Friday, October 21, 2016

නැකත

’’මහණෙනි, යම් සත්ත්‍ව කෙනෙක් පෙරවරු කාලයෙහි කයින් සුචරිතයෙහි හැසිරෙද්ද, වචනයෙන් සුචරිතයෙහි හැසිරෙද්ද, සිතින් සුචරිතයෙහි හැසිරෙද්ද, මහණෙනි, ඒ සත්ත්‍වයන්ට යහපත් පෙරවරු කාලයක් වෙයි.


’’මහණෙනි, යම් සත්ත්‍ව කෙනෙක් මධ්‍යාහ්ණ කාලයෙහි කයින් සුචරිතයෙහි හැසිරෙද්ද, වචනයෙන් සුචරිතයෙහි හැසිරෙද්ද, සිතින් සුචරිතයෙහි හැසිරෙද්ද, මහණෙනි, ඒ සත්ත්‍වයන්ට යහපත් මධ්‍යාහ්ණ කාලයක් වෙයි.

’’මහණෙනි, යම් සත්ත්‍ව කෙනෙක් සවස් කාලයෙහි කයින් සුචරිතයෙහි හැසිරෙද්ද, වචනයෙන් සුචරිතයෙහි හැසිරෙද්ද, සිතින් සුචරිතයෙහි හැසිරෙද්ද, මහණෙනි, ඒ සත්ත්‍වයන්ට යහපත් සවස් කාලයක් වෙයි.

"සබ්‍රහ්මචාරින් කෙරෙහි මනා කොට දන් දීමක් ඇත්ද, ඒ මොහොත දන් දෙන්නා හට ශුභ නැකතකි. ශුභ මගුලකි. ශුභ හිරු උදාවකි. ශුභ පිබිදීමකි. ශුභ ක්‍ෂණයකි. ශුභ මුහුර්‍තයකි.’’

’’එය දියුණුවූ කාය කර්‍ම වෙයි. දියුණුවූ වාක් කර්‍ම වෙයි. දියුණුවූ මනො කර්‍ම වෙයි. දියුණුවූ ප්‍රාර්‍ථනා වෙත්.’’

’’දියුණුවූ කර්‍මයන් කොට මෙහි දියුණුව ලබත්. බුද්ධ ශාසනයෙහි වැඩුනාවූ, සුඛිතවූ, ලබන ලද අර්‍ථ ඇත්තාවූ ඔවුහු, සියලු ඤාතීන් සමග නීරෝගීව, සැප ඇත්තෝ වෙයි.’’
අංගුත්තර නිකාය - තික නිපාතය - මංගල වග්ගය - පුබ්බණ්හ සූත්‍ර

සූත්‍ර පාඨ උපුටා ගැනීම: www.pitaka.lk

Image from with Thanks : https://a2ua.com/moment/img-002.php?pic=/moment/moment-002.jpg

4 comments:

  1. ‍රියල් බුද්ධාගම අපේ අයියලට අදාල නෑනේ

    ReplyDelete
    Replies
    1. නොදැනුවත්කමත් හේතුවක්. නමුත් බොහෝවිට පුහු මානයයි, පෞර්ෂයක් නැතිකමයි.

      Delete
  2. අද බෞද්ධ යැයි කියාගන්නා අයම තමා බෞද්ධ දර්ෂණයට පටහැනි දේවල් කරන්නේ...

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම. නමුත් ඒක වැරදි කිව්වම පිළිගන්ඩ කැමතිත් නෑ.

      Delete

You May Also Like

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...