Wednesday, September 25, 2024

ඔටුන්නේ බර

 



පොදු ජනයාගේ නව ජනාධිපතිවරයාට හෘදයාංගම සුභ පැතුම් එක් කරන අතරම ජනාධිපතිවරණයේ මෙන් නොව පාර්ලිමේන්තුව තුල ඔවුන්ට ආසන 130ක වත් බලයක් ලබදීමට ජනතාව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි. ඔවුන් බලාපොරොත්තු වන නව ව්යවස්ථාව මෙන්ම කරනු ඇතැයි බලාපොරොත්තු වන ප්රතිසංස්කරණ සඳහා එම බලය ඉතා වැදගත් බැවිනි.
දෙවනුව අදක්ෂයන් විසින් බලය දැරීම නිසාම පරාජයට පත් වූ ප්රතිවාදීන් දෙදෙනාට අපට කීමට ඇත්තේ සුදුස්සාට සුදුසු තැන දී විශ්රාම යෑම සුදුසු බවය. මක් නිසාද ඕනෑම ප්රභල ආණ්ඩුවකට ප්රභල විපක්ෂයක් අවශ්ය බැවිනි. නොඑසේනම් බලය සමතුලිත වීමක් නොමතිව අයාලේ යාමට ඉඩ කඩ බොහෝ බැවිනි. එම නිසා නොපමාව දක්ෂයන් පාලනය කරන විපක්ෂයක් උදෙසා ඔවුන් විශ්රාම යෑම අනිවාර්ය සාධකයන් බව වටහාගන්නේනම් මැනවි.
තෙවනුව ජාතික ජන බලවේගයේ මේ බලය ලබාගැනීමට පැමිණි ගමන පුරාවට 1965 සිට මේ දක්වා වසර 59ක් පුරා දහස් ගණන් තරුණ ප්රජාවේ ලේ දහදිය වැගිරුණු, පුද්ගලික ජීවිතය සහ ජීවිත වැනි දැවැන්ත කැපකිරීම් සිදු වුනු මහා ව්යාපාරයක ප්රතිඵලයක් බව අප සියල්ල දන්නා කාරණයක්. මෙය මා පෙර පැවසූ පරිදිම දැවැන්ත පෙරළියක් වන නිසාම එම කැපකිරීම් වලට සාධාරණය ඉටුකිරීමට මහා වගකීමක් ජා.ජ.බට ඇති බව තරයේ සිහිතබාගත යුතුය.
සිව්වනුව ජාතික ජන බලවේගය මෙවර දරන්නේ 2010 වසරේ සිට අප රටේ ජනතාව වෙහෙස වන වෙනස කරනු ඇතැයි යන මහා බලාපොරොත්තුව බව ඔවුන් මතක තබා ගනු ඇතැයි සිතමි. 2010 වර්ෂයේදී අසාර්ථක වුවද 2015දී මෛතීටත් 2019දී ( අප පුද්ගලිකව විශ්වාස නොකලත්) ගෝඨාභයටත් භාරදුන්නේ මේ බලාපොරොත්තුවමය. ඔවුන් දෙදෙනා කල විනාශයෙන් පසුව නැවත ජා.ජ.බට පලන්දන ඔටුන්න 2020දී මහ මඟට පැමිණ හිනිපෙත්තට පැමිණි වසට 12ක පොදු ජන අරගලයක් බවත්, තරුණ සහ මධ්යමපාන්තික නාගරික ජනතාවගේ බලාපොරොත්තුව බවත් අනුර කුමාර සහ ඔහුගේ කණ්ඩායම අවබෝධ කරගෙන ඇතැයි සිතමි. එබැවින් මෙය ඔටුන්නක් නොව පොරොත්තු මල්ලක් බවත් බැබලීමට නොව උසුලාගෙන යෑමය භාරදෙන ලද බවත් ඉදිරි බලය දරන කාලය පුරාම එහි බර බෙල්ලට, කොන්දට මෙන්ම දනිස් වලටද දැනීමට වගබලාගත් යුතු බවත් සිහිපත් කරන අතරම එසේ නොවන සෑම අවස්ථාවකම අප එය මතක් කිරීමට වගකීම දරන බවටත් සිහිපත් කරමු.
අවසාන වශයෙන් අද සිට අප රට නීතියෙන් පමණක් නොව ප්රායෝගිකවද ප්රජාතන්ත්රවාදී (ප්රජාව විසින් පාලනය කරනු ලබන) පාලනය බවට පත්වීමේ ප්රීතිය ඉතා හෘදයාංගමව විඳින අතරම 2024-09-21 යනු ජීවිත කාලය පුරාවටම අමතක නොවන දිනයක් බවට පත්වී ඇත. මෙතැන් සිට උතුරේ සිට දකුණ දක්වාත්, නැගෙනහිර සිට බටහිර දක්වාත්, දුප්පත්ම මිනිසාගේ සිට පොහොසත්ම මිනිසා දක්වාත්, නූගත්ම මිනිසාගේ සිට වගාත්ම උගත් මිනිසා දක්වාත්, සිංහල, දමිල, මුස්ලිම්, බර්ගර්, බෞද්ධ, හින්දු, කතොලික, ඉස්ලාම් අප සැම ශ්රී ලාංකිකයන් ලෙස එකා වන්ව එකිනෙකා වෙනුවෙන් වෙහෙස විය යුතු කාලය එලැඹ ඇති බවත්, නව නායකත්වය ඊට නිවැරදි නායකත්වය දෙනු ඇති බව බලාපොරොත්තු වන බවත් සිහිපත් කරමින්, ලැබූ ජය සාමකාමීව සමරමු.
 

2 comments:

  1. ලප කොටා දැක්කම හිනා යනවා හුත්තෝ

    ReplyDelete
  2. ජනාධිපති කියලා පෙන්නන්න පුලුවන්ද මේ ඩොටේ ගොබ්බයා. දැක්කම සිරාවටම ජෝකර් වගේ.

    ReplyDelete

You May Also Like

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...