ජීවිතය පිළිබඳව බුදුපියාණන් වහන්සේ දේශණා කරනු ලැබුවේ කුමක්ද? බොහෝ දෙනාගේ පිළිතුර වනුයේ දුකයි යනුවෙන් දේශණා කල බවයි. නමුත් එය අසත්‍යයක් වන අතරම බුදුපියාණන් වහන්සේට අසත්‍යයෙන් චෝදනා කිරීමකි. නමුත් නොදන්නාකම නිසාම එසේ සිතන බැවින් මෙලෙස සටහන් කිරිමට සිතුවෙමි.
"මහාලිය, මේ රූපය වනාහි ඒකාන්තයෙන් දුක් වන්නේවේද දුකට වැටෙන්නේ වේද, දුකට බසින්නේ වේද, සැපයෙන් නොබස්නේ වේද, මේ සත්වයෝ රූපයෙහි නොඇලෙන්නාහුය.
මහාලිය, යම් හේතුවකින් වනාහි මේ රූපය සැප වන්නේද, සැපට පැමිණෙන්නේද, සැපට බස්නේද, සැපයෙන් යුක්තද, එහෙයින් සත්වයෝ රූපයෙහි ඇලෙන්නාහුය.
ඇලීම හේතුකොටගෙන බැඳෙන්නාහුය.බැඳීම හේතුකොට ගෙන කෙලෙසෙත්. මහාලිය, සත්වයන්ගේ කෙලෙසීම පිණිස මෙයද හේතුවේ. මෙයද ප්‍රත්‍යයවේ. මෙසේද සහේතුසප්‍රත්‍යයයෙන් සත්වයෝ කෙළෙසෙත්."
~ සූත්‍ර පිටකය ~ සංයුක්ත නිකාය ~ ඛන්ධ සංයුක්තය ~ උපාය වග්ගය ~ මහාලී සූත්‍රය ~
මෙලෙස බුදුපියාණන් වහන්සේ ලෝකය දුකෙන් පමණක් සහිත නොවන බවත් ලෝකය සැප, දුක, උපේක්ෂාව යන සියලුම විඳීම් වලින් යුතු බවත් පෙන්වා දෙයි.
මෙලෙස සැප ලබාදෙන දේවල් වල ඇති වෙනස්වන ස්වාභාවය නිසා හෙවත් නිත්‍ය නොවන ස්වාභාවය නිසා ඉන් ලැබෙන සැපයද වෙනස් වී යයි. නමුත් මෙම සැපයට ලොල් වීම නිසා සැපය වෙනස්වීමෙන් දුකට පත්වෙයි. ඒ දුක නැතිකර ගැනීම සඳහාත්, තවතවත් සැපයන් ඇතිකරගැනීම සඳහාත් නරක දේ කෙරෙහි පෙළඹෙයි.

"මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු සැප වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්, මේ ලෝකයෙහි මෙබඳු සැපවේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත්. මේ ලෝකයෙහි මෙබඳු දුක් වේදනාවක් විඳින “ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්, මේ ලෝකයෙහි මෙබඳු දුක් වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්. කුශල ධර්මයෝ වැඩෙත්. මේ ලෝකයෙහි මෙබඳු සැප දුක් නොවූ වේදනාව විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්, මේ ලෝකයෙහි මෙබඳු සැප දුක් නොවූ වේදනා විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත්යයි මා විසින් දෙසනලද ධර්මයක් තොපි දන්නාහු නොවෙත්ද?"
"එසේය, ස්වාමීනි,"
~ සූත්‍ර පිටකය ~ මජ්ජිම නිකාය ~ මජ්ජිම පණ්ණාසකය ~ භික්ඛු වග්ගය ~ කීටාගිරි සූත්‍රය ~
මෙලොව යම් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ උපේක්ෂා වේදනාවක් ඇතිද, එය විඳීමෙන් කුසල් වැඩෙයිද, අකුසල් පිරිහෙයිද එය ඇසුරුකල යුතුය.
මෙලොව යම් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ උපේක්ෂා වේදනාවක් ඇතිද, එය විඳීමෙන් අකුසල් වැඩෙයිද, කුසල් පිරිහෙයිද එය දුරුකල යුතුය.
බුදුපියාණන් වහන්සේ ජීවිතය දුකෙන් පමණක් පිරුනක් යැයි දේශණා නොකලා පමණක් නොව සැපයද ප්‍රතික්ෂේප නොකළ සේක.
අකුසලයම ප්‍රතික්ෂේප කල අතරම පිළිකුල් කල සේක.
අත්හැරිය යුත්තේ සැපය නොවේය. අකුසලයමය.
සූත්‍ර පාඨ උපුටාගැනීම, ස්තූතිය සමඟින් - pitaka.lk
Image from with Thanks :http://nikolaydomanov.eu/en/blog/about-life
පැහැදිලිව වැටහුනා. බොහොම ස්තුතියි.
ReplyDelete//පැහැදිලිව වැටහුනා // +++++++++
Delete