Tuesday, January 16, 2018

ගීතය සහ සංගීතය

සංගීත විෂය පිළිබඳ ගැඹුරු අවබෝධයක් හෝ දැනුමක් නොමැති සාමාන්‍ය රසිකයන් වන අප හට ගීතය, සංගීතයට වඩා බොහෝ සමීපය. නමුත් අප ඇසීමට සහ රස විඳීමට තෝරා ගත යුත්තේ කිනම් ගීතද?

සන්නිවේදනය පෙරටුකොටගත් වර්ථමාන තාක්ෂණික සමාජය වෙත ලොව පුරා නන් දෙසින් එන විවිධ ප්‍රභේද වල ගීත රසවිඳිය හැකි වටපිටාවක් නිර්මාණය වී ඇත. pop, jazz, hip hop, classic, rock, blue, soul ආදි බොහෝ ප්‍රභේද මේ අතර ඇත. නමුත් සාමාන්‍ය ගීත රසිකයන් වන අප රසවිඳිය යුත්තේ මොනවාද?

ප්‍රබුද්ධ යැයි කියනා බොහෝ පිරිස්, බටහිර සහ පෙරදිග ලෙසින් බෙදා ඇති සංගීතයෙහි විවිධ නිර්මාණයන් අතරින් සම්භාව්‍ය සංගීතය හැදෑරූ ගායකයන්ගේ / නිර්මාපකයන්ගේ ගීත රසවිඳින්නන් උසස් කොට සැලකීම අප සමාජයේ සුලභ දෙයකි. ඔවුන් එයට සුභාවිත ගීතය යැයිද කියති. නමුත් සුභාවිත ගීත යනු සම්භාව්‍ය සංගීතය මුල්කොට උපන් ගීත පමණද?

සුභාවිත යනු යහපත් ලෙස භාවිතාකල යන්නයි. එබැවින් සුභාවිත ගීතය යනු යහපත් ලෙස භාවිතාකල ගීතයයි. "ආනන්දයෙන් ප්‍රඥාවට" යොදාගත් ගීතය සුභාවිත යනු මාගේ හැඟීමයි.

සමාජ පණිවිඩයක් ගීතයක් ලෙස ඉදිරිපත් කරනු ලබන නිර්මාණයක්, අසන්නා ආනන්දය හරහා ප්‍රඥාවට ගෙනයන්නක්නම් එහි ප්‍රභේදය ගැටළුවක් නොවන්නකි. පද රචනය අර්ථවත්නම්, ගීතයේ සංගීතය සහ ගායකයාගේ හඬ තුලින් ගීතයේ අර්ථය ඉස්මතුකරන්නේ නම්, සමස්තයක් ලෙස ගීතය රසය ඉස්මතු කරයි නම් සහ තමන්ට රසවින්දිය හැකිනම් එම ගීතයේ නිර්මාපකයන් හෝ ප්‍රභේදය හෝ රට හෝ භාෂාව හෝ වැදගත් නොවන්නකි.

රසිකයන් වන අප හට නම් වැදගත් නිර්මාණ පමණි.

Image from with thanks: https://en.wikipedia.org/wiki/Michael_Jackson

You May Also Like

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...