Monday, October 24, 2016

පරිගණකයේ නවතම මුහුණුවර

Ockel Sirius A
සාක්කු පරිගණක (Pocket PC) ඉතාම පැරණි සංකලපයක් වුවද, තාක්ෂණික ගැටළු නිසාම, සාමාන්‍ය පරිගණකයක් ලෙසින්ම භාවිතාකල හැකි සාක්කු පරිගණකයක් නිපදවීම තරමක් ප්‍රමාද වී පැමිණි සිහින සැබෑවීමකි. මේ නිසා PDA හෙවත් පෞද්ගලික අංකිත සහයක උපකරණ වෙළදපොලට හඳුන්වා දෙමින් එම අඩුව පිරවීමට නිෂ්පාදකයන් උත්සාහ ගනුලැබුවේ 2000 වර්ෂය කාලයේදී පමණය. මේ සඳහා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ ජංගම සංස්කරණයක් (Windows Mobile Version) විශේෂයෙන් හඳුන්වාදෙනු ලැබීය.
ඉන්පසු විවිධ නිෂපාදකයන් විවිධ උපකරණ හඳුන්වාදෙමින් වෙළඳපොල සිසාරා බොහෝ PDA මාදිලියේ උපකරණ පුරවා දැමීය. මෑත භාගය වන විට එම ස්ථානය ස්මාර්ට් දුරකථන (Smart Phone ) මගින් පුරවාදමනු ලැබ ඇත. ෆැබ්ලට් (Phablet) සහ ටැබ්ලට් (Tablet) උපාංගද නොමදව එම අඩුව පිරවීමට යොදාගත්තද, පරිගණකයක් මගින් සම්පූර්ණ කරගත හැකි කාර්යයන් මෙම උපකරණ මගින් සිදුකර ගැනීමේදී බොහෝ ගැටළු මතුවෙයි.

වින්ඩෝස් සමාගමේ මැදිහත් වීම මත ඕකල් (Ockel) සමාගම විසින් මෙම අභියෝගය ජයගෙන ඇත්තේ 2015 වසරේ අග භාගයේදීය. එනම් 2015 ඔක්තෝබර් 28 වැනිදා Sirius B නමින් පළමු සාක්කු පරිගණකයක් එලිදක්වමිනි. මෙහි නවතම Sirius A එහි මීලඟ සංස්කරණයයි. වින්ඩොස් 10 (Windows 10) මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන මෙහි අඟල් 6ක ස්ඵර්ශ සංවේදී තිරයකින් සහ තවත් විශාල තිරයකට සම්බන්ධ කල හැකි පහසුකම්ද සහිතයි.

අතරමගදී හෝ යන එන ගමන් ස්ඵර්ශ සංවේදී තිරය හරහා මෙන්ම අවශ්‍යතාවය පරිදි බාහිරින් USB හරහා මූසිකයක් (Mouse)  සහ HDMI හෝ DisplayPort තාක්ෂණය හරහා තිරයක් (Screen) සම්බන්ධ කරගැනීමෙන් සාමාන්‍ය පරිගණකයකින් සම්පූර්ණ කරගතහැකි සියළුම කාර්යයන් වෙනුවෙන් යොදාගතහැකි සෙ.මී.8.5 X සෙ.මී 15 ප්‍රමාණයෙන් (85mm X 15mm) සහ සෙ.මී.2ක (20mm) ඝණකමකින් යුතු මෙම සාක්කු පරිගණකය ලැප්ටොප් පර්ගණකයක ඇති සියළුම පහසුකම් වලින් යුක්තය. HDMI පහසුකම නිසා එම පහසුකම සහිත රූපවාහිනී යන්ත්‍රයකට වුවද සම්බන්ධකර භාවිතාකල හැකි වීමද මෙහි විශේෂත්වයකි.

2017 මැයි වන විට වෙළඳපොලටහඳුන්වාදෙන Sirius A මෙම සාක්කු පරිගණකයේ තාක්ෂණික විස්තර මෙසේය.



ඇමෙරිකානු ඩොලර් 599ක ($599) මිළකට වෙළඳපොලට පැමිණීමට නියමිත මෙම සාක්කු පරිගණකය නිසා ලැප්ටොප් බරට බරේ රැගෙනගිය යුගය අවසන්වනු ඇතයි එහි නිෂ්පාදක කණ්ඩායමේ බලාපොරොත්තුව.


Image from with Thanks : https://www.indiegogo.com/projects/ockel-sirius-a-the-world-s-most-versatile-mini-pc-mobile-design--2#/

4 comments:

  1. අනේ මන්දා, පරිගණකය අනාගතයේදී අපේ ඇඟේම කොටසක් වගේ තියෙයි කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනාගේ අපේක්ෂාවත් ඒකම තමයි. :)

      Delete

You May Also Like

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...