Tuesday, November 3, 2015

පාසල සහ දහම් පාසල ( නොහොත් පාසලක් සහ තවත් පාසලක් )

මෙරට අධ්‍යපනය පිලිබඳ සාකච්ඡා බොහොමයකි. විවිධ සංනිවේදන මාධ්‍ය හරහා විවිධ විද්වතුන් නොයෙක් අයුරින් සාකච්ඡා කර ඇති සහ කරනු ලබන වටපිටාවක ඒ පිලිබඳ විද්වතකු නොවන මගේ විචාර මේ ලිපියෙන් ඉදිරිපත් කිරීමට අදහස් නොකරමි. නමුත් එතරම් අවධානයක් යොමු නොවන දහම් පාසල් අධ්‍යාපනය පිළිබඳව අදහස් දැක්වීම කාලය අපතේ හැරීමක් ලෙස නොසලකමි. 

මෙකල ප්‍රධාන ධාරාවේ අධ්‍යපනය තරඟකරී මට්ටමේ උපරිමයේ පවතින බව මගේ පෞද්ගලික හැඟීමයි. පූර්ව ළමා සංවර්ධනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යපනය දක්වාම අතිශයින්ම තරඟකාරීය.

පෙර පාසල් තුළින්ම මෙම ස්වභාවය ආරම්භ වෙයි. හොඳම පෙර පාසලට තම දරුවා යැවීමට දෙමාපියන් යුහුසුලු වීම වරදක් සේ නොපෙනුනද හොඳම ඉංග්‍රීසි උගන්වන, නොඑසේනම් වැඩිම පැවරුම් හෝ ක්‍රියාකාරකම් දෙන, ප්‍රසිද්ධ නාමයක් ඇති ආදී නිර්නායක මත පදනම් වීමම කුඩා කලදීම දරුවන් තරඟකාරීත්වයට යොමු කිරීමේ ලක්ෂණ ලෙස පෙනේ. මෙය බොහෝ අවස්ථාවල දෙමව්පියන්ගේ තරඟයක් ලෙසද පෙනෙන්නට ඇත.

පාසල් පරිසරයේ පවතින තරඟකාරීත්වය වෙසෙසින් සඳහන් කිරීම අවැසි නොවේ. විශ්වවිද්‍යාල තුලද මේ ස්වාභාවයේ එතරම්ම වෙනසක් නැත යන්න මගේ අදහසයි. අර්ධවර්ෂ ක්‍රමයත් සමඟම නිදහස් චින්තකයෝ තරඟකරුවන් වී ඇත.

" තරඟකාරී ලෝකයේ හැමදේම තරඟයක් තමයි ". ඒත් ඒ තුල මිනිසා යාන්ත්‍රීකරණය වීම අත්‍යවශ්‍යයද ?

අද දහම්පාසල් පංති වලද අප දකින සිසුන් බහුතරය බොහොවිට ක්‍රියාශීලී නොමැති වන අතර පෞරුෂය, නිර්මාණශීලීත්වය, ආත්ම අභිමානය, සමාජශීලීත්වය, ප්‍රයෝගීකත්වය කෙමෙන් දරුවන් කෙරෙන් ගිලිහෙමින් යන බව පෙනෙයි. එ වෙනුවට නොඉවසිලිවත්, උදාසීන දරුවන් දක්නට ලැබෙයි. 

නමුත් ඔවුන් කියන දේ කරති. ප්‍රශ්න නොඅසති. බොහෝ වැඩ කල හැක. නමුත් අලුත් දේ අත්හදා බලනු නොපෙනේ.

මාගේ උත්සාහය විවේචනයක් කිරීම නොවේ. මාගේ නිරීක්ෂණයන් දැක්වීටයි. මේ තත්ත්වය ටිකෙන් ටික වැඩිවීමක්මය පෙනෙන්නේ.
දහම්පාසල් අධ්‍යාපන ක්‍රමවේදයද ප්‍රධාන ධාරාවේ ක්‍රමවේදයට බොහෝසෙයින් සමීපය. පැවරුම්, ක්‍රියාකාරකම් ඔස්සේ විභාග උදෙසා දරුවන් පුහුණු කරවීම සහ තරඟ සඳහා යොමු කිරීම දක්නට ලැබෙයි. 

මේ ක්‍රමවේදය පිළිබඳව විවේචන කෙසේ වුවද දහම්පාසල දරුවන්ට තවත් එක් පාසලක් වී තිබේ. තවතවත් දරුවන් විඩාවට පත් කරමින් යාන්ත්‍රීකරණයටම යොමු කරවයි.

සතියේ දින 5 ම පාසල් සහ පන්ති යන, සෙනසුරාදාටත් පන්ති යන දරුවන් ඉරිදාත් තවත් පාසලකටම යති.

සමාජය සහ දෙමව්පියන් දහම්පාසලකින් බලාපොරොත්තුවිය යුත්තේ මෙයද ?

ඦායාරූපය : http://www.cedefop.europa.eu/en/news-and-press/news/data-analysis-and-reports-education-and-training-monitor-2014

No comments:

Post a Comment

You May Also Like

  • නැකත
    ’’මහණෙනි, යම් සත්ත්‍ව කෙනෙක් පෙරවරු කාලයෙහි කයින් සුචරිතයෙහි හැසිරෙද්ද, වචනයෙන් සුචරිතයෙහි…
  • ජංගම දුරකතනයෙන් Hi-Fi සිංදු අහමුද?
    YAMAHA Multicast Hi Fi Music System ජංගම දුරකතනයෙන් සිංදු අහන එක අළුත් දෙයක් නෙවෙයි. අපි හැමෝම…
  • නෑම සහ එහි සෞඛ්‍ය ප්‍රයෝජන
    මේ විස්තරයද දේශීය වෛද්‍යාචාර්ය ඇල්ලියද්දේ දයාරත්න වෙදමහතාගෙන් දැනගත් තොරතුරු සහ තවත් අන්තර්ජාල…
  • පුණ්‍ය ක්‍රියා -2 (සීලය)
    දස පුණ්‍ය ක්‍රියා පිළිබඳ ළිපි මාලාවේ පළමු ළිපිය මෙතනින්. මේ ළිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු…
  • නොමිලේ ඉංජිනියරින් ඉගෙන ගනිමුද?
    ඉන්දියාව තාක්ෂණය අතින් කෙතරම් ඉදිරියෙන් සිටින්නේදැයි අමුතුවෙන් කිව යුතු නොවේ. අපේ අසල්වාසියා…
  • ඉන්ධන කෝෂ විද්‍යුත් රථ (හයිබ්‍රිඩ් කාර්, විද්‍යුත් කාර් සහ ඉන්පසු...)
     කාල් බෙන්ස් විසින් 1886 ප්‍රථම අභ්‍යන්තර දහන එන්ජින් ( Internal Combustion Engine) සහිත…
  • දිලිසෙන දේවල් එකතු කිරීම.
    පොල්කිච්චන් සහ කවුඩු පනික්කියන් යනු දිලිසෙන දේවල් එකතු කිරීමට ඉතාම කැමති කුරුල්ලන් දෙදෙනෙකි.…
  • දහම්පාසල්  අධ්‍යාපනයේ ගුරුවරයාගේ භූමිකාව
    ගුරුවරයෙකු ප්‍රධාන වශයෙන් දක්ෂතා 2 කින් සමන්විය යුතුය යන්න මගේ හැඟීමයි. 1. තමන් උගන්වන විෂය…
  • කාලය
    නිතර සාකච්ඡාවට භාජනය වන කාලය වැනි මාතෘකාවක කිසිම නැවුම් බවක් නැහැ තමයි. ඒත් කාලය ගැන බුදු දහමෙන්…
  • නුදුරේදීම මහාමාර්ගයට එකවන රියදුරන් රහිත රථ
    ගූගල් ආයතනය (Google Inc) 2009 වසරේ ආරම්භ කළ රියදුරෙක් නොමැතිව නො එසේනම් තනියම ගමන්කල හැකි වාහනයක්…
  • කාලි
    කාලි යන නම ඇසූ පමණින්ම සිහියට නැගෙන කාලි දෙවඟන සහ කලියුගය පිළිබඳව බොහෝ දෙනා දන්නා බැවින් මේ…
  • ගීතය සහ සංගීතය
    සංගීත විෂය පිළිබඳ ගැඹුරු අවබෝධයක් හෝ දැනුමක් නොමැති සාමාන්‍ය රසිකයන් වන අප හට ගීතය, සංගීතයට වඩා…
  • නවතම  ජංගම දුරකතන තිර අඟුළු ( screen lock ) ක්‍රමය
    ජංගම දුරකතන ගැන කිවුවම තිර අඟුළු ( screen lock ) කියන්නෙ බොහෝ දෙනා දන්නා කරුණක්. විවිධ අඟුළු…
  • වැසි සළු පූජාව
    කඨින චීවර පූජාව නමින් කවුරුත් දන්නා  වැසි සළු පූජාව අතීත ශ්‍රී ලංකාවේ සිදුකරන ලද අයුරු…
  • පොල් සහ අපේ ආහාර රටාව
    මේ මාතෘකාව අලුත් දෙයක් නෙවෙයි තමයි.මේ කියන්ඩ යන කරුණුත් අලුත් දේවල් නෙවෙයි.ඒත් මේ පාරම්පරික…

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...