Thursday, December 8, 2016

බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මනුෂ්‍යයෙක්ද ?


"බුදුරජාණන් වහන්සේද සාමාන්‍ය මනුෂ්‍යයෙකි" යන්න නිතර සමාජයේ අසන්නට ලැබෙන දෙයකි. නමුත් එය එසේමද?

එදා භාරතීය සමාජයේ ඇතිවූ මෙම ප්‍රශ්ණය මාතෘකා කරගනිමින් දේශණා කරනලද මහා සීහනාද සූත්‍රයෙන්......

-- සුනක්ඛත්ත නම් ලිච්ඡවිපුත්‍රතෙම මේ ශාසනයෙන් ඉවත්ව ගොස් නොබෝ කල් ඇත්තේ වෙයි. හෙතෙම විශාලා මහනුවර පිරිස්වල මෙබඳු වචන කියයි.

“ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ධර්මයට වැඩිවූ, ආර්ය භාවයක් ඇති කිරීමට සමර්ථ විශේෂ නුවණක් නැත්තේය. ශ්‍රමණ ගෞතම තෙම කල්පනාවෙන් සලකා නුවණින් විමසා තමහට වැටහෙන්නාවූ ධර්මයක් දෙශනාකරයි. ඒ ශ්‍රමණ ගෞතමයන් විසින් යම් අර්ථයක් සඳහා ධර්මය දෙනා කරන ලද්දේද,ඒ ධර්මය තෙම ඊට අනුව ක්‍රියාකරන්නහුගේ දුක් විනාශකිරීම පිණිස පවතී ”--

 එකල්හි මේ කරුණ සාරිපුත්ත මහරහතන් වහන්සේට අසන්නට ලැබී, බුදුරජාණන් වහන්සේට සැල කරනු ලදුව, උන්වහන්සේ ඊට පිළිතුරු ලෙස මෙසේ සූත්‍ර දේශණාව ආරම්භ කළ සේක.


“ශාරීපුත්‍රය, සුනක්ඛත්ත හිස් පුරුෂතෙම කෝපවන්නෙකි. ඔහු විසින් ක්‍රොධයෙන්ම මේ වචන කියනලදී.

ශාරීපුත්‍රය, ඒ සුනක්ඛත්ත නම් හිස් පුරුෂතෙම තථාගතයන්ගේ අගුණයක් කියන්නෙමියි සිතා තථාගතයන්ගේ ගුණයක්ම කියයි.

ශාරීපුත්‍රය, තථාගතයන් විසින් යමක් සඳහා ධර්මය දෙශනා කරන ලද්දේද ඒ ධර්මයතෙම ඊට අනුව ක්‍රියාකරන්නහුගේ දුක් නැති කිරීම පිණිස පවතී” යයි යමෙක් කියා නම් එය තථාගතයන්ගේ ගුණයක්මය.

“ශාරීපුත්‍රය, සුනක්ඛත්ත නම්වූ ඒ හිස් පුරුෂයාහට මා පිළිබඳ ධර්මානුකූල අවබෝධයක් නැත්තේය. මේ කාරණයෙන්ද ඒ භාග්‍යවත්තෙමේ අර්හත්ය, සම්‍යක් සම්බුද්ධය, අෂ්ට විද්‍යාවෙන් හා පසළොස්චරණ ධර්මයෙන් යුක්තය, සුගතය, සියලු ලෝකය දන්නේය. දමනය නොකළහැකි පුරුෂයන් දමනය කිරීමෙහි සාරථියෙකු වැනිය. දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නේය. බුද්ධය, භගවත්යයි (මා පිළිබඳ දැනීමක් නැත්තේය.) “..........

සූත්‍ර පිටකය ~ මජ්ජිම නිකාය ~ සීහනාද වග්ගය ~ මහා සීහනාද සූත්‍රය

මුල් කොටස පමණක් මෙහි උපුටා දක්වා ඇති මෙම දීර්ඝ සූත්‍ර දේශණාවදී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ පිළිබඳව හඳුන්වාදෙනු ලබන්නේ තමන් වහන්සේ බුද්ධත්වය සඳහා පැමිණි මාර්ගය විස්තර කරමිනි. එහි දුෂ්කර ක්‍රියා පිළිබඳව ඉතාම විස්තරාත්මකව දේශණා කර ඇත.

බුදුරජාණන් වහන්සේ පිළිබඳව විවිධ මතිමතාන්තර සහිත සමාජය උන්වහසේව ගුණ වශයෙන් නොහඳුනයි. ධර්මානුකූලව උන්වහන්සේව තේරුම් ගැනීමක් නොමැත. එය එකලද තිබුනු තත්වයකි.

සූත්‍ර පාඨ උපුටා ගැනීම: www.pitaka.lk

Image From with Thanks: www.awesomestories.com

3 comments:

  1. කරුණාකර උච්ඡේද වාදය ගැන කරුණු ටිකක් කියාදෙන්න.

    ReplyDelete
    Replies
    1. උච්ඡේද වාදය යනු " ජීවත්වන සත්වයා තුල ආත්මයක් ඇත.එනම් තමා හට පාලනය කල හැකි යමක් ඇත. මරණින් පසු ඒ ආත්මයත් ශරීරය සමඟම විනාශ වී යයි. මරණින් මතු කිසිවක් නොමැත, සියල්ල මරණයෙන් අවසක් වේය " යන්න ප්‍රකාශ කරන වාදයයි.

      මෙම වාදය ආකාර 7කින් පැවතී ඇත. දීඝ නිකායේ පළමු සූත්‍ර දේශණාව වන බ්‍රහ්මජාල සූත්‍රයේ මෙම ආකාර 7 ම විස්තරාත්මකව පැහැදිලි කර ඇත.

      Delete
  2. ශාස්වත වාදය යනු කුමක්දැයි කියා දෙන්න

    ReplyDelete

You May Also Like

  • පුණ්‍ය ක්‍රියා -1  (දානය)
    පෙර ලිපියෙන් පින සහ කුසලය පිළිබඳව හැදින්වීමක් සිදුකරන ලද අතර දස පුණ්‍ය ක්‍රියා වලට අයත් දානය…
  • කාලි
    කාලි යන නම ඇසූ පමණින්ම සිහියට නැගෙන කාලි දෙවඟන සහ කලියුගය පිළිබඳව බොහෝ දෙනා දන්නා බැවින් මේ…
  • අන්තර්ජාතික බ්ලොග් ලෝකය
    බ්ලොග් ලියන සහ කියවන හැමෝම වගේ බ්ලොග් ගැන දනිති. ලංකාවේ බ්ලොග් ලෝකය සහ බ්ලොග් සම්මාන ගැන කතාබහත්…
  • NASA එකේ RAMA ව්‍යාපෘතිය
    NASA ආයතනයේ අරමුදලින් Made In Space නම් වූ ආයතනය මඟින් ආරම්භ කරන ලද නවතම අහ්‍යාවකාශ ව්‍යාපෘතිය…
  • කළගුණ සැලකීම
    දිනක් බුදුරජාණන් වහන්සේ හමුවීමට සීයා කෙනෙක් වන ඉතාම වයසක උපාසකතුමෙක් පැමිණියේය. උන්වහන්සේ හමු වී…
  • පොතක් කෙටියෙන් - The Alchemist
    Book Cover "The Alchemist" එහෙමත් නැත්නම් "රසායනඥයා" ලෙස නම් කල මේ කෘතිය ලෝකයේ වැඩිම පිටපත්…
  • ගීතය සහ සංගීතය
    සංගීත විෂය පිළිබඳ ගැඹුරු අවබෝධයක් හෝ දැනුමක් නොමැති සාමාන්‍ය රසිකයන් වන අප හට ගීතය, සංගීතයට වඩා…
  • පරිගණකයේ නවතම මුහුණුවර
    Ockel Sirius A සාක්කු පරිගණක (Pocket PC) ඉතාම පැරණි සංකලපයක් වුවද, තාක්ෂණික ගැටළු නිසාම,…
  • වැසි සළු පූජාව
    කඨින චීවර පූජාව නමින් කවුරුත් දන්නා  වැසි සළු පූජාව අතීත ශ්‍රී ලංකාවේ සිදුකරන ලද අයුරු…
  • කාලය
    නිතර සාකච්ඡාවට භාජනය වන කාලය වැනි මාතෘකාවක කිසිම නැවුම් බවක් නැහැ තමයි. ඒත් කාලය ගැන බුදු දහමෙන්…
  • පෙනහළු පිළිකා හඳුනාගැනීමට ඉතාම ලාභදායී ක්‍රමවේදයක්
    පෙනහළු පිළිකා යනු අප රටට ආගන්තුක මාතෘකාවක් නොවෙයි. මේ පිලිබඳව විවිධ සාකච්ඡා මෙන්ම දැනුවත්කිරීමේ…
  • ශ්‍රී සද්ධර්මය
    බොහෝ දෙනා බුදුදහම දර්ශණයක් ලෙසත්, තවත් අය එය ආගමක් ලෙසත් සලකති. නමුත් බුදුරජාණන් වහන්සේ…
  • නොමිලේ ඉංජිනියරින් ඉගෙන ගනිමුද?
    ඉන්දියාව තාක්ෂණය අතින් කෙතරම් ඉදිරියෙන් සිටින්නේදැයි අමුතුවෙන් කිව යුතු නොවේ. අපේ අසල්වාසියා…
  • දියුණුවේ රන් දොරටු
    ව්‍යග්ගපජ්ජ සුත්‍රය තමයි අද විස්තර කරල දෙන්න හිතුවෙ.නිතරම පොත්පත් පවා ලියවී ඇති මේ දියුණුවේ රන්…
  • පින සහ කුසලය
    නිතර නිතර මතු වන ප්‍රශ්ණයක් නිසාම මෙ ගැන පෝස්ට් එකක් ලියන්ඩ හිතුවෙ.මොකක්ද පින කියන්නෙ? ඒක…

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...