනවා. මෙය වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වන්නේ, Post Traumatic Stress Disorder=PTSD යනුවෙන්.

    අපේ රටේ මේ තත්වය අළලා ඉතා සාර්ථක කෘතියක් සම්පාදනය කර තිබෙනවා ට්‍රාන්සිල්වේනියා බ්ලොග් අඩවිය ලියන වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින්.

    ඒ කෘතිය ගැන කලකට ඉහතදී මා ලියන ලද ලිපිය;

    මෙතනින් බලන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූති විචාරකතුමා...... රුවන් වෛද්‍යතුමගෙ ලිපියනම් මම කියවල තිබුනා. ඔබතුමාගේ ලිපිය අද තමයි කියෙව්වෙ. යුරෝපීයයන් 1982 තරම් ඈතදි මේ ගැන සාකච්ඡා කරල තියෙන්නෙ. මගේ දැනුමෙ හැටියට අපේ රටේ යුද්ධෙ පටන්ගන්ඩත් කලින්. ඒත් මෙතරම් පැරණි දැනුමක් අපේ සෙබලුන්ගෙ සුභසිද්ධිය වෙනුවෙන් උපයෝගීකර නොගැනීම ඉතාම කණගාටුවට කරුණක්. තමන්ගේ වැඩේ වෙනකන් සෙබලා විරුවෙක්. එපමණයි....!!!!

      Delete
  2. රට බේරා ගැනීමට ක්‍රියාකල වීර සෙබලුන් ගැන සිතීමට හෝ කිසිවෙක් මේ පොළොවේ ඉතිරි වී සිටීම පිළිබඳව මගේ සතුට ප්‍රකාශ කරමි.

    ReplyDelete

You May Also Like

  • පින සහ කුසලය
    නිතර නිතර මතු වන ප්‍රශ්ණයක් නිසාම මෙ ගැන පෝස්ට් එකක් ලියන්ඩ හිතුවෙ.මොකක්ද පින කියන්නෙ? ඒක…
  • වැසි සළු පූජාව
    කඨින චීවර පූජාව නමින් කවුරුත් දන්නා  වැසි සළු පූජාව අතීත ශ්‍රී ලංකාවේ සිදුකරන ලද අයුරු…
  • අන්තර්ජාතික බ්ලොග් ලෝකය
    බ්ලොග් ලියන සහ කියවන හැමෝම වගේ බ්ලොග් ගැන දනිති. ලංකාවේ බ්ලොග් ලෝකය සහ බ්ලොග් සම්මාන ගැන කතාබහත්…
  • පොතක් කෙටියෙන් - The Alchemist
    Book Cover "The Alchemist" එහෙමත් නැත්නම් "රසායනඥයා" ලෙස නම් කල මේ කෘතිය ලෝකයේ වැඩිම පිටපත්…
  • නෑම සහ එහි සෞඛ්‍ය ප්‍රයෝජන
    මේ විස්තරයද දේශීය වෛද්‍යාචාර්ය ඇල්ලියද්දේ දයාරත්න වෙදමහතාගෙන් දැනගත් තොරතුරු සහ තවත් අන්තර්ජාල…
  • අලුත්ම අන්තර්ජාලය (Internet of Things)
    අන්තර්ජාලය කියන්නෙ මොකක්ද කියල හැමෝම දන්නවනෙ.මේ කියන්න යන්නෙ ඒ අපි දන්න අන්තර්ජාලයේ තවත්…
  • ශ්‍රී සද්ධර්මය
    බොහෝ දෙනා බුදුදහම දර්ශණයක් ලෙසත්, තවත් අය එය ආගමක් ලෙසත් සලකති. නමුත් බුදුරජාණන් වහන්සේ…
  • පුණ්‍ය ක්‍රියා -2 (සීලය)
    දස පුණ්‍ය ක්‍රියා පිළිබඳ ළිපි මාලාවේ පළමු ළිපිය මෙතනින්. මේ ළිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු…
  • පාපිස්සක් වගේ ......
    “මහණෙනි, ශාරීපුත්‍ර මොග්ගල්ලායනයන් සේවනය කරව්. මහණෙනි, ශාරීපුත්‍ර මොග්ගල්ලානයන් භජනය කරව්.…
  • දියුණුවේ රන් දොරටු
    ව්‍යග්ගපජ්ජ සුත්‍රය තමයි අද විස්තර කරල දෙන්න හිතුවෙ.නිතරම පොත්පත් පවා ලියවී ඇති මේ දියුණුවේ රන්…
  • කළගුණ සැලකීම
    දිනක් බුදුරජාණන් වහන්සේ හමුවීමට සීයා කෙනෙක් වන ඉතාම වයසක උපාසකතුමෙක් පැමිණියේය. උන්වහන්සේ හමු වී…
  • දහම්පාසල්  අධ්‍යාපනයේ ගුරුවරයාගේ භූමිකාව
    ගුරුවරයෙකු ප්‍රධාන වශයෙන් දක්ෂතා 2 කින් සමන්විය යුතුය යන්න මගේ හැඟීමයි. 1. තමන් උගන්වන විෂය…
  • ගීතය සහ සංගීතය
    සංගීත විෂය පිළිබඳ ගැඹුරු අවබෝධයක් හෝ දැනුමක් නොමැති සාමාන්‍ය රසිකයන් වන අප හට ගීතය, සංගීතයට වඩා…
  • ඔටුන්නේ බර
     පොදු ජනයාගේ නව ජනාධිපතිවරයාට හෘදයාංගම සුභ පැතුම් එක් කරන අතරම ජනාධිපතිවරණයේ මෙන් නොව…
  • කාලය
    නිතර සාකච්ඡාවට භාජනය වන කාලය වැනි මාතෘකාවක කිසිම නැවුම් බවක් නැහැ තමයි. ඒත් කාලය ගැන බුදු දහමෙන්…

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...