Friday, September 30, 2016

ත්‍රිපිටකය නොමිලේ සිංහලෙන් කියවමු

"මාගේ මේ ශ්‍රි සද්ධර්මය බබළන්නේ විවෘත වූ විටය. ආවරණය වූ විට නොවේ"
ශ්‍රී ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ


ක්‍රි:පූ: 26-19 වලගම්බා රජු කල පාලි භාෂාවෙන් හෙළ අකුරින් ග්‍රන්ථාරූඩ කරන ලද ඒ ශ්‍රී සද්ධර්මය පුස්කොළ මතින් ශතවර්ශ 20ක් කාලය හරහා පැමිණ ක්‍රි:ව: 1956 වර්ෂයට යෙදී තිබුණු 2500 ශ්‍රි සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් සිංහල භාෂාවට පරිවර්ථනය වී බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාව නමින් මුද්‍රණ ද්වාරයෙන් එලිදැක්කේය.

අද වන විට ඒ ශ්‍රී ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශිත, ස්වාක්ඛාත වූ ශ්‍රි සද්ධර්මය මුද්‍රණ මාධ්‍යයෙන් ඔබ්බට ගොස් ලොව නොවීනතම සහ විශාලතම තොරතුරු ගබඩාව වන අන්තර්ජාලය වෙත ප්‍රවේශය ලබා ඇත. බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවම "On Line" ක්‍රමයට මෙන්ම පරිඝණකය වෙත භාගතකර කියවිය හැකි පහසුකම් සැපයීමට ආයතන සහ සංවිධාන කීපයක්ම වෙබ් පිටු හරහා ඉදිරිපත්ව සිටින නිසාම මෙම ලිපිය හරහා එම වෙබ් පිටු ඉදිරිපත් කිරීමට අදහස් කලෙමි.

ත්‍රිපිටකය On Line ක්‍රමයට කියවිය හැකි ස්ථාන.

1. පිටක
2. මෙත්තා

PDF ලෙස භාගත කරගත හැකි ස්ථාන.

1. ආතාපි
2. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
3. සිංහල ත්‍රිපිටක
4. ත්‍රිපිටක word press අඩවිය

මීට අමතරව ඉංග්‍රීසි භාෂාවෙන් ත්‍රිපිටකය විස්තර කරනු ලබන ස්ථානයක් මේ.

http://www.accesstoinsight.org/tipitaka/

මෙලෙස ශ්‍රී සද්ධර්මය සැමටම විවර කරමින්, ධර්මය බැබලවීමට කටයුතු කරමින්,මෙම සද්කාර්යය සිදුකරගෙන යනු ලබන සියළුදෙනා හට දෙනාට පිං අනුමෝදන් කරමින්, සෑමදෙනාටම හැකි හැම මොහොතකම මේ ශ්‍රී සද්ධර්මය කියවීමට ආරාධනා කරන්නෙමි.

Image from with thanks: http://knalpt.ru/sinhala-tripitaka.html

ප\ලි
මේ පසුව හම්බවුන තවත් ත්‍රිපිටකය On Line ක්‍රමයට කියවිය හැකි ස්ථාන. ( 07th Oct 2016 )
ත්‍රිපිටකය 
මහමෙව්නාව ත්‍රිපිටක පරිවර්ථන


6 comments:

  1. බොහොම වැදගත් තොරතුරු ඔබට ස්තුතියි

    ReplyDelete
  2. //බොහොම වැදගත් තොරතුරු ඔබට ස්තුතියි// +++++++++++++++++

    ReplyDelete
  3. මම මේක ඩවුන්ලෝඩ් කරගෙන සෑහෙන කල්. මේ සම්පුර්ණ ත්රිපටකය නෙමේ නේද?

    ReplyDelete
  4. 1. ආතාපි
    2. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

    මෙතන සම්පූර්ණ ත්‍රිපිටකයම තියනව. බුද්ධ ජයන්ති පරිවර්තනය.
    Online 2ම සම්පුර්ණ නැහැ.නමුත් සූත්‍ර පිටකය සම්පූර්ණයෙන්ම තියනව.

    ReplyDelete
  5. මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකය කියවීමට පහසු විදියට පරිවර්තනය නොකර මෙච්චර අමාරු කලෙ ඇයි? මේක සරලව තෙරුම් ගැනිමට හැකි විදියට පරිවර්තනය කලා නම් සැබෑ බුදු දහම අදහන මිනිසුන් අද කොපමන සිටීවීද?

    ReplyDelete
    Replies
    1. සිතා මතා අමාරු කිරීමක් ලෙස සිතිය නොහැක. ඒ 1956 වර්ෂය වනවිට තිබුනු රචන භාෂා රටාවයි. රේරුකානේ මහනාහිමියන්ගේ පොත් වුනත් එම රටාවෙන්මයි.

      Delete

You May Also Like

  • නෑම සහ එහි සෞඛ්‍ය ප්‍රයෝජන
    මේ විස්තරයද දේශීය වෛද්‍යාචාර්ය ඇල්ලියද්දේ දයාරත්න වෙදමහතාගෙන් දැනගත් තොරතුරු සහ තවත් අන්තර්ජාල…
  • පොල් සහ අපේ ආහාර රටාව
    මේ මාතෘකාව අලුත් දෙයක් නෙවෙයි තමයි.මේ කියන්ඩ යන කරුණුත් අලුත් දේවල් නෙවෙයි.ඒත් මේ පාරම්පරික…
  • පොතක් කෙටියෙන් - The Alchemist
    Book Cover "The Alchemist" එහෙමත් නැත්නම් "රසායනඥයා" ලෙස නම් කල මේ කෘතිය ලෝකයේ වැඩිම පිටපත්…
  • පුණ්‍ය ක්‍රියා -1  (දානය)
    පෙර ලිපියෙන් පින සහ කුසලය පිළිබඳව හැදින්වීමක් සිදුකරන ලද අතර දස පුණ්‍ය ක්‍රියා වලට අයත් දානය…
  • කලියුග කාලෙක
    කලියුගය යනු ඉන්දියානු හින්දු සංකල්පයකි. එයට අනුව ගුණ ධර්ම පිරිහුනු, අඳුරු යුගයක් වන අතර…
  • හැමෝම කතා වෙන කාලාම සූත්‍රය කුමක්ද?
    රුවන් වෛද්‍යතුමා ලියන ට්‍රාන්සිල්වේනියා බ්ලොග් අඩවියේ පුනරුප්පත්තිය/ පුනර්භවය සත්‍යද ලිපියට…
  • ශ්‍රී සද්ධර්මය
    බොහෝ දෙනා බුදුදහම දර්ශණයක් ලෙසත්, තවත් අය එය ආගමක් ලෙසත් සලකති. නමුත් බුදුරජාණන් වහන්සේ…
  • පින සහ කුසලය
    නිතර නිතර මතු වන ප්‍රශ්ණයක් නිසාම මෙ ගැන පෝස්ට් එකක් ලියන්ඩ හිතුවෙ.මොකක්ද පින කියන්නෙ? ඒක…
  •  ගුරුවරයා සහ දහම්පාසල් ගුරුවරයා 01
    අද ගුරුවරයාගේ භූමිකාව, සංකීර්ණ සහ තරඟකාරී සමාජීය වටපිටාවත් සමඟ වෙනස් වී තිබීම නැවත නැවතත්…
  • Blizz
    Blizz or Bliss or Supreme Happinessකාලෙකින් පොස්ට් එකක් දාන්න බැරි වුණු නිසා කවියකින්ම පටන්ගන්න…
  • නුදුරේදීම මහාමාර්ගයට එකවන රියදුරන් රහිත රථ
    ගූගල් ආයතනය (Google Inc) 2009 වසරේ ආරම්භ කළ රියදුරෙක් නොමැතිව නො එසේනම් තනියම ගමන්කල හැකි වාහනයක්…
  • ඔටුන්නේ බර
     පොදු ජනයාගේ නව ජනාධිපතිවරයාට හෘදයාංගම සුභ පැතුම් එක් කරන අතරම ජනාධිපතිවරණයේ මෙන් නොව…
  • ඉන්ධන කෝෂ විද්‍යුත් රථ (හයිබ්‍රිඩ් කාර්, විද්‍යුත් කාර් සහ ඉන්පසු...)
     කාල් බෙන්ස් විසින් 1886 ප්‍රථම අභ්‍යන්තර දහන එන්ජින් ( Internal Combustion Engine) සහිත…
  • සම මතින් දත්ත සම්ප්‍රෙෂණය
    රැහැන් රහිතව වාතය හරහා ඉලෙක්ට්‍රොනික රහස් පද හෙවත් පාස්වර්ඩ් යවා අගුළු හැරීම නවීන මෝටර් රථ වල…
  • ගීතය සහ සංගීතය
    සංගීත විෂය පිළිබඳ ගැඹුරු අවබෝධයක් හෝ දැනුමක් නොමැති සාමාන්‍ය රසිකයන් වන අප හට ගීතය, සංගීතයට වඩා…

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...