Sunday, August 14, 2016

වර්ථමාන වෙළඳ සමාජය සහ ආහාර

ඕනෑම සමාජයක ඊටම ආවේණික වූ මූලික අවශ්‍යතා ඇත.නමුත් ආහාර,නිවාස සහ ඖෂධ ඒ අතරින් ප්‍රධානය.අතීතයේ සිට පැවති සෑම සමාජ ක්‍රමයකම පුද්ගලයන්ගේ මෙම මූලික අවශ්‍යතා ලබාගැනීමේ හැකියාව අනුව සමාජ, පුද්ගල වර්ගීකරණයද සිදුවුනි. සමාජ ක්‍රමය තුල මෙම මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ ක්‍රමවේදය අනුවම සමාජ ක්‍රමයද වර්ගීකරණය විය.

මෙම මූලික අවශ්‍යතාවයන්වෙළඳ ක්‍රමවේදයක් තුලින් තීරණය කරන ක්‍රමය වෙළඳ සමාජයක් ලෙස හඳුන්වනු ලබයි.වර්ථමාන සමාජ ක්‍රමය පැහැදිලිවම වෙළඳ සමාජයක් ලෙස අර්ථදැක්විය හැකි ස්වාභාවයක් පෙනී යයි. සියළු මූලික අවශ්‍යතාවයන් වෙළඳපොල මත තීරණය වන බැවිනි.වර්ථමාන සමාජ වටපිටාව දෙස බැලීමේදී පෙනීයන මූලික කරුණක් වනුයේ වෙළඳපොල මගින් මූලික මිනිස් අවශ්‍යතා මත කරනු ලබන බලපෑමයි.



ප්‍රධාන මෙන්ම අතුරු ආහාරද පාලනය කිරීම සම්පූර්ණයෙන්ම වෙළඳ අධිකාරිය සතු වන අතර සමාජයේ බහුතර ජන කණ්ඩායම මත ඔවුන්ගේ බලපෑම අතිමහත්ය.ඉතාම කුඩා,මූලික ආහාරයක් පවා සකස්කර ගැනීමට වෙළඳසැලේ පිහිට පැතීමට සිදුවෙන මට්ටමට මෙම බලපෑම මුල්බැසගෙන ඇත.පෙර සමාජය තුල පැවති ස්වයංපෝෂිත ආහාර රටාවට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ස්වාභාවයකි මෙය.
පෙර පැවති නිදහස් ආහාර රටාව තුල මිලදී ගැනීමට සිදුවූයේ ඉතාම සුළු ද්‍රව්‍ය කීපයක් වන අතර වර්ථමානයට වඩා විසිරී පැතිරුණු ආහාර විවිධත්වයක්ද පැවතිනි.අද වන විට වෙළඳ ක්‍රමය තුලින් සීමා කරන ලද ආහාර කීපයකට සමාජය සීමා වී ඇති අතරම ඉතිරි හිඩැස පිරවීම සඳහා වෙළෙන්දන් විසින්ම පාලනය කරන විදේශීය, ආනයනික සහ ක්ෂණික ආහාර වර්ග හඳුන්වා දී ඇත.ඒවා මිලදී ගැනීමට අවශ්‍ය මුදල වෙනුවෙන් සමාජය තම කාලය,ශ්‍රමය කැප කරමින් රැකියාව මතම යැපෙන ස්වාභාවයකට පත්ව ඇත.

සෞඛ්‍ය ගැන සැලකීමේදීද එම තත්වය එසේමය.පෙර සමාජයේ පැවති සාමන්‍ය දැනුම මේ වන විට ගිලිහී ගොසිනි.නිරෝගී දිවිපැවත්ම සම්බන්ධ සමාජය තුල පැවති දැනුම ගිලිහී ගොස් වෙළඳ ආහාර රටාවෙන් විනාශ කරන සෞඛ්‍ය පවත්වාගැනීම උදෙසා ඖෂධ වෙළඳාම මත යැපෙන සමාජයක් බිහිකරගෙන ඇත.ඖෂධ මත යැපීම කෙතරම්ද යත් ඉතාම සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව පවා ගෘහස්ත වෙද කමෙන් සහ හෙද කමෙන් මිදී,මිලදීගත් කෘතිම ඖෂධ මත යැපෙන තත්වයක් ඇති කර ඇත.

මෙම කරුණු සැලකීමේදී පෙනීයන දෙය නම් මුලින් ස්වභාවිකත්වය මත යැපුනු ආහාර රටාව විනාශ කිරීමෙන් අනතුරුව පැතිරෙන සෞඛ්‍ය ප්‍රශ්ණය වෙනුවෙන් ඖෂධ ආදේශ වූ බවයි.එයද ස්වභාවික දේශීය ඖෂධ රටාවට ගර්හා කරමින් එම රටාවද විනාශ කරමිනි.

Image from with Thanks:http://ablifestylefitness.com/how-much-food-do-i-really-need-to-lose-weight/

No comments:

Post a Comment

You May Also Like

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...