Friday, September 9, 2016

පාපිස්සක් වගේ ......

“මහණෙනි, ශාරීපුත්‍ර මොග්ගල්ලායනයන් සේවනය කරව්. මහණෙනි, ශාරීපුත්‍ර මොග්ගල්ලානයන් භජනය කරව්. පණ්ඩිතවූ (ඒ) භික්ෂූහු බඹසර ඇත්තවුන්ට අනුග්‍රහ කරන්නාහුය. මහණෙනි, වැදූ මව යම්සේද ශාරීපුත්‍ර තෙමේ එමෙනි. උපන්නහුගේ පොෂණය කරන්නාවූ මව යම්සේද, මොග්ගල්ලාන තෙමේ එවැනි වේ. මහණෙනි, ශාරීපුත්‍ර තෙමේ සෝවාන් ඵලයෙහි හික්මවයි. මොග්ගල්ලාන තෙමේ ඉහළ ඵලයන්හි හික්මවයි. මහණෙනි, ශාරීපුත්‍ර තෙම චතුරාර්‍ය්‍ය සත්‍යයන් විස්තර වශයෙන් කියන්ට, දෙශනා කරන්ට, පනවන්ට, පිහිටුවන්ට, විචරණය කරන්ට, විභාග කරන්ට, ප්‍රකට කරන්ට සමර්ථවේයයි.”
 ~ සූත්‍ර පිටකය - මජ්ජිම නිකාය - උපරිපණ්ණාසකය - විභංග වග්ගය - සච්ච විභංග සූත්‍රය ~



මෙසේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් ගුණ වර්ණනාවන් හිමි, ප්‍රඥාවෙන්ද, සීල ගුණයෙන්ද බුදුහිමියන්ට පමණක් දෙවැනි වූ, මහා සංඝරත්නයට ප්‍රධාන වු සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්වන්සේ සමාජයේදීත්, පිරිස අතරදීත් සිත පවත්වන ආකාරය පිළිබඳව ප්‍රකාශ කරනුයේ....

’’ස්වාමීනි, යම්සේ දූවිලි පිස දමන රෙදි කඩ පවිත්‍ර දෙයද පිස දමයි. අපවිත්‍ර දෙයද පිස දමයි. අසූචිද පිස දමයි. මූත්‍රද පිස දමයි. කෙළද පිස දමයි. සැරවද පිස දමයි. ලෙයද පිස දමයි. එයින් දූවිලි පිස දමන රෙදි කඩ පීඩා නොවෙයි. ලජ්ජා නොවෙයි. පිළිකුල් නොවෙයි. ස්වාමීනි, එමෙන් මම මහත්වූ, මහත් බවට ගිය, අපමණවූ, අවෛරීවූ, හිංසා රහිත, දූවිලි පිස දමන රෙදි කඩ හා සමවු සිතින් යුක්තව වාසය කරමි.

’’ස්වාමීනි, යම්සේ කබලක් අතේ ඇති, රෙදි කඩක් හැඳගත්, සැඩොල් දරුවෙක් හෝ දැරියක්, කුඩා ගමකට හෝ මහ ගමකට හෝ ඇතුල් වන්නේ, යටහත් පහත් සිත ඇතිකරගෙනම පිවිසෙයිද, ස්වාමීනි, එමෙන් මම මහත්වූ, මහත් බවට පැමිණි, අපමණවූ, අවෛරීවූ, පීඩා රහිත, සැඩොල් දරුවෙකුගේ සිතට බඳු සිතින් යුක්තව වාසය කරමි. ස්වාමීනි, එමෙන් මම මහත්වූ, මහත් බවට ගිය, අපමණවූ, අවෛරීවූ, හිංසා රහිත, පොළොව හා සමවු සිතින් යුක්තව වාසය කරමි."
 ~ සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - නවක නිපාතය - සීහනාද වග්ගය - සාරිපුත්ත සීහනාද සූත්‍රය ~

එනමුදු පංච සීලය රැකීමටද හැකියාවක් නැත්තාවූ අප.........

සූත්‍ර පාඨ උපුටාගැනීම, ස්තූතිය සමඟින් -  pitaka.lk

Image From with Thanks:http://www.globaltextiles.com/html/images/upload/tradeleads/336/335647.jpg

2 comments:

  1. ඔබ මගේ අඩවියේ දක්වා තිබුණු අදහස් ඔස්සේ මෙතනට ආවා.

    සාදු! සාදු!! සාදු!!! මේ විදිහට සරල සිංහලෙන් බුදුබණ කියාදීම මහා පින්කමක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

    ඔබේ බ්ලොග් අඩවිය දියුණුවට පත්වේවා. මා ඔබේ අඩවිය මගේ බ්ලොග් ලැයිස්තුවට එකතුකර ගත්තා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි විචාරකතුමා +++++++

      Delete

You May Also Like

  •  ගුරුවරයා සහ දහම්පාසල් ගුරුවරයා 01
    අද ගුරුවරයාගේ භූමිකාව, සංකීර්ණ සහ තරඟකාරී සමාජීය වටපිටාවත් සමඟ වෙනස් වී තිබීම නැවත නැවතත්…
  • වැසි සළු පූජාව
    කඨින චීවර පූජාව නමින් කවුරුත් දන්නා  වැසි සළු පූජාව අතීත ශ්‍රී ලංකාවේ සිදුකරන ලද අයුරු…
  • Blizz
    Blizz or Bliss or Supreme Happinessකාලෙකින් පොස්ට් එකක් දාන්න බැරි වුණු නිසා කවියකින්ම පටන්ගන්න…
  • නොමිලේ ඉංජිනියරින් ඉගෙන ගනිමුද?
    ඉන්දියාව තාක්ෂණය අතින් කෙතරම් ඉදිරියෙන් සිටින්නේදැයි අමුතුවෙන් කිව යුතු නොවේ. අපේ අසල්වාසියා…
  • පෞරුෂත්වය විනිශ්චයට කරුණු 9ක්
    රැකියාවකදී වන වෘත්තීය හමවක් වේවා, සමාජීයව සිදු වන හමුවීමක් හෝ වේවා දෙදෙනෙක් ප්‍රථම වරට හමුවූ…
  • රැම්බෝ
    p { margin-bottom: 0.1in; line-height: 120%; }a:link { } කර්නල් සැමුවෙල් ට්‍රවුට්මන්: "මේ…
  • නැකත
    ’’මහණෙනි, යම් සත්ත්‍ව කෙනෙක් පෙරවරු කාලයෙහි කයින් සුචරිතයෙහි හැසිරෙද්ද, වචනයෙන් සුචරිතයෙහි…
  • අලුත්ම අන්තර්ජාලය (Internet of Things)
    අන්තර්ජාලය කියන්නෙ මොකක්ද කියල හැමෝම දන්නවනෙ.මේ කියන්න යන්නෙ ඒ අපි දන්න අන්තර්ජාලයේ තවත්…
  • ජීවිතේ.......
    ජීවිතය පිළිබඳව බුදුපියාණන් වහන්සේ දේශණා කරනු ලැබුවේ කුමක්ද? බොහෝ දෙනාගේ පිළිතුර වනුයේ දුකයි…
  • දහම්පාසල්  අධ්‍යාපනයේ ගුරුවරයාගේ භූමිකාව
    ගුරුවරයෙකු ප්‍රධාන වශයෙන් දක්ෂතා 2 කින් සමන්විය යුතුය යන්න මගේ හැඟීමයි. 1. තමන් උගන්වන විෂය…
  • පොතක් කෙටියෙන් - The Alchemist
    Book Cover "The Alchemist" එහෙමත් නැත්නම් "රසායනඥයා" ලෙස නම් කල මේ කෘතිය ලෝකයේ වැඩිම පිටපත්…
  • කලියුග කාලෙක
    කලියුගය යනු ඉන්දියානු හින්දු සංකල්පයකි. එයට අනුව ගුණ ධර්ම පිරිහුනු, අඳුරු යුගයක් වන අතර…
  • නෑම සහ එහි සෞඛ්‍ය ප්‍රයෝජන
    මේ විස්තරයද දේශීය වෛද්‍යාචාර්ය ඇල්ලියද්දේ දයාරත්න වෙදමහතාගෙන් දැනගත් තොරතුරු සහ තවත් අන්තර්ජාල…
  • ත්‍රිපිටකය නොමිලේ සිංහලෙන් කියවමු
    "මාගේ මේ ශ්‍රි සද්ධර්මය බබළන්නේ විවෘත වූ විටය. ආවරණය වූ විට නොවේ"ශ්‍රී ගෞතම සම්මා…
  • නවතම  ජංගම දුරකතන තිර අඟුළු ( screen lock ) ක්‍රමය
    ජංගම දුරකතන ගැන කිවුවම තිර අඟුළු ( screen lock ) කියන්නෙ බොහෝ දෙනා දන්නා කරුණක්. විවිධ අඟුළු…

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...