IEEE Spectrum සඟරවේ Philip E Ross ට අනුව මේ දින වල ගූගල් සමාගම ව්‍යාපාරික සැලසුමක් සකසමින් සිටින බවයි.
මින් අදහස් වන්නේ අවුරුදු 7කට අධික කාලයක් පුරා සැතපුම් මිලියන 2ක් එනම් 3,218,690 km පමණ ධාවන දුරක් ප්‍රසිද්ධ මහාමාර්ග වල සහ අමෙරිකාවේ කාර්යබහුල නගර වල පරීක්ෂණ ධාවනයන්ගේ යෙදවීමෙන් පසු ඔවුන් තම නිෂ්පාදනය වාණිජ මට්ටමට ගෙන ඇති බවයි.
Lexus RX450h |
2009 වර්ශයේ ආරම්හ වූ මෙම ව්‍යාපෘතිය තම ප්‍රථම රියදුරන් රහිත වාහනය ක්ශේත්‍ර පරීක්ෂාවට ලක් කරන්නේ 2012 වර්ෂයේදීය. ඒ තදබදය අඩු නිදහස් මාවත් (Freeways) වලදීය. ඒ එකල සාමාන්‍ය භාවිතයේ තිබූ (Lexus RX450h) ලෙක්සස් SUV වර්ගයේ මෝටර් රථය වැඩිදියුණු කිරීමෙනි. එම වසරේ අගදී ඔවුන් වැඩි තදබදයක් සහිත නගර වල පරීක්ෂා කිරීම් ඇරඹූ අතර, එය එකල මාධ්‍ය ඉතාම කථාබහට ලක් වූ මාතෘකාවක් විය.
2014 වසරේදී මෙම රියදුරන් රහිත රථය සඳහා ඔවුන්ගේම මූලාකෘතියක් නිපදවා පරීක්ෂා කිරීම් ඇරඹූ පසු මේ වන විට එහි ප්‍රසිද්ධ මාවත් වල පරීක්ෂණයන් 2015 වසරේ ආරම්භ කලේය.
2016 වසර අග භාගය වන විට ඔවුන් තවත් පරීක්ෂණයන් සහ රියදුරන් රහිත ධාවනයේ සැතපුම් මිලියන 2 සම්පූර්ණ කිරීමත් සමඟම මේ වසරේ දෙසැම්බර් මස සිට මෙම ව්‍යාපෘතිය වේමෝ ( Waymo) ලෙස නම් කළ අතර මෙම රථයන් වාණිජ වශයෙන් නිෂ්පාදනය කිරීමේ පියවරට මුලපුරමින් සිටී.
එනම් මෙහි අර්ථය නුදුරේදීම මෙම රියදුරන් රහිත රථ මහාමාර්ගයට එකවන බවයි.
Images From with Thanks:
http://www.seattletimes.com/business/technology/google-is-testing-its-self-driving-car-in-kirkland/
http://phys.org/news/2016-12-google-self-driving-car-waymo.html
http://www.honestjohn.co.uk/carbycar/lexus/rx450h-2009/