ඉන්දියාව තාක්ෂණය අතින් කෙතරම් ඉදිරියෙන් සිටින්නේදැයි අමුතුවෙන් කිව යුතු නොවේ. අපේ අසල්වාසියා වන ඉන්දියාව ලබා ගත් මේ දියුණුවට විවිධ හේතු ඇතත්, ඒවා ගැන කතා කිරීම දේශපාලන සාකච්ඡාවක් වන බැවින්, ඊට වඩා වැදගත් කරුණක් ඉදිරිපත් කරන්නට අදහස් කිරීම වටී.
තාක්ෂණයෙන් බලගන්වනලද ඉගෙනීම - ජාතික වැඩසටහන. (NPTEL- National Program of Technology Enhanced Learning) යනු මෙලෙස නොමිලේ ඉංජිනියරින් ඉගෙනගැනීම සඳහා වන ඉන්දියානු ජාතික වැඩසටහනයි. එය ඉන්දියානු තාක්ෂණික ආයතන 7ක් එක්ව ක්‍රියාත්මක කරනු ලබන අන්තර්ජාලය පදනම් කරගත් අධ්‍යාපන සංවර්ධන වැඩසටහනකි. ඉන්දියානු මානව සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ (MHRD) (ලංකාවෙ මා දන්න තරමින් මෙවැනි අමාත්‍යංශයක් තබා රාජ්‍ය ආයතනයක්වත් නොමැත) මුදල් වැය කරමින්, ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ තාක්ෂණික ආයතන (IIT) 7ක් වන බොම්බය, දිල්ලි, ගුවහටි, ඛාන්පූර්, ඛරග්පූර්, මදුරාසි හා රූර්කී සහ බැන්ගලොර් විද්‍යා ආයතනය එක්ව, තාක්ෂණික දැනුම අන්තර්ජාලය හරහා ලොකයේ ඕනෑම කෙනෙකුට නොමිලේම ලබා දීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
