සංගීත විෂය පිළිබඳ ගැඹුරු අවබෝධයක් හෝ දැනුමක් නොමැති සාමාන්‍ය රසිකයන් වන අප හට ගීතය, සංගීතයට වඩා බොහෝ සමීපය. නමුත් අප ඇසීමට සහ රස විඳීමට තෝරා ගත යුත්තේ කිනම් ගීතද?
සන්නිවේදනය පෙරටුකොටගත් වර්ථමාන තාක්ෂණික සමාජය වෙත ලොව පුරා නන් දෙසින් එන විවිධ ප්‍රභේද වල ගීත රසවිඳිය හැකි වටපිටාවක් නිර්මාණය වී ඇත. pop, jazz, hip hop, classic, rock, blue, soul ආදි බොහෝ ප්‍රභේද මේ අතර ඇත. නමුත් සාමාන්‍ය ගීත රසිකයන් වන අප රසවිඳිය යුත්තේ මොනවාද?
ප්‍රබුද්ධ යැයි කියනා බොහෝ පිරිස්, බටහිර සහ පෙරදිග ලෙසින් බෙදා ඇති සංගීතයෙහි විවිධ නිර්මාණයන් අතරින් සම්භාව්‍ය සංගීතය හැදෑරූ ගායකයන්ගේ / නිර්මාපකයන්ගේ ගීත රසවිඳින්නන් උසස් කොට සැලකීම අප සමාජයේ සුලභ දෙයකි. ඔවුන් එයට සුභාවිත ගීතය යැයිද කියති. නමුත් සුභාවිත ගීත යනු සම්භාව්‍ය සංගීතය මුල්කොට උපන් ගීත පමණද?
සුභාවිත යනු යහපත් ලෙස භාවිතාකල යන්නයි. එබැවින් සුභාවිත ගීතය යනු යහපත් ලෙස භාවිතාකල ගීතයයි. "ආනන්දයෙන් ප්‍රඥාවට" යොදාගත් ගීතය සුභාවිත යනු මාගේ හැඟීමයි.
සමාජ පණිවිඩයක් ගීතයක් ලෙස ඉදිරිපත් කරනු ලබන නිර්මාණයක්, අසන්නා ආනන්දය හරහා ප්‍රඥාවට ගෙනයන්නක්නම් එහි ප්‍රභේදය ගැටළුවක් නොවන්නකි. පද රචනය අර්ථවත්නම්, ගීතයේ සංගීතය සහ ගායකයාගේ හඬ තුලින් ගීතයේ අර්ථය ඉස්මතුකරන්නේ නම්, සමස්තයක් ලෙස ගීතය රසය ඉස්මතු කරයි නම් සහ තමන්ට රසවින්දිය හැකිනම් එම ගීතයේ නිර්මාපකයන් හෝ ප්‍රභේදය හෝ රට හෝ භාෂාව හෝ වැදගත් නොවන්නකි.
රසිකයන් වන අප හට නම් වැදගත් නිර්මාණ පමණි.
Image from with thanks: https://en.wikipedia.org/wiki/Michael_Jackson
Subscribe to:
Post Comments (Atom)
You May Also Like
- Book Cover "The Alchemist" එහෙමත් නැත්නම් "රසායනඥයා" ලෙස නම් කල මේ කෘතිය ලෝකයේ වැඩිම පිටපත්…
- නිතර සාකච්ඡාවට භාජනය වන කාලය වැනි මාතෘකාවක කිසිම නැවුම් බවක් නැහැ තමයි. ඒත් කාලය ගැන බුදු දහමෙන්…
- NASA ආයතනයේ අරමුදලින් Made In Space නම් වූ ආයතනය මඟින් ආරම්භ කරන ලද නවතම අහ්‍යාවකාශ ව්‍යාපෘතිය…
- “මහණෙනි, ශාරීපුත්‍ර මොග්ගල්ලායනයන් සේවනය කරව්. මහණෙනි, ශාරීපුත්‍ර මොග්ගල්ලානයන් භජනය කරව්.…
- කාලි යන නම ඇසූ පමණින්ම සිහියට නැගෙන කාලි දෙවඟන සහ කලියුගය පිළිබඳව බොහෝ දෙනා දන්නා බැවින් මේ…
- ඕනෑම සමාජයක ඊටම ආවේණික වූ මූලික අවශ්‍යතා ඇත.නමුත් ආහාර,නිවාස සහ ඖෂධ ඒ අතරින් ප්‍රධානය.අතීතයේ සිට…
- "මාගේ මේ ශ්‍රි සද්ධර්මය බබළන්නේ විවෘත වූ විටය. ආවරණය වූ විට නොවේ"ශ්‍රී ගෞතම සම්මා…
- රැකියාවකදී වන වෘත්තීය හමවක් වේවා, සමාජීයව සිදු වන හමුවීමක් හෝ වේවා දෙදෙනෙක් ප්‍රථම වරට හමුවූ…
- p { margin-bottom: 0.1in; line-height: 120%; }a:link { } කර්නල් සැමුවෙල් ට්‍රවුට්මන්: "මේ…
- බොහෝ දෙනා බුදුදහම දර්ශණයක් ලෙසත්, තවත් අය එය ආගමක් ලෙසත් සලකති. නමුත් බුදුරජාණන් වහන්සේ…
- මේ මාතෘකාව අලුත් දෙයක් නෙවෙයි තමයි.මේ කියන්ඩ යන කරුණුත් අලුත් දේවල් නෙවෙයි.ඒත් මේ පාරම්පරික…
- Ockel Sirius A සාක්කු පරිගණක (Pocket PC) ඉතාම පැරණි සංකලපයක් වුවද, තාක්ෂණික ගැටළු නිසාම,…
- සංගීත විෂය පිළිබඳ ගැඹුරු අවබෝධයක් හෝ දැනුමක් නොමැති සාමාන්‍ය රසිකයන් වන අප හට ගීතය, සංගීතයට වඩා…
- ජීවිතය පිළිබඳව බුදුපියාණන් වහන්සේ දේශණා කරනු ලැබුවේ කුමක්ද? බොහෝ දෙනාගේ පිළිතුර වනුයේ දුකයි…
- ගූගල් ආයතනය (Google Inc) 2009 වසරේ ආරම්භ කළ රියදුරෙක් නොමැතිව නො එසේනම් තනියම ගමන්කල හැකි වාහනයක්…
ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.
සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
ඔබ සමග 100 % එකඟ වෙමි. හැබැයි සංගීතය , පද රචනය , හා ගායනය බොහෝ ලයාන්විත වන්නේ සුභාවිත ගීතයේය .
ReplyDeleteවිචාරක දියණිය
බොහෝම ස්තූතියි විචාරක දියණිය...
Deleteසුභාවිත ගීතය ළයාන්විත නොවීමටද හැක. උදා: Earth Song by Michael Jackson