Tuesday, September 27, 2016

කලියුග කාලෙක


කලියුගය යනු ඉන්දියානු හින්දු සංකල්පයකි. එයට අනුව ගුණ ධර්ම පිරිහුනු, අඳුරු යුගයක් වන අතර දෙවියන්ගෙන් ඈත් වන යුගයකි. මෙවන් ගුණ ධර්ම පිරිහුණු යුගයක ඉපදුනු නුවණක්කාරයොනම් මෙම ගුණධර්ම පිළිබඳව අවබෝධයෙන් සිටි බව පෙනෙයි. මෙවන් නුවණක් සහිත දෙදෙනෙක් ගම්පොල හෙවත් උඩරට සහ රයිගම හෙවත් පහත රට අතර දිවෙන ප්‍රධාන මාර්ගයේදී හමුවී හොඳින් සෙවන දෙන මාර ගහක් යට ගිමන් හරින අතර තුර සිදුකරන මේ සාකච්ඡාව තම ප්‍රදේශ වල ගුණධර්මය පිළිබඳව වීම බොහෝ විට දෙදෙනාගෙම බුද්ධියට සහ මතයන්ට ගැළපෙන්නකි.



පලාත් වල වෙනස කාලගුණයෙන්ද කියවෙන්නා සේම සංස්කෘතියෙන්ද වෙනස් වන නමුදු මිනිසුන්ගේ පිරිහීම දෙදෙනාගේ උපහාසයට ලක්වෙයි.
උඩරට ප්‍රදේශයේ වියළි කාලගුණයේ උනත් වැඩිහිටි කකුළුවන් නොහොත් ආදේශිත ජනයා තමන් ඇදයට හෙවත් නොමඟ ගමන් කරන ගමන්ම තම දරුවන්ට නිවැරදි මඟ කියාදීමට මහත් වෙහෙසෙන බවයි ගම්පලයගෙ අදහස. නමුත් අවවාදයට වඩා ආදර්ශය උතුම් යැයි පැවසෙන්නා සේම, දරුවන්ද අවවාදය නොසලකා හැර ආදර්ශයම ඉදිරියට යන බව පෙනෙයි.මේ ඇදය ගුණධර්ම වලද නො එසේනම් අනෙකකදැයි නොපැහැදිලි නමුදු කලියුගයේ ගුණධර්ම පිළිබඳ මාතෘකාව ප්‍රබල බැවින් අසන්නා එසේ සැලකීමෙහි වරදක්ද නොපෙනෙයි.

ධාරානිපාත වැසි නිසා ගං වතුර නම් වු ස්වාභාවික පරිවර්ථනයට යටවී ඇති රයිගම් පෙදෙසේ ජන ජීවිතය උඩු යටිකුරු වී ඇති බව රයිගමයාට පෙනෙයි. නමුත් මේ මහා සමාජ පරිවර්තනය මැද ඔවුන් තමන්ට සුපුරුදු විලසින්ම ජීවත් වෙති. පුරුදු දේ වන ඔරු පැදීම, මහා ගංවතුරේ සැඩ පහරෙත් අනතුරද නොසලකා හැර කරති. මේ ඔරුව පෙරලීමේ අවදානමද ඇත. මහා සැඩ වේගයෙන් ගලා යන සමාජ පරිවර්ථනය තුල හනමිටි කර තබාගෙන යෑම අසාර්ථක වීමට ඇති ඉඩකඩ බොහෝ සේම සමහර විට අනතුරුදායකද විය හැක. නමුත් පෙරලුනු ඔරුව ඔවුන්ට වඩාත් හොඳය. මක්නිසාද අන් විකල්පයක් නැතිවා සේම සිත හදාගැනීමටද එය ඉවහල් වන බැවිනි.

ගුණ ධර්මයන්ගේ පිරිහීමෙන් සනිටුහන් වන ප්‍රඥවේ පිරිහීම නොහොත් බුද්ධියේ පිරිහීම තුල සමාජයේ පොදු තුලින් ඉස්මතුකර පෙන්වන නිවට සහ හිස් ක්‍රියාකාරකම් බුද්ධිමතුන්ගේ උපහාසයට හේතු වීමත්, මහ හඩින් සිනහව මතුවීමත් ස්වභාවිකය.

ප.ලි.

රෝහණ බැද්දගේ මහතා සහ බන්දුල විජේවීර මහතා ගායනා කරන "කලියුග කාලෙක උපන්න" ගීතය බොහෝම කාලෙකට පස්සෙ පසුගිය දිනෙක අහද්දි ඇති වුනු හැඟීම මෙලෙසින් වචන කලෙමි.

ගී පද රචකයා සහ සංගීතය මුසුකලේ කව්දැයි නොදනිමි.


Image from with Thanks:http://www.siyalla.com/sinhala-lyrics/song-lyric/Kaliyuga-Kaleta-Upanna-Nuwanakkarayo-Dennek/

3 comments:

  1. තේරෙන දෙයක් ලිව්වනම් මොනවහරි කියන්න තිබුණා මචෝ. මීට පස්සේ සිංහලෙන් ලියපන්. අපිට තේරෙන්නේ සිංහල විතරයි.

    ReplyDelete
    Replies
    1. මෙම ගීතයෙන් කියවෙන දේ Anonymous ගේ කොමෙන්ට් එකෙන්ම හොඳට තේරේනවා කලියුගයක් ඇති වීමට හේතු වන්නේ නූගතුන් හෝ නූගතුන් සේ වැඩ කරන්නන් බිහිවීමයි. උපුටා ගැනීම සඳහන් කරමින් වෙනත් තැනක පළ කිරීමට අවසර පතමි

      Delete
    2. දැනුම බෙදාගැනීම උදෙසා පවතින්නක් බව මාගේ විශ්වාසයයි. එනිසා හැකිතාක් දැනුම බෙදාගැනීම කලයුත්තකි. බ්ලොග් කලාවේ අරමුණ සහ ප්‍රයෝජනයද එය යැයි සිතමි. එබැවින් මෙහි පළවන යමක් ප්‍රයොජනවත් යැයි සලකා බෙදාගැනීමට අදහස් කිරීම පිළිබඳව ඔබට මාගේ ස්තූතිය. පළකිරීම පිළිබඳව කිසිම විරුද්ධත්වයක් නොමැත. ස්තූතියි......

      Delete

You May Also Like

  • පොල් සහ අපේ ආහාර රටාව
    මේ මාතෘකාව අලුත් දෙයක් නෙවෙයි තමයි.මේ කියන්ඩ යන කරුණුත් අලුත් දේවල් නෙවෙයි.ඒත් මේ පාරම්පරික…
  • ත්‍රිපිටකය නොමිලේ සිංහලෙන් කියවමු
    "මාගේ මේ ශ්‍රි සද්ධර්මය බබළන්නේ විවෘත වූ විටය. ආවරණය වූ විට නොවේ"ශ්‍රී ගෞතම සම්මා…
  • බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මනුෂ්‍යයෙක්ද ?
    "බුදුරජාණන් වහන්සේද සාමාන්‍ය මනුෂ්‍යයෙකි" යන්න නිතර සමාජයේ අසන්නට ලැබෙන දෙයකි. නමුත් එය…
  • නුදුරේදීම මහාමාර්ගයට එකවන රියදුරන් රහිත රථ
    ගූගල් ආයතනය (Google Inc) 2009 වසරේ ආරම්භ කළ රියදුරෙක් නොමැතිව නො එසේනම් තනියම ගමන්කල හැකි වාහනයක්…
  • නොමිලේ ඉංජිනියරින් ඉගෙන ගනිමුද?
    ඉන්දියාව තාක්ෂණය අතින් කෙතරම් ඉදිරියෙන් සිටින්නේදැයි අමුතුවෙන් කිව යුතු නොවේ. අපේ අසල්වාසියා…
  • NASA එකේ RAMA ව්‍යාපෘතිය
    NASA ආයතනයේ අරමුදලින් Made In Space නම් වූ ආයතනය මඟින් ආරම්භ කරන ලද නවතම අහ්‍යාවකාශ ව්‍යාපෘතිය…
  • පෞරුෂත්වය විනිශ්චයට කරුණු 9ක්
    රැකියාවකදී වන වෘත්තීය හමවක් වේවා, සමාජීයව සිදු වන හමුවීමක් හෝ වේවා දෙදෙනෙක් ප්‍රථම වරට හමුවූ…
  •  ගුරුවරයා සහ දහම්පාසල් ගුරුවරයා 01
    අද ගුරුවරයාගේ භූමිකාව, සංකීර්ණ සහ තරඟකාරී සමාජීය වටපිටාවත් සමඟ වෙනස් වී තිබීම නැවත නැවතත්…
  • දිලිසෙන දේවල් එකතු කිරීම.
    පොල්කිච්චන් සහ කවුඩු පනික්කියන් යනු දිලිසෙන දේවල් එකතු කිරීමට ඉතාම කැමති කුරුල්ලන් දෙදෙනෙකි.…
  • ගීතය සහ සංගීතය
    සංගීත විෂය පිළිබඳ ගැඹුරු අවබෝධයක් හෝ දැනුමක් නොමැති සාමාන්‍ය රසිකයන් වන අප හට ගීතය, සංගීතයට වඩා…
  • කාලි
    කාලි යන නම ඇසූ පමණින්ම සිහියට නැගෙන කාලි දෙවඟන සහ කලියුගය පිළිබඳව බොහෝ දෙනා දන්නා බැවින් මේ…
  • කාලය
    නිතර සාකච්ඡාවට භාජනය වන කාලය වැනි මාතෘකාවක කිසිම නැවුම් බවක් නැහැ තමයි. ඒත් කාලය ගැන බුදු දහමෙන්…
  • නෑම සහ එහි සෞඛ්‍ය ප්‍රයෝජන
    මේ විස්තරයද දේශීය වෛද්‍යාචාර්ය ඇල්ලියද්දේ දයාරත්න වෙදමහතාගෙන් දැනගත් තොරතුරු සහ තවත් අන්තර්ජාල…
  • නවතම  ජංගම දුරකතන තිර අඟුළු ( screen lock ) ක්‍රමය
    ජංගම දුරකතන ගැන කිවුවම තිර අඟුළු ( screen lock ) කියන්නෙ බොහෝ දෙනා දන්නා කරුණක්. විවිධ අඟුළු…
  • රැම්බෝ
    p { margin-bottom: 0.1in; line-height: 120%; }a:link { } කර්නල් සැමුවෙල් ට්‍රවුට්මන්: "මේ…

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...