මෙරට අධ්‍යපනය පිලිබඳ සාකච්ඡා බොහොමයකි. විවිධ සංනිවේදන මාධ්‍ය හරහා විවිධ විද්වතුන් නොයෙක් අයුරින් සාකච්ඡා කර ඇති සහ කරනු ලබන වටපිටාවක ඒ පිලිබඳ විද්වතකු නොවන මගේ විචාර මේ ලිපියෙන් ඉදිරිපත් කිරීමට අදහස් නොකරමි. නමුත් එතරම් අවධානයක් යොමු නොවන දහම් පාසල් අධ්‍යාපනය පිළිබඳව අදහස් දැක්වීම කාලය අපතේ හැරීමක් ලෙස නොසලකමි.
මෙකල ප්‍රධාන ධාරාවේ අධ්‍යපනය තරඟකරී මට්ටමේ උපරිමයේ පවතින බව මගේ පෞද්ගලික හැඟීමයි. පූර්ව ළමා සංවර්ධනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යපනය දක්වාම අතිශයින්ම තරඟකාරීය.
පෙර පාසල් තුළින්ම මෙම ස්වභාවය ආරම්භ වෙයි. හොඳම පෙර පාසලට තම දරුවා යැවීමට දෙමාපියන් යුහුසුලු වීම වරදක් සේ නොපෙනුනද හොඳම ඉංග්‍රීසි උගන්වන, නොඑසේනම් වැඩිම පැවරුම් හෝ ක්‍රියාකාරකම් දෙන, ප්‍රසිද්ධ නාමයක් ඇති ආදී නිර්නායක මත පදනම් වීමම කුඩා කලදීම දරුවන් තරඟකාරීත්වයට යොමු කිරීමේ ලක්ෂණ ලෙස පෙනේ. මෙය බොහෝ අවස්ථාවල දෙමව්පියන්ගේ තරඟයක් ලෙසද පෙනෙන්නට ඇත.
පාසල් පරිසරයේ පවතින තරඟකාරීත්වය වෙසෙසින් සඳහන් කිරීම අවැසි නොවේ. විශ්වවිද්‍යාල තුලද මේ ස්වාභාවයේ එතරම්ම වෙනසක් නැත යන්න මගේ අදහසයි. අර්ධවර්ෂ ක්‍රමයත් සමඟම නිදහස් චින්තකයෝ තරඟකරුවන් වී ඇත.
" තරඟකාරී ලෝකයේ හැමදේම තරඟයක් තමයි ". ඒත් ඒ තුල මිනිසා යාන්ත්‍රීකරණය වීම අත්‍යවශ්‍යයද ?
අද දහම්පාසල් පංති වලද අප දකින සිසුන් බහුතරය බොහොවිට ක්‍රියාශීලී නොමැති වන අතර පෞරුෂය, නිර්මාණශීලීත්වය, ආත්ම අභිමානය, සමාජශීලීත්වය, ප්‍රයෝගීකත්වය කෙමෙන් දරුවන් කෙරෙන් ගිලිහෙමින් යන බව පෙනෙයි. එ වෙනුවට නොඉවසිලිවත්, උදාසීන දරුවන් දක්නට ලැබෙයි.
නමුත් ඔවුන් කියන දේ කරති. ප්‍රශ්න නොඅසති. බොහෝ වැඩ කල හැක. නමුත් අලුත් දේ අත්හදා බලනු නොපෙනේ.
මාගේ උත්සාහය විවේචනයක් කිරීම නොවේ. මාගේ නිරීක්ෂණයන් දැක්වීටයි. මේ තත්ත්වය ටිකෙන් ටික වැඩිවීමක්මය පෙනෙන්නේ.
දහම්පාසල් අධ්‍යාපන ක්‍රමවේදයද ප්‍රධාන ධාරාවේ ක්‍රමවේදයට බොහෝසෙයින් සමීපය. පැවරුම්, ක්‍රියාකාරකම් ඔස්සේ විභාග උදෙසා දරුවන් පුහුණු කරවීම සහ තරඟ සඳහා යොමු කිරීම දක්නට ලැබෙයි.
මේ ක්‍රමවේදය පිළිබඳව විවේචන කෙසේ වුවද දහම්පාසල දරුවන්ට තවත් එක් පාසලක් වී තිබේ. තවතවත් දරුවන් විඩාවට පත් කරමින් යාන්ත්‍රීකරණයටම යොමු කරවයි.
සතියේ දින 5 ම පාසල් සහ පන්ති යන, සෙනසුරාදාටත් පන්ති යන දරුවන් ඉරිදාත් තවත් පාසලකටම යති.
සමාජය සහ දෙමව්පියන් දහම්පාසලකින් බලාපොරොත්තුවිය යුත්තේ මෙයද ?
ඦායාරූපය : http://www.cedefop.europa.eu/en/news-and-press/news/data-analysis-and-reports-education-and-training-monitor-2014