Monday, October 31, 2016

කළගුණ සැලකීම

දිනක් බුදුරජාණන් වහන්සේ හමුවීමට සීයා කෙනෙක් වන ඉතාම වයසක උපාසකතුමෙක් පැමිණියේය. උන්වහන්සේ හමු වී මේ උපාසකතුමා තම දුක කියන්නට විය. ඔහුට දරුමල්ලන් සිටි බවත් දැන් කාත් කවුරුත් නොමැති බවත් රැකියාවක් කිරීමට අපාසු තරම් ඉතාම වයස බැවින් අසරණ තත්වයට වැටී ඇති බවත් පවසමින් හඬාවැටෙන්නෙට විය. තමන්ට පිහිටවන ලෙස ඉල්ලා සිටින්නට විය.


මේ මහළු උපාසකතුමාගේ අතින් අල්ලාගත් මහාකාරුණික බුදුපියාණන් වහන්සේ ඔහුව දම්සභා මණ්ඩපයට  කැදවාගෙන වැඩියහ. බුදුරජාණන් වහන්සේ අවේලාවේ දම්සභා මණ්ඩපය දෙසට වැඩම කරනු දුටු භික්ෂූණ් වහන්සේලාද එතැනට රැස් විය.

බුදුරජාණන් වහන්සේ භික්ෂූණ් වහන්සේලා අමතමින් වයසක උපාසක තුමාගේ කථාව පවසා මේ සීයා හඳුනන අයෙක් වේදැයි විමසා සිටි සේක.

මෙවිට අග්‍රශ්‍රාවක සැරියුත් මහරහතන් වහන්සේ ඉදිරියට පැමිණ බුදුහිමියන්ට වන්දනාකොට එකත්පස්ව හිඳ තමන් වහන්සේ මෙතුමාව දන්නා බවත් කිසිදාක අමතක කල නොහැකි බවත් පැවසුවේය. බුදුරජාණන් වහන්සේ විසින් විස්තරය විමසන ලදුව සැරියුත් හිමියන් විස්තර කරමින්,

" ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මම දිනක් පිඬුසිඟා වඩින විට තරමක් ප්‍රමාද වීම නිසා දානය කිසිත් නොලැබී, මේ උපාසක තුමාගේ නිවෙස අසලින් වැඩියෙමි. වෙනදාට වඩා වේලාසනනින් දිවා ආහාරය ගනිමින් සිටි මේ උපාසකතුමා ම දැක එම බත් පතෙහි ඉතුරුව තිබුනු ආහාර කොටස මට පූජා කලා. මට එය කිසි දිනක අමතක කල නොහැක"

"පිංවත් සාරිපුත්තය එසේනම් ඔබ මේ උපාසකතුමාව ශ්‍රමණ දහමෙහි පුහුණු කරවන්න. පැවිදි භාවයෙහි පිහිටවන්න"

ලෙසින් සැරියුත් හිමියන්ට මේ සීයාව භාර කලා.

සැරියුත් හිමියන් මේ වයසක උපාසකතුමාව පැවිදි කලා. තම කුටියෙහිම පැත්තක් වෙන්කර දී ධර්මය ඉගැන්වූවා. පිණ්ඩපාතයේ වඩින්න අපහසු මෙම වයෝවෘධ නවක ස්වාමීන්වහන්සේටත් ඇති වන ලෙසින්ම පිණ්ඩපාතය රැගෙන පැමිණ, එහි අග්‍ර කොටසම ලබාදුන්නා. ඉතාම හොඳින් ධර්ම මාර්ගය දියුණු කිරීමට උදව් උපකාර කලා.

මේ වයෝවෘධ නවක ස්වාමීන්වහන්සේ ඉතාම කෙටි කලකින් අරහත්වය අවබෝධකරගත්තා.

ඒ තමයි මහා සැරියුත් මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ කුසගිනි, ඉඳුල් බත් ටිකකින් නිවාදැමූ කෙනෙක් වෙනුවෙන් කළගුණ සැලකූ ආකාරය.

Image from with Thanks:http://www.afraidtoask.com/the-rules-of-friendship-appreciation/

1 comment:

  1. අපේ කට්ටියත් කළගුණ සලකන්න කියලා කෑ ගහන එකේ මේක ටිකක් වැදගත් උපදේශයක් වගේ තමා...

    ReplyDelete

You May Also Like

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...