Monday, August 8, 2016

නොමිලේ ඉංජිනියරින් ඉගෙන ගනිමුද?


ඉන්දියාව තාක්ෂණය අතින් කෙතරම් ඉදිරියෙන් සිටින්නේදැයි අමුතුවෙන් කිව යුතු නොවේ. අපේ අසල්වාසියා වන ඉන්දියාව ලබා ගත් මේ දියුණුවට විවිධ හේතු ඇතත්, ඒවා ගැන කතා කිරීම දේශපාලන සාකච්ඡාවක් වන බැවින්, ඊට වඩා වැදගත් කරුණක් ඉදිරිපත් කරන්නට අදහස් කිරීම වටී.

තාක්ෂණයෙන් බලගන්වනලද ඉගෙනීම - ජාතික වැඩසටහන. (NPTEL- National Program of Technology Enhanced Learning) යනු මෙලෙස නොමිලේ ඉංජිනියරින් ඉගෙනගැනීම සඳහා වන ඉන්දියානු ජාතික වැඩසටහනයි. එය ඉන්දියානු තාක්ෂණික ආයතන 7ක් එක්ව ක්‍රියාත්මක කරනු ලබන අන්තර්ජාලය පදනම් කරගත් අධ්‍යාපන සංවර්ධන වැඩසටහනකි. ඉන්දියානු මානව සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ (MHRD) (ලංකාවෙ මා දන්න තරමින් මෙවැනි අමාත්‍යංශයක් තබා රාජ්‍ය ආයතනයක්වත් නොමැත) මුදල් වැය කරමින්, ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ තාක්ෂණික ආයතන (IIT) 7ක් වන බොම්බය, දිල්ලි, ගුවහටි, ඛාන්පූර්, ඛරග්පූර්, මදුරාසි හා රූර්කී සහ බැන්ගලොර් විද්‍යා ආයතනය එක්ව, තාක්ෂණික දැනුම අන්තර්ජාලය හරහා ලොකයේ ඕනෑම කෙනෙකුට නොමිලේම ලබා දීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.


වීඩියෝ, MP3 සහ PDF යන මධ්‍ය වලින් භාගත කර ලබාගත හැකි,එම ආයතනයන් තුල උපාධි මට්ටමින් පවත්වන දේශණ සහ විස්තර ලිපිගොනු ඇතුලත් මෙම වැඩසටහන බොහෝ ජනප්‍රිය වුවද ඉංජිනේරු ක්ෂේත්‍රය තුල වන බොහෝ දෙනෙකුගෙ ප්‍රයෝජනය පිණිස වෙතැයි අදහසින් මෙලෙස ඒ පිළිබඳව සටහන් කරමි.
 ඉංජිනේරු ක්ෂේත්‍රයට අදාලව පුළුල්ව විහිදුණු පරාසයක පැතිරුනු ප්‍රධාන පාඨමාලා 21ක විෂයන් ගණනාවක් වෙනුවෙන් පවත්වන සම්පූර්ණ දේශණ 20ත් 45ත් අතර ගණනක් ඇතුලත් දේශණ මාලාවන් මෙහි ඇතුලත් කර ඇත.
 වෙබ් පිටුවේ සඳහන් පරිදි එම පාඨමාලා මෙසේය. සමහර පාඨමාලාවන්ගේ සිංහල නම් නොදන්නා බැවින් සහ එය අනවශ්‍ය යැයි හැඟෙන බැවින් මෙලෙස Copy / Paste ලෙසම සටහන් කරමි.

Basic courses
Aerospace Engineering
Civil Engineering
Computer Science and Engineering
Electrical Engineering
Electronics and Communication Engineering
Environmental Engineering
Chemical Engineering
Mechanical Engineering
Mining Engineering
Ocean Engineering
Textile Engineering
Engineering Design
Physics
General
Humanities and Social Science
Metallurgy and Material Science
Chemistry and Biochemistry
Atmospheric Science
Mathematics
Management


කිසියම් විෂයකට අදාලව ඉංග්‍රීසි මධ්‍යයෙන් වන සම්පුර්ණ දේශණ මාලවම ඉංග්‍රීසි උපසිරැසි සහිතවම (උපසිරැසි වෙනම භාගත කරගත යුතුය)ඇතුලත් කර සකස් කර තිබීම නිසා අනෙක් බොහෝ වීඩියෝ දේශණ මාලාවන්ට වඩා මෙම වැඩසටහන විශේෂත්වයක් ගෙනෙයි.

 එබැවින් දැනුම පිපාසය ඇති ඕනෑම අයෙකුට මෙය උල්පතක් වන්නා සේම අවශ්‍යනම් වෙබ් අඩවියේ Online Courses හරහා ලියාපදිංචි වී සහතික පත්‍රයක් වුවද ලබාගත හැක.

 Links.

 YOUTUBE
 වැඩසටහනේ වෙබ් අඩවිය

No comments:

Post a Comment

You May Also Like

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...