“මහණෙනි, ශාරීපුත්‍ර මොග්ගල්ලායනයන් සේවනය කරව්. මහණෙනි, ශාරීපුත්‍ර
මොග්ගල්ලානයන් භජනය කරව්. පණ්ඩිතවූ (ඒ) භික්ෂූහු බඹසර ඇත්තවුන්ට අනුග්‍රහ
කරන්නාහුය. මහණෙනි, වැදූ මව යම්සේද ශාරීපුත්‍ර තෙමේ එමෙනි. උපන්නහුගේ පොෂණය
කරන්නාවූ මව යම්සේද, මොග්ගල්ලාන තෙමේ එවැනි වේ. මහණෙනි, ශාරීපුත්‍ර තෙමේ
සෝවාන් ඵලයෙහි හික්මවයි. මොග්ගල්ලාන තෙමේ ඉහළ ඵලයන්හි හික්මවයි. මහණෙනි,
ශාරීපුත්‍ර තෙම චතුරාර්‍ය්‍ය සත්‍යයන් විස්තර වශයෙන් කියන්ට, දෙශනා කරන්ට,
පනවන්ට, පිහිටුවන්ට, විචරණය කරන්ට, විභාග කරන්ට, ප්‍රකට කරන්ට සමර්ථවේයයි.”
~ සූත්‍ර පිටකය - මජ්ජිම නිකාය - උපරිපණ්ණාසකය - විභංග වග්ගය - සච්ච විභංග සූත්‍රය ~
මෙසේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් ගුණ වර්ණනාවන් හිමි, ප්‍රඥාවෙන්ද, සීල ගුණයෙන්ද බුදුහිමියන්ට පමණක් දෙවැනි වූ, මහා සංඝරත්නයට ප්‍රධාන වු සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්වන්සේ සමාජයේදීත්, පිරිස අතරදීත් සිත පවත්වන ආකාරය පිළිබඳව ප්‍රකාශ කරනුයේ....
එනමුදු පංච සීලය රැකීමටද හැකියාවක් නැත්තාවූ අප.........
සූත්‍ර පාඨ උපුටාගැනීම, ස්තූතිය සමඟින් - pitaka.lk
Image From with Thanks:http://www.globaltextiles.com/html/images/upload/tradeleads/336/335647.jpg
~ සූත්‍ර පිටකය - මජ්ජිම නිකාය - උපරිපණ්ණාසකය - විභංග වග්ගය - සච්ච විභංග සූත්‍රය ~
මෙසේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් ගුණ වර්ණනාවන් හිමි, ප්‍රඥාවෙන්ද, සීල ගුණයෙන්ද බුදුහිමියන්ට පමණක් දෙවැනි වූ, මහා සංඝරත්නයට ප්‍රධාන වු සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්වන්සේ සමාජයේදීත්, පිරිස අතරදීත් සිත පවත්වන ආකාරය පිළිබඳව ප්‍රකාශ කරනුයේ....
’’ස්වාමීනි, යම්සේ දූවිලි පිස දමන රෙදි කඩ පවිත්‍ර
දෙයද පිස දමයි. අපවිත්‍ර දෙයද පිස දමයි. අසූචිද පිස දමයි. මූත්‍රද පිස
දමයි. කෙළද පිස දමයි. සැරවද පිස දමයි. ලෙයද පිස දමයි. එයින් දූවිලි පිස දමන
රෙදි කඩ පීඩා නොවෙයි. ලජ්ජා නොවෙයි. පිළිකුල් නොවෙයි. ස්වාමීනි, එමෙන් මම
මහත්වූ, මහත් බවට ගිය, අපමණවූ, අවෛරීවූ, හිංසා රහිත, දූවිලි පිස දමන රෙදි
කඩ හා සමවු සිතින් යුක්තව වාසය කරමි.
’’ස්වාමීනි, යම්සේ කබලක් අතේ
ඇති, රෙදි කඩක් හැඳගත්, සැඩොල් දරුවෙක් හෝ දැරියක්, කුඩා ගමකට හෝ මහ ගමකට
හෝ ඇතුල් වන්නේ, යටහත් පහත් සිත ඇතිකරගෙනම පිවිසෙයිද, ස්වාමීනි, එමෙන් මම
මහත්වූ, මහත් බවට පැමිණි, අපමණවූ, අවෛරීවූ, පීඩා රහිත, සැඩොල් දරුවෙකුගේ
සිතට බඳු සිතින් යුක්තව වාසය කරමි. ස්වාමීනි, එමෙන් මම මහත්වූ, මහත් බවට
ගිය, අපමණවූ, අවෛරීවූ, හිංසා රහිත, පොළොව හා සමවු සිතින් යුක්තව වාසය කරමි."
~ සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - නවක නිපාතය - සීහනාද වග්ගය - සාරිපුත්ත සීහනාද සූත්‍රය ~එනමුදු පංච සීලය රැකීමටද හැකියාවක් නැත්තාවූ අප.........
සූත්‍ර පාඨ උපුටාගැනීම, ස්තූතිය සමඟින් - pitaka.lk
Image From with Thanks:http://www.globaltextiles.com/html/images/upload/tradeleads/336/335647.jpg
ඔබ මගේ අඩවියේ දක්වා තිබුණු අදහස් ඔස්සේ මෙතනට ආවා.
ReplyDeleteසාදු! සාදු!! සාදු!!! මේ විදිහට සරල සිංහලෙන් බුදුබණ කියාදීම මහා පින්කමක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.
ඔබේ බ්ලොග් අඩවිය දියුණුවට පත්වේවා. මා ඔබේ අඩවිය මගේ බ්ලොග් ලැයිස්තුවට එකතුකර ගත්තා.
බොහෝම ස්තූතියි විචාරකතුමා +++++++
Delete