Friday, September 16, 2016

ජීවිතේ.......

ජීවිතය පිළිබඳව බුදුපියාණන් වහන්සේ දේශණා කරනු ලැබුවේ කුමක්ද? බොහෝ දෙනාගේ පිළිතුර වනුයේ දුකයි යනුවෙන් දේශණා කල බවයි. නමුත් එය අසත්‍යයක් වන අතරම බුදුපියාණන් වහන්සේට අසත්‍යයෙන් චෝදනා කිරීමකි. නමුත් නොදන්නාකම නිසාම එසේ සිතන බැවින් මෙලෙස සටහන් කිරිමට සිතුවෙමි.


"මහාලිය, මේ රූපය වනාහි ඒකාන්තයෙන් දුක් වන්නේවේද දුකට වැටෙන්නේ වේද, දුකට බසින්නේ වේද, සැපයෙන් නොබස්නේ වේද, මේ සත්වයෝ රූපයෙහි නොඇලෙන්නාහුය. 
මහාලිය, යම් හේතුවකින් වනාහි මේ රූපය සැප වන්නේද, සැපට පැමිණෙන්නේද, සැපට බස්නේද, සැපයෙන් යුක්තද, එහෙයින් සත්වයෝ රූපයෙහි ඇලෙන්නාහුය.
ඇලීම හේතුකොටගෙන බැඳෙන්නාහුය.බැඳීම හේතුකොට ගෙන කෙලෙසෙත්. මහාලිය, සත්වයන්ගේ කෙලෙසීම පිණිස මෙයද හේතුවේ. මෙයද ප්‍රත්‍යයවේ. මෙසේද සහේතුසප්‍රත්‍යයයෙන් සත්වයෝ කෙළෙසෙත්."

~ සූත්‍ර පිටකය ~ සංයුක්ත නිකාය ~ ඛන්ධ සංයුක්තය ~ උපාය වග්ගය ~ මහාලී සූත්‍රය ~

මෙලෙස බුදුපියාණන් වහන්සේ ලෝකය දුකෙන් පමණක් සහිත නොවන බවත් ලෝකය සැප, දුක, උපේක්ෂාව යන සියලුම විඳීම් වලින් යුතු බවත් පෙන්වා දෙයි.
මෙලෙස සැප ලබාදෙන දේවල් වල ඇති වෙනස්වන ස්වාභාවය නිසා හෙවත් නිත්‍ය නොවන ස්වාභාවය නිසා ඉන් ලැබෙන සැපයද වෙනස් වී යයි. නමුත් මෙම සැපයට ලොල් වීම නිසා සැපය වෙනස්වීමෙන් දුකට පත්වෙයි. ඒ දුක නැතිකර ගැනීම සඳහාත්, තවතවත් සැපයන් ඇතිකරගැනීම සඳහාත් නරක දේ කෙරෙහි පෙළඹෙයි.

"මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු සැප වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්, මේ ලෝකයෙහි මෙබඳු සැපවේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත්. මේ ලෝකයෙහි මෙබඳු දුක් වේදනාවක් විඳින “ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්, මේ ලෝකයෙහි මෙබඳු දුක් වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්. කුශල ධර්මයෝ වැඩෙත්. මේ ලෝකයෙහි මෙබඳු සැප දුක් නොවූ වේදනාව විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්, මේ ලෝකයෙහි මෙබඳු සැප දුක් නොවූ වේදනා විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත්යයි මා විසින් දෙසනලද ධර්මයක් තොපි දන්නාහු නොවෙත්ද?"
"එසේය, ස්වාමීනි,"
~ සූත්‍ර පිටකය ~ මජ්ජිම නිකාය ~ මජ්ජිම පණ්ණාසකය ~ භික්ඛු වග්ගය ~ කීටාගිරි සූත්‍රය ~


මෙලොව යම් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ උපේක්ෂා වේදනාවක් ඇතිද, එය විඳීමෙන් කුසල් වැඩෙයිද, අකුසල් පිරිහෙයිද එය ඇසුරුකල යුතුය. 


මෙලොව යම් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ උපේක්ෂා වේදනාවක් ඇතිද, එය විඳීමෙන් අකුසල් වැඩෙයිද, කුසල් පිරිහෙයිද එය දුරුකල යුතුය. 

බුදුපියාණන් වහන්සේ ජීවිතය දුකෙන් පමණක් පිරුනක් යැයි දේශණා නොකලා පමණක් නොව සැපයද ප්‍රතික්ෂේප නොකළ සේක.

අකුසලයම ප්‍රතික්ෂේප කල අතරම පිළිකුල් කල සේක.

අත්හැරිය යුත්තේ සැපය නොවේය. අකුසලයමය.

සූත්‍ර පාඨ උපුටාගැනීම, ස්තූතිය සමඟින් -  pitaka.lk

Image from with Thanks :http://nikolaydomanov.eu/en/blog/about-life

2 comments:

  1. පැහැදිලිව වැටහුනා. බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. //පැහැදිලිව වැටහුනා // +++++++++

      Delete

You May Also Like

  • කලියුග කාලෙක
    කලියුගය යනු ඉන්දියානු හින්දු සංකල්පයකි. එයට අනුව ගුණ ධර්ම පිරිහුනු, අඳුරු යුගයක් වන අතර…
  • රැම්බෝ
    p { margin-bottom: 0.1in; line-height: 120%; }a:link { } කර්නල් සැමුවෙල් ට්‍රවුට්මන්: "මේ…
  • Blizz
    Blizz or Bliss or Supreme Happinessකාලෙකින් පොස්ට් එකක් දාන්න බැරි වුණු නිසා කවියකින්ම පටන්ගන්න…
  • NASA එකේ RAMA ව්‍යාපෘතිය
    NASA ආයතනයේ අරමුදලින් Made In Space නම් වූ ආයතනය මඟින් ආරම්භ කරන ලද නවතම අහ්‍යාවකාශ ව්‍යාපෘතිය…
  • අලුත්ම අන්තර්ජාලය (Internet of Things)
    අන්තර්ජාලය කියන්නෙ මොකක්ද කියල හැමෝම දන්නවනෙ.මේ කියන්න යන්නෙ ඒ අපි දන්න අන්තර්ජාලයේ තවත්…
  • පුණ්‍ය ක්‍රියා -1  (දානය)
    පෙර ලිපියෙන් පින සහ කුසලය පිළිබඳව හැදින්වීමක් සිදුකරන ලද අතර දස පුණ්‍ය ක්‍රියා වලට අයත් දානය…
  • අන්තර්ජාතික බ්ලොග් ලෝකය
    බ්ලොග් ලියන සහ කියවන හැමෝම වගේ බ්ලොග් ගැන දනිති. ලංකාවේ බ්ලොග් ලෝකය සහ බ්ලොග් සම්මාන ගැන කතාබහත්…
  • නැකත
    ’’මහණෙනි, යම් සත්ත්‍ව කෙනෙක් පෙරවරු කාලයෙහි කයින් සුචරිතයෙහි හැසිරෙද්ද, වචනයෙන් සුචරිතයෙහි…
  • ජීවිතේ.......
    ජීවිතය පිළිබඳව බුදුපියාණන් වහන්සේ දේශණා කරනු ලැබුවේ කුමක්ද? බොහෝ දෙනාගේ පිළිතුර වනුයේ දුකයි…
  • පෞරුෂත්වය විනිශ්චයට කරුණු 9ක්
    රැකියාවකදී වන වෘත්තීය හමවක් වේවා, සමාජීයව සිදු වන හමුවීමක් හෝ වේවා දෙදෙනෙක් ප්‍රථම වරට හමුවූ…
  • පින සහ කුසලය
    නිතර නිතර මතු වන ප්‍රශ්ණයක් නිසාම මෙ ගැන පෝස්ට් එකක් ලියන්ඩ හිතුවෙ.මොකක්ද පින කියන්නෙ? ඒක…
  • සම මතින් දත්ත සම්ප්‍රෙෂණය
    රැහැන් රහිතව වාතය හරහා ඉලෙක්ට්‍රොනික රහස් පද හෙවත් පාස්වර්ඩ් යවා අගුළු හැරීම නවීන මෝටර් රථ වල…
  • පොතක් කෙටියෙන් - The Alchemist
    Book Cover "The Alchemist" එහෙමත් නැත්නම් "රසායනඥයා" ලෙස නම් කල මේ කෘතිය ලෝකයේ වැඩිම පිටපත්…
  • ජංගම දුරකතනයෙන් Hi-Fi සිංදු අහමුද?
    YAMAHA Multicast Hi Fi Music System ජංගම දුරකතනයෙන් සිංදු අහන එක අළුත් දෙයක් නෙවෙයි. අපි හැමෝම…
  • කාලය
    නිතර සාකච්ඡාවට භාජනය වන කාලය වැනි මාතෘකාවක කිසිම නැවුම් බවක් නැහැ තමයි. ඒත් කාලය ගැන බුදු දහමෙන්…

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...