Friday, December 16, 2016

නුදුරේදීම මහාමාර්ගයට එකවන රියදුරන් රහිත රථ

ගූගල් ආයතනය (Google Inc) 2009 වසරේ ආරම්භ කළ රියදුරෙක් නොමැතිව නො එසේනම් තනියම ගමන්කල හැකි වාහනයක් සඳහා වන ව්‍යාපෘතිය මේ වන විට අවසන් අදියරට පැමිණ ඇත.

IEEE Spectrum සඟරවේ Philip E Ross ට අනුව මේ දින වල ගූගල් සමාගම ව්‍යාපාරික සැලසුමක් සකසමින් සිටින බවයි.

මින් අදහස් වන්නේ අවුරුදු 7කට අධික කාලයක් පුරා සැතපුම් මිලියන 2ක් එනම් 3,218,690 km පමණ ධාවන දුරක් ප්‍රසිද්ධ මහාමාර්ග වල සහ අමෙරිකාවේ කාර්යබහුල නගර වල පරීක්ෂණ ධාවනයන්ගේ යෙදවීමෙන් පසු ඔවුන් තම නිෂ්පාදනය වාණිජ මට්ටමට ගෙන ඇති බවයි.

Lexus RX450h

2009 වර්ශයේ ආරම්හ වූ මෙම ව්‍යාපෘතිය තම ප්‍රථම රියදුරන් රහිත වාහනය ක්ශේත්‍ර පරීක්ෂාවට ලක් කරන්නේ 2012 වර්ෂයේදීය. ඒ තදබදය අඩු නිදහස් මාවත් (Freeways) වලදීය. ඒ එකල සාමාන්‍ය භාවිතයේ තිබූ (Lexus RX450h) ලෙක්සස්  SUV වර්ගයේ මෝටර් රථය වැඩිදියුණු කිරීමෙනි. එම වසරේ අගදී ඔවුන් වැඩි තදබදයක් සහිත නගර වල පරීක්ෂා කිරීම් ඇරඹූ අතර, එය එකල මාධ්‍ය ඉතාම කථාබහට ලක් වූ මාතෘකාවක් විය.

2014 වසරේදී මෙම රියදුරන් රහිත රථය සඳහා ඔවුන්ගේම මූලාකෘතියක් නිපදවා පරීක්ෂා කිරීම් ඇරඹූ පසු මේ වන විට එහි ප්‍රසිද්ධ මාවත් වල පරීක්ෂණයන් 2015 වසරේ ආරම්භ කලේය.

2016 වසර අග භාගය වන විට ඔවුන් තවත් පරීක්ෂණයන් සහ රියදුරන් රහිත ධාවනයේ සැතපුම් මිලියන 2 සම්පූර්ණ කිරීමත් සමඟම මේ වසරේ දෙසැම්බර් මස සිට මෙම ව්‍යාපෘතිය වේමෝ ( Waymo) ලෙස නම් කළ අතර මෙම රථයන් වාණිජ වශයෙන් නිෂ්පාදනය කිරීමේ පියවරට මුලපුරමින් සිටී.

එනම් මෙහි අර්ථය නුදුරේදීම මෙම රියදුරන් රහිත රථ මහාමාර්ගයට එකවන බවයි.

Images From with Thanks:
http://www.seattletimes.com/business/technology/google-is-testing-its-self-driving-car-in-kirkland/
http://phys.org/news/2016-12-google-self-driving-car-waymo.html
http://www.honestjohn.co.uk/carbycar/lexus/rx450h-2009/

4 comments:

  1. මමත් බලාගෙන ඉන්නෙ ඔය වාහනේ එනකල් තමා. දැන් අව්රුදු ගානක් මං ඕක එනකල් බලං හිටියෙ.එහෙනම් අපිටත් කාරයක තනියෙං යන්න පුලුවන් උනා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කසුන්...!!!
      සමාවෙන්න පිළිතුරු පමාවුනාට.
      අපි බලමු කොච්චර කල් යයිද කියල මේ රථ ලංකාවට එන්න.

      Delete
  2. රියදුරන් රහිත වාහන වල මූලධර්මවාදී ගැටළුවක් තිබේ. එනම්, මෙවැනි වාහන වලට තීරණ ගැනීමේ හැකියාවක් පැවතිය යුතුය. අනතුරු අවසතාවලදී කරන්නේ කුමක්ද කියා. ඉදිරියට වහනයක් පැමිණෙන විටදී අනතුර වලක්වාගැනීමට කළහැකි එකම දෙය පදික වේදිකාවට වහනය් යොමු කිරීම නම්, පදිකවේදිකාවේ මිනිසුන් 10 සිටිනම්, වාහනයේ සිටින්නේ එක් අයෙක් පමණක් නම්, අනතුරට ලක්කරන්නේ කවුද ?. 10 දෙනෙකුගේ ජීවිතය බේරා එක අයෙකු අනතුරට ලක්කරනවද ? ඒකෙනා වාහනයේ අය්තිකරුය ...
    (රුපවාහිනී වැඩසටහනක් ඇසුරෙන් )

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි කසුන් චාමර. සමාවෙන්න පිළිතුරු පමාවුනාට.
      ඔබ කියන එක ඇත්ත. Social Dilemma හෙවත් සදාචාරාත්මක උභතෝකෝටිකය කියල හඳුන්වන මෙම තත්වය පිළිබඳව විවිධ තීරණ ඇතිවාක් මෙන්ම බොහෝ වාද විවාදද පවතිනව.Science සඟරාවේ ජූනි 2016 කලාපයෙන්, සමාජ විද්‍යාව පිළිබඳ විශේෂඥයෙක් සහ මනෝ විද්‍යාඥයින් දෙදෙනෙකු විසින් තමයි The social dilemma of autonomous vehicles ලෙසින් ලිපියක් පළකරමින් මෙම ප්‍රශ්ණය මතුකරමින් එය සමාජගත කරේ.

      දැනටමත් මෙම ගැටළුව පිළිබඳ බොහෝ සාකච්ඡාවන් සහ පර්යේශණයන් ආරම්භ වෙලයි තියෙන්නෙ.සමහරු මෙය විසඳිය නොහැකි විරුද්ධාභාෂයක් (Paradox) ලෙසත් හඳුන්වනව. ඒ පිළිබඳව වෙනම ලිපියකින් සකච්ඡා කරන්න ඕන තරම් කරුණු තිබෙනව.

      බොහෝම ස්තූතියි කමෙන්ටුවට.

      Delete

You May Also Like

  • රැම්බෝ
    p { margin-bottom: 0.1in; line-height: 120%; }a:link { } කර්නල් සැමුවෙල් ට්‍රවුට්මන්: "මේ…
  • හැමෝම කතා වෙන කාලාම සූත්‍රය කුමක්ද?
    රුවන් වෛද්‍යතුමා ලියන ට්‍රාන්සිල්වේනියා බ්ලොග් අඩවියේ පුනරුප්පත්තිය/ පුනර්භවය සත්‍යද ලිපියට…
  • නවතම  ජංගම දුරකතන තිර අඟුළු ( screen lock ) ක්‍රමය
    ජංගම දුරකතන ගැන කිවුවම තිර අඟුළු ( screen lock ) කියන්නෙ බොහෝ දෙනා දන්නා කරුණක්. විවිධ අඟුළු…
  • ශ්‍රී සද්ධර්මය
    බොහෝ දෙනා බුදුදහම දර්ශණයක් ලෙසත්, තවත් අය එය ආගමක් ලෙසත් සලකති. නමුත් බුදුරජාණන් වහන්සේ…
  • සෞඛ්‍යාරක්ෂිත දිනචර්යාව
    පෙර ලිපියකින් විස්තර කල පරිදි නිවැරදි ස්නානය සෞඛ්‍යයට කරනු ලබන බලපෑම වැනිම තවත් බොහෝ වැදගත්…
  • පින සහ කුසලය
    නිතර නිතර මතු වන ප්‍රශ්ණයක් නිසාම මෙ ගැන පෝස්ට් එකක් ලියන්ඩ හිතුවෙ.මොකක්ද පින කියන්නෙ? ඒක…
  • ඉන්ධන කෝෂ විද්‍යුත් රථ (හයිබ්‍රිඩ් කාර්, විද්‍යුත් කාර් සහ ඉන්පසු...)
     කාල් බෙන්ස් විසින් 1886 ප්‍රථම අභ්‍යන්තර දහන එන්ජින් ( Internal Combustion Engine) සහිත…
  • පොතක් කෙටියෙන් - The Alchemist
    Book Cover "The Alchemist" එහෙමත් නැත්නම් "රසායනඥයා" ලෙස නම් කල මේ කෘතිය ලෝකයේ වැඩිම පිටපත්…
  • දියුණුවේ රන් දොරටු
    ව්‍යග්ගපජ්ජ සුත්‍රය තමයි අද විස්තර කරල දෙන්න හිතුවෙ.නිතරම පොත්පත් පවා ලියවී ඇති මේ දියුණුවේ රන්…
  • කාලය
    නිතර සාකච්ඡාවට භාජනය වන කාලය වැනි මාතෘකාවක කිසිම නැවුම් බවක් නැහැ තමයි. ඒත් කාලය ගැන බුදු දහමෙන්…
  • වැසි සළු පූජාව
    කඨින චීවර පූජාව නමින් කවුරුත් දන්නා  වැසි සළු පූජාව අතීත ශ්‍රී ලංකාවේ සිදුකරන ලද අයුරු…
  • Blizz
    Blizz or Bliss or Supreme Happinessකාලෙකින් පොස්ට් එකක් දාන්න බැරි වුණු නිසා කවියකින්ම පටන්ගන්න…
  • පුණ්‍ය ක්‍රියා -2 (සීලය)
    දස පුණ්‍ය ක්‍රියා පිළිබඳ ළිපි මාලාවේ පළමු ළිපිය මෙතනින්. මේ ළිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු…
  • ත්‍රිපිටකය නොමිලේ සිංහලෙන් කියවමු
    "මාගේ මේ ශ්‍රි සද්ධර්මය බබළන්නේ විවෘත වූ විටය. ආවරණය වූ විට නොවේ"ශ්‍රී ගෞතම සම්මා…
  • පුණ්‍ය ක්‍රියා -1  (දානය)
    පෙර ලිපියෙන් පින සහ කුසලය පිළිබඳව හැදින්වීමක් සිදුකරන ලද අතර දස පුණ්‍ය ක්‍රියා වලට අයත් දානය…

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...